Author: LANKA24X7

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය. “මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රි ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණියා. මෙම එකඟතාව IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය…

Read More

සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණට ලක් කළේය. එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමකගේ විශේෂ අධීක්ෂණයෙන් දින 5ක් ක්‍රියාත්මක මෙම විශේෂ පුහුණු වැඩසටහන පදනම් ආයතනයේ දී පැවැත්වේ. මෙම පුහුණු වැඩසටහන් මාලාව මෙවර පවත්වනුයේ සිව්වන වරටයි. මේ වෙනුවෙන් මහාචාර්ය විල් බ්‍රෝටන් මහතා සහ එම පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමට මෙරටින් කිසිදු ගෙවීමක් හෝ මූල්‍ය දායකත්වයක් ලබා නොගන්නා අතර ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එම විද්වත් කණ්ඩායම විසින්…

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි. බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්ය. එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසීය. බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ. අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම නැවත අනුරාධපුර දෙසට ප්‍රධාන මාර්ගයෙන් යූ ටර්න් එකක් ගැනීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි. මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read More

ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා දී හෙරොයින් පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි. වෙනත් වැටලිමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්තශාලාව අසළ රැදි සිටි තරුණයන් දෙදෙනකු පිලිබද සැක සිති ඔවුන් රැදී සිටි ස්ථානය පරික්ෂා කිරිමෙදි ප්‍රධාන මාර්ගය අසළ තෘණ බිමක සගවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයා ගැනීමට පොලිස් නිළධාරින් සමත් විය.

Read More

මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනක් පමණ ඉතිරිව තිබෙන්නේ යැයි කියන කථාව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බවත් ආර්ථික විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවිය නොහැකි බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (13) පැවසීය. හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසදුම්’ කෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නුගේගොඩදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. මෙරට ප්‍රධාන ජාතික ගැටලු දෙකක් ඇති අතර ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම හෙවත් ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය එහිදී ප්‍රධාන ගැටලුව බවත් 1950, 51 සහ 1977 අවුරුදු තුන හැරුණාම අබුදය ඇතිවන තෙක් සහ වර්තමානයේ ද ආණ්ඩුව එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන…

Read More

ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් ඊයේ පැවසීය. දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදුු කෙරිණි. විරුවන් වෙනුවෙන්…

Read More

ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. මුළු සභික සංඛ්‍යාව 18 ක් වන නාඋල ප්‍රාදේශිය සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය විසින් හිමිකරගන්නා ලදි. සභිත ධුර 09ක් පාලක පක්ෂයටත් සභික ධුර 09 ක් විපක්ෂයටත් හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ අද (13) පැවැති මහ සභා රැස්වීම සදහා විපක්ෂය නියෝජනය කරමින් සභිකයන් නව දෙනෙකු සහභාගී වී සිටි අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අද පැමිණ සිටියේ සභිකයන් හත් දෙනකු පමණි.

Read More

ප්‍රතිගාමීන්ට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 36 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් ඊයේ (13)පැවසීය. විරුද්ධ පක්ෂ දේශපාලනයට එරෙහිව ආණ්ඩු බලය පාවිච්චි කරන්නේ නැති බව කී ජනාධිපතිවරයා නමුත් ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලය එළඹෙන වසරේදී පෙළ ගස්වන බව කීය. “අපේ ඔලුවට ඔටුන්නක් වැටුනේ කුණු කානුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යැයිද ජනාධිපතිවරයා කීය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින්…

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ඉල්මහ විරු සමරු සමරු කතාව අවසානයේ අලුත් කවියක් ගායනා කළේය. ටිල්වින් සිල්වා මහතා සාමාන්‍යයෙන් පක්ෂයේ මැයි දිනය,ඉල්මහ විරු සමරුව ආදී සුවිශේෂී රැලි වලදී කවියකින් තම දෙසුම අවසන් කරන්නේය. කොළඹ විහාර මහා දේවී එළිමහල් රංග පීඨයේ පැවති ඉල්මහ විරු සමරුවේ දෙසුම ටිල්වින් සිල්වා මහතා අවසන් කළේ මෙසේය. විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා රතු මල් පිපේවා මිහි කත දෙරණ පුරා ලෙල දෙන රතු ධජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නව ලොවක් කරා මෙම කවිය සගයන් එකල අඳුරු පැයේ බිත්තියක ලියා තිබූවක් බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More