Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙකු සහ ඔහුගේ සහායකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, ගුරුදෙණිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31,33 සහ 38 වියැති පුද්ගලයන් තිදෙනෙකු බව පොලීසිය පැවසීය. දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා මහතා ඇතුළු නිලධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ…
ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ අස්ගිරිය ප්‍රදේශයෙන් අත්තනගලු ඔයට පැන තරුණියක් සියදිවි හානි කරගෙන තිබේ. පොලීසිය පැවසුවේ අත්තනගලු ඔයේ පාලමෙන් පැන අදාළ තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය. මියගොස් ඇත්තේ 21 හැවිරිදි දොරණගොඩ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය. අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර සෙවීමේ මෙහෙයුම් පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් සිදුකරන බව පොලීසිය පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී විම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අමෙරිකාවට ළඟා විය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට ද සහභාගී වීමට නියමිත බවය. මේ අතර…
ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට ( බී115) මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගාල්ල – දෙනියාය – මාදම්පේ මාර්ගයේ රක්වාන – සූරියකන්ද මාර්ග කොටස වැඩි දියුණු කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබේ. එම ණය මුදලේ රුපියල් මිලියන 1,000ක පමණ ඉතිරියක් පවතින අතර, එම මුදල සහ රජයේ අරමුදල් භාවිත කර දැනට අබලන්ව පවතින ඇඹිලිපිටිය – පනාමුර – බුළුතොට මාර්ගයේ (බී115 ) කොළොන්න සිට සූරියකන්ද දක්වා වන කිලෝමීටර 9.62 ක් පමණ වන මාර්ග කොටස වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇත. එම මාර්ග කොටස…
ප්‍රසිද්ධ රැස්වීම් වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාට අවවාද කර ඇත. එවැනි ප්‍රකාශ වලින් පක්ෂයට අනර්ථයක් සිදුවන බව පවසමින් මහ ලේකම්වරයා මෙසේ අවවාද කර ඇති බව දැනගන්නට ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කිලෝමීටර් 19ක මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝ මීටර 0 සිට කිලෝමීටර 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටස දෙවන පැකේජය…
රජය විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “මේ දින වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් තියෙනවා.පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය 12කට කඩන වැඩ කටයුත්තක් අරඹා තිබුණා.අප එය නතර කොට සම්පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගම් පහක් සහිත පනතක් ඉදිරිපත් කළා.විදුලි බල සේවකයන්ගේ ඉල්ලීම් 21න් බහුතරයක් අපේ පනත තුළින්ම සම්මත වී තිබෙනවා. නමුත් කිසිදාක ඉටු කළ නොහැකි ඉල්ලීම් ද තිබෙනවා. විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් රජය පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
විශ්ව විද්‍යාල වල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශ්ව විද්‍යාල වලට අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදිකිරීම් සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, රුහුණ, රජරට, සබරගමුව, වයඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලවල සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයෙහි ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘති කිහිපයක් එකී ව්‍යාපෘති අනුමතව පැවති කාල සීමාවන් තුළ මුහුණ දීමට සිදු වූ විවිධ බාධක හේතුවෙන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට නොහැකිව පවතී. නව ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, අධ්‍යයන පහසුකම් වැඩි දියුණු කිරීමටත්, 75%කට වඩා වැඩ අවසන් කර ඇති එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුව ඇත. ඒ අනුව,…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (23)සිදුවිය. මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දූෂණය පිටුදැකීමට අරගල කරන වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙල තම රට අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයටත්, සංස්කෘතික කටයුතු පුනරුදයටත්, තිරසර සංචාරක කර්මාන්තය සඳහාත් දායකත්වය ලබාදිය හැකි බවද මහ කොමසාරිස්වරයා කීය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතා සමීපව ක්‍රියාකරන බවයි.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට, ජීවනෝපායන්ට සහ වෙරළබඩ ප්‍රජාවට දැඩි හානියක් සිදු කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා වූ වැදගත් පියවරක් බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. පර්ල් නෞකාවේ මෙහෙයුම් බාර එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කරමින් ලබාදුන් තීන්දුව පාරිසරික යුක්තියට සන්ධිස්ථානයක් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය පැවැසුවේය. එය පරිසරය දූෂණය කරනු ලැබූ තැනැත්තාට වගකීම ලබාදෙන බවත් එය අපගේ සාගර යථා තත්ත්වයට පත් කිරීමට, පරිසර දූෂණය වැළැක්වීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට වන්දි ගෙවීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන බවත් එක්සත් ජාතීන්ගේ මෙරට…
