Author: LANKA24X7

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් තිබේ. අද (10) අලුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා මෙලෙස පොලිසිය විසින් සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබේ. එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිගේ ජීප් රථයට මේ බව දැනුම් දී ඇත. ඒ අනුව ජීප් රථය එම වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සාහ කර ඇත.…

Read More

ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ඒ අනුව මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇත. මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති අතර එම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානු රජය සිය තීරණය වෙනස් කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර ඊයේ (09) සිදුවූ දුරකතන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.

Read More

දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇත. මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් 6ක් ආශ්‍රිතව එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වාර්තාවන පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙන්වා දෙන වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ, එම රෝගීන් පසු රෝගී අවධින්…

Read More

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) දහවල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසින් ඉන්දීය දූත පිරිස පිළිගනු ලැබීය. ඒ අනුව, එම දූත පිරිස විසින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරි 11 වන දින නැවත ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ…

Read More

නිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නමුත් රෝගය ජාත්‍යන්තරව පැතිරීමේ අවදානම අඩු බව සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එම රෝගියා බංග්ලාදේශයේ රාජ්ෂා ප්‍රදේශයේ නාඕගොන් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වේ. පසුගිය ජනවාරි 21 වනදා පළමුවෙන්ම ඇයට උණ සහ ස්නායු රෝග ලක්ෂණ ඇති වූ බව පැවසේ. ජනවාරි 28 වන දින ඇය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණවලදී උගුරේ තුවාල ඇති බව සොයාගෙන ඇත. පසුව සිදුකළ රුධිර සහ අනෙකුත් රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ ඇයට නීපා වෛරස් ආසාදනය වී ඇති බවය. ඇයට මෑත කාලීන සංචාරක…

Read More

නොසලකා හරින නිවර්තන රෝගයක් ලෙස සැලෙකෙන Snail Fever (ෂ්ස්ටොසොම්යැසිස්) රෝගය පතුරුවන පරපෝෂිතයන් වර්ථමානය වන ව්ට වඩාත් ප්‍රබල ලෙස පරිමාණ වෙම්න් පවතින බව ව්ද්‍යාඥයින් අනාවරණය කරයි මෙම පරපෝෂිතයන් සම හරහා ශාරීරයට ඇතුළු ව් රුධිරය සැගව සිට්ම්න් අක්මාව පෙණහලු හරහා ව්ශේෂයෙන්ම ලිංගික අවයව තුළ බ්‍ත්තර තැම්පත් කරයි වසර ගණනාවක් පුරා සිරුර තුල හඳුනාගත නොහැකිව පැවතිය හැකි මෙම රෝගය අප්‍රිකානු කලාපයට අමතරව චිනය වෙනිසියුලාව ඉන්දුනීසියාව ඇතුළු රටවල් 78කින් දැනටමත් වර්තා ව් ඇත පර්‍යේෂන වලට අනුව මානව සත්ව පරපෝෂිතයන් එකිනෙකා සමග සම්බන්ධ ව්මෙන් අතිශයින් භයානක දෙමුහුන් ප්‍රභේද බ්හිවෙම්න් පවති මෙම නව ව්කෘර්ති ප්‍රභේධ වත්මන් වෛද්‍ය පරික්ෂන මගින් හඳුනා ගැනිම අසිරු ව් ඇති අතර ඒවායෙ…

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුකරන පාසල් ප්‍රතිසංවිධාන‍ ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති ගැටලු අවම කරමින් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට “සිසු සැරිය” පාසල් ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව යොදවා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇත. පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ⁣ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වූ බව සඳහන් වේ. පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර ඊට අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වන…

Read More

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8දෙනෙකු අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් 6දෙනෙකු බේරාගෙන ඇති අතර සුන්බුන්වලට සිරවී ඇති තවත් පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බව ද සඳහන් වේ.

Read More

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More