Author: LANKA24X7

තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ. අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම නැවත අනුරාධපුර දෙසට ප්‍රධාන මාර්ගයෙන් යූ ටර්න් එකක් ගැනීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි. මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read More

ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා දී හෙරොයින් පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි. වෙනත් වැටලිමකට ගොස් ආපසු හැටන් පොලිසිය වෙත පැමිණෙමින් සිටි හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය තේ කර්මාන්තශාලාව අසළ රැදි සිටි තරුණයන් දෙදෙනකු පිලිබද සැක සිති ඔවුන් රැදී සිටි ස්ථානය පරික්ෂා කිරිමෙදි ප්‍රධාන මාර්ගය අසළ තෘණ බිමක සගවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් සොයා ගැනීමට පොලිස් නිළධාරින් සමත් විය.

Read More

මහා භාණ්ඩාගාරයේ ටි්‍රලියනක් පමණ ඉතිරිව තිබෙන්නේ යැයි කියන කථාව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බවත් ආර්ථික විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවිය නොහැකි බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (13) පැවසීය. හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ‘අයිඑම්එෆ් ප්‍රකීර්ණ විසදුම්’ කෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා නුගේගොඩදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. මෙරට ප්‍රධාන ජාතික ගැටලු දෙකක් ඇති අතර ආණ්ඩුවක් එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම හෙවත් ජංගම ගිණුමේ එසේ නැත්නම් වර්තන ගිණුමේ හිඟය එහිදී ප්‍රධාන ගැටලුව බවත් 1950, 51 සහ 1977 අවුරුදු තුන හැරුණාම අබුදය ඇතිවන තෙක් සහ වර්තමානයේ ද ආණ්ඩුව එදිනදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන…

Read More

ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් ඊයේ පැවසීය. දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදුු කෙරිණි. විරුවන් වෙනුවෙන්…

Read More

ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. මුළු සභික සංඛ්‍යාව 18 ක් වන නාඋල ප්‍රාදේශිය සභාවේ පාලන බලය ජාතික ජන බලවේගය විසින් හිමිකරගන්නා ලදි. සභිත ධුර 09ක් පාලක පක්ෂයටත් සභික ධුර 09 ක් විපක්ෂයටත් හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ අද (13) පැවැති මහ සභා රැස්වීම සදහා විපක්ෂය නියෝජනය කරමින් සභිකයන් නව දෙනෙකු සහභාගී වී සිටි අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අද පැමිණ සිටියේ සභිකයන් හත් දෙනකු පමණි.

Read More

ප්‍රතිගාමීන්ට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 36 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් ඊයේ (13)පැවසීය. විරුද්ධ පක්ෂ දේශපාලනයට එරෙහිව ආණ්ඩු බලය පාවිච්චි කරන්නේ නැති බව කී ජනාධිපතිවරයා නමුත් ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලය එළඹෙන වසරේදී පෙළ ගස්වන බව කීය. “අපේ ඔලුවට ඔටුන්නක් වැටුනේ කුණු කානුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යැයිද ජනාධිපතිවරයා කීය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින්…

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ඉල්මහ විරු සමරු සමරු කතාව අවසානයේ අලුත් කවියක් ගායනා කළේය. ටිල්වින් සිල්වා මහතා සාමාන්‍යයෙන් පක්ෂයේ මැයි දිනය,ඉල්මහ විරු සමරුව ආදී සුවිශේෂී රැලි වලදී කවියකින් තම දෙසුම අවසන් කරන්නේය. කොළඹ විහාර මහා දේවී එළිමහල් රංග පීඨයේ පැවති ඉල්මහ විරු සමරුවේ දෙසුම ටිල්වින් සිල්වා මහතා අවසන් කළේ මෙසේය. විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා රතු මල් පිපේවා මිහි කත දෙරණ පුරා ලෙල දෙන රතු ධජය දැඩි කොට සුරත දරා පියවර නගමු නිවහල් නව ලොවක් කරා මෙම කවිය සගයන් එකල අඳුරු පැයේ බිත්තියක ලියා තිබූවක් බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීමේ ඡන්දය අද(14) පස්වරුවේ පැවැත්වේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද දිනයේද පැවැත්වෙනු ඇත. මේ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවති දින ගණන හයකි. අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. අයවැය තෙවැනි වර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාවේ විවාදය) හෙට (15) උදේ 9.00 ට ආරම්භ වන අතර එම විවාදය දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ. අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ( අවසන් ඡන්දය) දෙසැම්බර් 5 වැනිදා පස්වරුවේ පැවැත්වේ. මෙය රජයේ දෙවැනි අයවැයයි. එසේම ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය ලේඛනයයි.

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද(14) විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ

Read More

යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරලම මහතා නියෝග කර තිබේ. එහෙත් සැකකාර සභාපතිවරයාගේ රියදුරු වූ මොහොමුදු මුස්තාපා නමැත්තා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

Read More