Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත. එසේ නොමැති නම් http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ හැකිය.
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මීට වසර 11කට පෙර මෙම සිදුවීම වාර්තා වූ අතර, නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. පසුව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව මෙලෙස අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. වේල්ල කැඩී යෑමත් සමග පහත් බිම් යට විය. වේල්ල කැඩී යෑමෙන් මියගිය ගණන 42 ක් යැයි පැවැසෙයි. දරුණු හානි සිදුවුණු බව පැවැසෙන්නේ, මායි මහියු නමැති පළාතටය. මියගිය හතලිස් දෙදෙනාගෙන් 17 දෙනකු කුඩා දරුවන් බව රතු කුරුස සංවිධානය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. වේල්ල කැඩී යෑමත් සමග ආ මහා ජලකදට හසුවී අතුරුදන්වූවන් සෙවීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි කෙන්යා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති. ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී ඇති බව දැනගන්නට ඇත. විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙනි. මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත්…
කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29) නියෝග කළේය. බදු නොගෙවා පහර හරින ලදැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා කඩුවෙල කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ රජයට ගෙවීමට ඇති බදු ප්‍රමාණයට සමාන ඇප මත මුදා හරින ලද්දේ ඩබ්ලිව්. රොෂාන් නමැති ඝනකාධිකාරීවරයාය. 2012 හා 2015 අතර කාලය තුළදී ආදායම් බදු ,වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු ලෙස රජයට අයවිය යුතු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. සමාගම වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ බදු ගෙවීම සම්බන්ධයෙන්…
නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර ද සිල්වා හරස් පාර පදිංචිව සිටි සේපාලිකා චාන්දනී සතරසිංහ 64 යන අයයි. ඝාතනයට ලක් වූ බව කියන නීතිඥවරිය මෙම නිවසේ තනිව ගත කර ඇති අතර ඇයගේ සොයුරා කැනඩාවේ ගතකරන බව පොලිසිය සඳහන් කරයි. ඇය ඔහු සමග නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර ඉකුත් පෙබරවාරි 15 වෙනිදින අවසන් වතාවට ඔහු නොවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරකු වන මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අද 29 දහවල් කොහුවල පොලිසිය වෙත…
වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් ඊයේ (29) පස්වරුවේ හට ගෙන තිබේ. මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්‍රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය ලබා දෙමින් සිටී. සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතු බැවින් අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොව මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් ඇති කළ ව්‍යසනයක් බව කී දිසානායක මහතා ප කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේද දේශපාලන…
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යොදවන අතර අවශ්‍ය වුවහොත් යුද හමුදාව ද කැදවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවත් ඒ සදහා බස් රථ 6800 ක් පමණ කොළඹට පැමිණීමට බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කොළඹට පැමිණෙන රථවාහන හැසිරවීමට රථවාහන නිලධාරීන් 1200 ක් පමණ යෙදවීමට නියමිතය.
