Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් පහළ දැමූ බව එම සංස්ථාව සඳහන් කළේය. භූමිතෙල් මිල පෙර මිලේම තව දුරටත් පවතින බව එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 377 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල…
බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මීරිගම 34 හැවිරිදි ලාන්ස් කෝප්රල් වරයෙකි. මෙම සෙබළා තවත් සෙබළුන් දෙදෙනෙකු සමග යුද හමුදා මූලස්ථානය තුළ ආරක්ෂක කුටියක රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරී ගිනි අවියෙන් මෙසේ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වති.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමකතද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින් ගම්පොළ බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට දෙන්නට සූදානම් වූ සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය. රැස්වීමට පැමිණ සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර කළේය. ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ බව දැනගන්නට ඇත. මෙම හමුවට ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිටියහ. මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබුණි. එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය…
රුපියල් කෝටි 11කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මැලේසියා ජාතික කාන්තාවක බෙල්ලන්විල හෝටලේකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. සැකකාරිය සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 3 ගෑම් 610 පොලිස් භාරයට ගෙන ඇත. මෙය මෑත කාලයේදී මෙරටින් සොයාගත් විශාලම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය බව පොලිසිය කියයි. සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්ද දායකයන්ට තැපෑල හරහා නොමිලයේ යැවීමට පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. දැනට දේශපාලන පක්ෂ කිහිපයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වා ඇත.
මහියංගණය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඊයේ (30) රාත්‍රී වැඩමුරයේ සේවය කළ සේවිකාවන් 25 දෙනකු පමණ පිරිසක් හදිසි අසාත්මිකතාවයක් හේතුවෙන් මහියංගණය මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි. මහියංගනය ගැමුණුපුර පිහිටි ඇඟළුම් ශාලාවේ සේවය කරන සේවිකාවන් පිරිසක් මෙසේ රෝහල්ගත කර ඇති අතර මෙම අසාත්මිකතාවයට හේතුව ඔවුනට ලබාදුන් ආහාරවල ගැටලුවක් බවට සැකකෙරේ. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මේ වන වන විට තාවකාලිකව නවතා දමා ඇති අතර මහියංගණය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සහ මහියංගණය පොලිස් ස්ථානය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකුට සහ තවත් සැකකරුවෙකුට නවාතැන් හසුකම් ලබාදීම සහ පහසුකම් සැලසීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ලක්ෂ්මී සූරිගේ කරුණාසේකර මහත්මිය නියෝග කලාය.
දෙහිවල ලියනගේ පාරේ ව්‍යාපාරිකයකු ගේ නිවසට මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක පැමිණි දිනම රුපියල් ලක්ෂ 85 කට ආසන්න වටිනා රන් ආභරණ තොගයක් මෙරට සහ විදේශීය මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි. සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 39 1/4 බර රන්තැල්ලක් , මාල 7 ක් පළඳනා 2 ක් , රන්කාසි 5 ක් කරාබු ජෝඩු 7 ක් මුදු 4 ක් වලලු 8, ක් මුදල් රුපියල් 1500/= මැඩගස්කර විදේශ මුදල් 50,000 වන බව පොලිසිය කියයි. පුවත්පත් දැන්වීමක් හරහා වැඩිමල් සහෝදරිය මාර්ගයෙන් ඉකුත් 27 වෙනිදින පෙරවරු 10 පමණ එම කාන්තාව ගෙන්වාගෙන එම කාන්තාවගේ පුද්ගලික තොරතුරු කිසිවක් නොගෙන ඇයගේ දුරකථන අංකය පමණක්…
මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙක් මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව මතුගම අධිකරණයේ ආරක්ෂක රාජකාරි නියුතු සැරයන්වරයකු බව පොලිසිය කීය. සැකකාර සැරයන්වරයාව අත්අඩංගුවට ගනු ලැබූ නිළධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සදහා මේ වනවිට මතුගම පොලිසියට රැගෙන විත් සිටින බවද නිළධාරියා වැඩිදුරටත් පැවසීය . අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරු පැදියක් මුදාහැරීම සදහා සහාය වී මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
