2024 මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයක් මඟින් යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.එහිදී පිළිගත් දේශපාලන පක්ෂ ඇප තැන්පත් කළ යුතු නැත.වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තෝරා ගනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.එය 19කි.අඩුම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වන 04 දෙනෙකු තෝරා ගනු ලබන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ස්වාධීන අපේක්ෂක කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ යුතු වැඩිම මුදල වන රුපියල් 42,000 කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙනි.අඩුම මුදල වන රුපියල් 16,000 මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙනි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleරට ගොඩ නැගීමට සැවොම එක්වන්නැයි ජනපති ජාතිය අමතමින් පවසයි
Next Article මැතිසභා කමිටු 80 ක් අහෝසියි

