Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Author: LANKA24X7
දීර්ඝ කාලයක සිට පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවු රෝහල් සේවකයෙකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද (06) පෙරවරුවේ සැකකරුවන් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 2020 වසරේ සිට අදාළ සොරකම සිදුවී ඇති අතර ඔවුන් විසින් සොරකම් කර ඇති ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව 210ක් බව සඳහන්ය. සොරාගත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 25,000ත් 40,000ත් අතර මුදලකට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය අද (06) දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් ඉදිරි දින තුන තුළ පවතින වර්ෂාපතනයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවය. දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ ඇතුළු ප්‍රදේශ රැසකට මේ වනවිට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගතවූ පැය 24 තුළ මිලිමීටර 31.2 ක වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ මීගමුව ප්‍රදේශයෙනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගීවී තිබේ. එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව සිදුවී ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් ඊට එක්වී තිබේ. එය පැවැත්වුණේ තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙනි. ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද එක්වී තිබේ. මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ. එම රාජ්‍ය නායක හමුවේදී අදහස් දක්වමින් චාර්ල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයක පවතින අතර එම රටවල සාරධර්ම සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවය. මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මන්නාරම ඉස්මොක්කන්තුරෙයි තුඩුව අසලදී නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට තැත්කළ හයදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර 07 සහ 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු, 16 හැවිරිදි දැරියක්, 37 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිදිරි බෝට්ටුව හැසිරවූ පුද්ගලයා ද වන බව සඳහන් වේ. ඔහු හැර අනෙකුත් සියලුදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් බව පොලීසිය පැවසුවේය. අදාළ පුද්ගලයින් ගමන් කළ බෝට්ටුව නාවික හමුදා භාරයට ගෙන ඇති අතර රැගෙන ගිය ඉන්ධන සහ අනෙකුත් උපකරණ මන්නාරම පොලීසියට භාර දී තිබේ. සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර පැවසුවේ මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බවයි. කෙසේවෙතත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවල දී තරමක් ඉහළ මට්ටමක පවතිනවා. කෙසේවෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ කිසිදු ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නමුත් ඉදිරි වැසි සහිත තත්ත්වය නිසා ජල මට්ටම් ඉහළ ගොස් ඇති ගංඟා පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද වාර්මාර්ග දෙපාර්තමේන්තුව අවධාරනය කළා.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා. මෙය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මේ අතර ජනාධිපතිවරයා ලන්ඩනයේ දී රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ හමු වී තිබෙනවා. එහි දී දෙරට අතර කෘෂිකාර්මික, සෞඛ්‍ය සේවා යන ක්ෂේත්‍ර පිළිබඳව සහ හමුදා සහයෝගිතාවය පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එමෙන් ම ස්වභාවික විපත්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට රුවන්ඩා ජාතිකයින් පුහුණු කිරීමට ද ජනපති එකහතාවය පළ කර තිබෙනවා.
වෙසක් පොහොය දිනයේ දිඹුලාගල දලුකාන ආදිවාසී ගම්මානයේ නිවසක මුදලට සුදු ක්‍රීඩාවේ නිරතව සිටි ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මනම්පිටිය පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් දලුකාන ගම්මානයේ ම පදිංචි අවුරුදු 28ත් 45 ත් අතර වයස්වල පසුවන්නන් බවයි. දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මෙම සුදු පිටිය වැටලීමේ දී තවත් ආදිවාසී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයත් පිරිසක් පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා. රජයෙන් ලැබෙන සහල් ආධාර අලෙවි කර මෙම ආදිවාසී කාන්තාවන් සුදු ක්‍රීඩාවේ නිරතව ඇති බවයි මූලික විමර්ෂණ වල දී අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් සමග ත්‍රී රෝද රථයක් ද…
ලෝක කුසලානය ලබාගැනීමට ඉලක්ක කරන්නේ නම් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මේ මොහොතේදීම ස්ථාවර කරගත යුතු බව පාකිස්ථාන ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ප්‍රකාශ කරනවා. ඔහු සඳහන් කර ඇත්තේ පවතින කාලය සහ සීමිත තරග ප්‍රමාණය අනුව, එසේ නොමැතිවුවහොත් ලෝක කුසලාන ඉලක්කය පාකිස්ථානයට ගැටළු සහගත වනු ඇති බවයි. කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩකයන්ගේ දක්ෂතා සැළකීමේදී ආරම්භක පිතිකරුවන්ගෙන් පසු කණ්ඩායමේ ගලායාම ස්ථාවර කරගැනීමට මෙවැනි පියවරක් අත්‍යවශ්‍ය වන බවයි ඉමාම් උල් හක් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
විශ්‍රාමික පොලිස් පරික්ෂකවරයෙකු විසින් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය කුරුණෑගල මුත්තෙට්ටුගල ප්‍රදේශයේ ගණිකා නිවාසයක් කුරුණෑගල පොලිසිය විසින් වටලනු ලැබුවා. එහිදි කාන්තාවන් හයදෙනෙකු සහ එම ස්ථානය පවත්වා ගෙන ගිය තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීිමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලීසිය පවසන්නේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණුපළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.