Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී , නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් , ජපානයේ රැකියා සදහා යවන බව පවසා රුපියල් ලක්ෂ 14 ක් ලබා ගත් පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ . මොහු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි . මොහු එම ප්‍රදේශයේ තරුණයෙකු ජපානයේ රැකියා සදහා යවන බවට පවසා ඔහුගෙන් රුපියල් ලක්ෂ 14 ක මුදලක් වංචනිකව ලබා ගෙන තිබේ . මේ පිළිබඳ එම තරුණයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණ පැමිණිළි කිරීමෙන් පසු මේ පිළිබඳ අනුරාධපුර…
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පළාත් පහක පවුල් 3200 කට අයත් පුද්ගලයින් 10968 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. ඒ අනුව වයඹ පළාතේ පවුල් 609 ක පුද්ගලයින් 2213දෙනෙකු සබරගමුව පළාතේ පවුල් 17 කට අයත් පුද්ගලයින් 68 දෙනෙකු, නැගෙනහිර පළාතේ පවුල් 863 ක අයත් පුද්ගලයින් 3052 ක් උතුරු පළාතේ පවුල් 1708 කට අයත් පුද්ගලයින් 5625 ක් ඌව පළාතේ පවුල් තුනකට අයත් පුද්ගලයින් 10 ක් වශයෙන් පළාත් පහක පවුල් 3200 ක පුද්ගලයින් 10968 ක් පීඩාවට පත්ව තිබේ. ඔවුන් අතරින් අවතැන් වු පවුල් 849 කට අයත් පුද්ගලයින් 2796 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව…
ලබන වසරේ එළඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නෞකා කොට්ඨාශය පවසයි. ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවත් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරණායක ජැටිය යොදා ගන්නා බවත් එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මීටර 350 ක් දිගින් යුතු විශාල නෞකා 3ක් සඳහා එකවර මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට…
රුහුණු මහා කතරගම දේවාලට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදහන් විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවාලයේ ගබඩා බාරකරු චූටි කපුරාල රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා අද නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් සැකකාර චූටි කපුරාල තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) දහවල් ඉදිරිපත් කළේය. සැකකරුට සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙසද අධිකරණය නියෝග කෙරුණි. මෙලෙස ඇප මත මුදා හැරියේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා බාරකාර කපු මහතා ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නමැත් තෙකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි. එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව පවසන පොදුජන පෙරමුණ ඉකුත් සෙනසුරාදායින් පසු පක්ෂයේ විධායක සභාව රැස්වී නැති බව පවසයි. පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.
කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමේ සිද්ධියට අදාළව කාන්තාවක් සහ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ඇතුළු සිව්දෙනා වයස අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන රාගම සහ මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. කැලණියේ විශේෂ කාර්යාංශයට වෙත ලද තොරතුරකට අනුව මෙම පිරිස රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5200ක් ද සොයාගෙන ඇත. පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට තුවාල සිදුකර අපරාධයකට තැත් කිරීම සහ හෙරොයින් ළඟ තබා ගැනීම යන චෝදනා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වැලිසර අධිකරණය වෙත ඉදිරිපත්…
යුක්තිය මෙහෙයුමට අදාළව දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඉපැයූ මුදල්වලින් මිලදීගත් බවට සැක රථවාහන 09ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති රථවාහනවල වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න බව අනාවරණය වී ඇත.
මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණෙන් බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ පරීක්ෂා කිරීම අද අලුයම් කාලයේදී සිදුකෙරුණි. බේරුවල, පයාගල, අලුත්ගම, වැලිපැන්න යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා කටුකුරුන්ද පුහුණු කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්ව සිටියහ. අප වාර්තාකරු පැවසුවේ, මෙහිදී බේරුවලින් ධීවර කටයුතු සඳහා පිටත්වන සහ නැවත පැමිණෙන යාත්‍රා විශාල ප්‍රමාණයක් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය මඟින් දැඩි පරීක්ෂාවට ලක්කළ බවය.
ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය. මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූපගත කිරීමට විද්‍යාඥයන්ට බලය ලබා දෙන බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේය. සැබෑ සිදුවීම නැනෝ තත්පරයක් තුළ සිදු වුවත් එය තත්පර 20 දක්වා මන්දගාමී කිරීමට මෙම කැමරාවට හැකි බව පර්යේෂණ කණ්ඩායම පැවැසුවේය. දියරමය මාධ්‍යයක් තුළ උණ්ඩයක් ගමන් කරන අයුරු මෙම කැමරාව මගින් පටිගත කළහොත් එම වීඩියෝ පටය…
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට හෙට (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගතහැකි බවත් බිත්තර දෙසැම්බර් 31 දක්වා හිඟයකින් තොරව සැපයීමට හැකියාව ඇති බවත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ඊයේ (18) පැවසීය. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය. ඉන්දියාවෙන් ආනයනය කළ විත්තර ලක්‍ෂ 150 ක තොගය මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ව පරීක්‍ෂණය සමත් වූ වාහාම බිත්තර සතොසට සහ තොරාගතපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථව පැවසීය.