Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරයා හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පැවසුවේ හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ට්ටියර් (Seafrontier) ඉන්ධන නෞකාව මෙලෙස පැමිණ ඇති බවය. එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමට කටයුතු කළ බවත් සඳහන් කළ අමාත්‍යාංශය පැවසුවේ එම ඉන්ධන තොගයෙන් තවත් කොටසක් අද පස්වරුවේ කොළඹ වරය, ඩොල්පින් ජැටිය වෙත පැමිණි එමඟින් කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු වූ බවය. මෙම නෞඛව මගින් 90 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්ද, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්ද…
පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන සිකුරාදා දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමටද බලාපොරොත්තු වන බවය. “සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතනවා කියලා දැනුම්දීලා තියෙනවා. අද රාත්‍රි 7.30ට මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ පක්ෂ නායකයින් ඒ වෙලාව වෙනකොට පාර්ලිමේන්තුවේ රැඳී සිටියොත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකුත් ඇතිකරගන්න. ජනාධිපතිතුමාගේ මට්ටමින් අදහස් දක්වන්න බලාපොරොත්තු නම් ඒ සඳහාත් අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඒ අවස්ථාව ලබා දෙන්න.”
අනුරාධපුරයේ සහ මිහින්තලයේ දැවැන්ත වැටලීමක් – මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් කොටු වෙයි
අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා (Online Scams) මෙහෙයුමක් වටලා එහි නිරතව සිටි විදේශීය ජාතිකයින් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් වයස අවුරුදු 23 – 35 අතර චීන ජාතිකයින් 126 දෙනෙකු ( කාන්තාවන් 06 ඇතුලුව), මියන්මාර් ජාතික කාන්තාවන් 04 දෙනෙකු සහ තායිවාන් ජාතිකයින් 04 දෙනෙකු ලෙස හදුනාගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් පහක් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇත. එහිදී…
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය සඳහා රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙකු මියගොස් තවත් 250දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරය පකිස්ථානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කර ඇත. කෙසේ වෙතත්, පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද සඳහන් වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි. මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ විය.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය. පාසල් සහ විශ්වවිද්‍යා එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව…
වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. සේවා අවශ්‍යතාව මත නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. ” QR කෝඩ් එක දැම්මාම, භාගත කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. දවසක් දෙකක් මේ ප්‍රශ්න තියෙයි. ඒවා තිබිලා විසඳිලා යාවි. අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ පොදු චක්‍රලේඛයක් විදිහට තමයි තියෙන්නේ. සුවිශේෂී වූ රැකියා කාණ්ඩ තියෙනවා. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන තියෙනවා. ඒවාට අදාළ වෙන වෙනම වූ මඟපෙන්වීම් සහ චක්‍රලේඛයන් ඉදිරි දවස් දෙක තුන තුළ එළිදක්වයි. වෛද්‍යවරුන් කියන්නේ, සුවිශේෂී…
පවතින අර්බුදය හමුවේ ජනතාව විසින් අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. අද (16) පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ගැටලුව මෙරටට පමණක් නොව ලොව පුරා බලපා ඇති ගැටලුවක් බවය. එබැවින් හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි. අද (16) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවය. ඒ අනුව හෙට (17) දිනයේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 වසරේදී ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත්කර නැහැ.…
