Author: LANKA24X7

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන, අමෙරිකාව විසින් ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සලකාබලමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවය. අදාළ යෝජනාවෙන් ඔහු පවසා ඇත්තේ, එම තීරණයෙන් ගෝලීය ගැනුම්කරුවන්ට වැඩි තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි බවය. නැව් ගමනාගමනයට සහ නිෂ්පාදනය ක්ෂේත්‍රයට බාධා එල්ලවීමත් සමග ලොව පුරා බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ අනුව මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහි අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති බවත්, එමඟින්…

Read More

ඇමරිකාවේ පිහිටි සමාගමකට එල්ල වූ සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත්, ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට අයත් වෙබ් අඩවි 4ක් FBI ආයතනය විසින් සිය භාරයට ගෙන ඇත. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම ක්‍රියාව ඉරාන බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) විසින් මෙහෙයවන හැකර් ක්‍රියාකාරකම් සහ දේශසීමා මර්දන සැලසුම් අඩපණ කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් බවය. අත්පත් කරගත් මෙම වෙබ් අඩවි භාවිතා කරමින් මාධ්‍යවේදීන්, පාලන විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන් ඝාතනය කරන ලෙසට බලපෑම් කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.

Read More

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්. කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවත්, විදුලිය විසන්ධි වූ බොහෝ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ. උතුරු ඊශ්‍රායලයේ හයිෆා බොක්කෙහි පිහිටා ඇති බසාන් සමූහය ඊශ්‍රායලයේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානය වේ. දත්ත වාර්තාවන්ට අනුව ඊශ්‍රායලයේ පිරිපහදු මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන බසාන්, එරට ඩීසල්වලින් 60%ක් සහ පෙට්‍රල්වලින් 50%ක් නිපදවනු ලබයි. මෙම තෙල් පිරිපහදුවට දිනකට තෙල් බැරල් 197,000ක්…

Read More

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් 2,500ක දඩයක් සහා මාස 2ක අනිවාර්යය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) නියෝග කළේය. මෙලෙස අනිවාර්ය සිරදඬුවම් නියමව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොඟයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (18 ) රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ලොරි රථයේ තිබී ඉන්ධන සහිත කෑන් 4ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. ඉන්ධන තොඟයේ මුළු වටිනාකම රුපියල් 20,000ක් පමණ…

Read More

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් අද (20) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය. එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු කීය.

Read More

ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන ඉරානයේ සවුත් පාර්ස් බලශක්ති බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිලද 3% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 99.27 ක් ලෙස සටහන් වී තිබේ. මේ අතර, බලශක්ති අර්බුදය හමුවේ අද (19) උදෑසන ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් මෙලෙස පහත වැටී තිබුණි. දකුණු කොරියාව (Kospi): 3% කින් පහළට. ජපානය (Nikkei 225): 2.8% කින් පහළට. ඔස්ට්‍රේලියාව (ASX 200): 1.6% කින් පහළට.

Read More

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බව එම සංස්ථාව සඳහන් කළේය. ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී. මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින්…

Read More

හබරාදූව, හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ දියේ ගිලීමෙන් ළමයෙකු මියගොස් තිබේ. අදාළ ළමයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ප්‍රදේශවාසීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ 16 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More