2026 අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමරෙිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමරෙිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේ දී මෙය 38.8%ක අඩුවීමක් පෙන්නුම් කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 අප්‍රේල් මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643කි.
2025 අප්‍රේල් මාසයේ අමරෙිකානු ඩොලර් මිලියන 256.7ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 174,608ක පැමිණීමත් සමඟිනි.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් ලෙස වාර්තා වන අතර, එම කාලසීමාව තුළ උපයා ඇති සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,111ක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ සංචාරකයින් 896,884ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 1,379ක් සමඟ සැසඳීමේදී සංචාරක පැමිණීම් සියයට 2.3කින් පහළ ගොස් ඇති අතර, සංචාරක ඉපැයීම් සියයට 19.4කින් අඩු වී තිබේ.

