Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හෙට (25) දිනයේ ප්‍රදේශ රැසක මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල එලෙස තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අද (24) දිනයේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60ක් 65ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කල්පිටියේ…
අධික වටිනාකමකින් යුත් මැණික් ගලක් බවට අඟවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවිකිරීමට සූදානම් වු පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා ආණමඩුව නගරයේ ව්‍යාපාරීකයෙකුට එම පාශානය රුපියල් කෝටියක විකිණීමට උත්සාහ දරා තිබුණි. ඒ සම්බන්ධයෙන් සැකසිතු අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයේ පදිංචි අවුරුදු 34 හා 38 හැවිරිදි විවිධ ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකි. ව්‍යාපාරිකයාට පැමිණෙන ලෙස දන්වා තිබු ස්ථාන කිහිපයක් මඟ හරිමින් පසුව නවගත්තේගම මාර්ගයේ තෙන්නන්කුරියාව ප්‍රදේශයෙදී අදාළ මැණික් ගල පෙන්වා මුදල් පැහැර ගැනිමට සැරසිමත් සමගම ආසන්නයේ සිටි පොලිස් නිලධාරින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකිබව දැනුම් දී තිබේ.
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ. අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසුවේය. මේ අතර විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසුවේ එළැඹෙන 26 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි. කෙසේවෙතත්…
2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ස්කොට්ලන්තය අසමත් විය. ඒ ඔවුන් හංගේරියාව සමග පැවති තරගය 1ට බිංදුවක් ලෙස පරාජය වීම හේතුවෙනි. ස්කොට්ලන්තය සහ හංගේරියාව අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර හංගේරියාව වෙනුවෙන් තරගයේ 100වැනි මිනිත්තුවේදී කෙවින් සොබෝත් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් යැයි ඩැගෙස්තාන් ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරයට 10 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ ඇත. ඔවුන් කළ වෙඩි තැබීම්වලින්, නව දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. මියගිය නව දෙනාගෙන් හත් දෙනකු පොලිස් නිලධාරීන්ය. ප්‍රහාර එල්ල වූයේ ඩර්බන්ට් සහ මකාචාලා යන නගරවලටය. මෙම නගර පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝ මීටර් 120 ක දුරකිනි. ත්‍රස්තවාදීන්, යුදෙව් ආගමික මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තබා ඉන්පසු එය ගිනිබත් කළ බව ද වාර්තා වේ.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවැසීය. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරීයා කීය. නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන…
යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපොළ කඩා විනාශ කර ඇති බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි සහ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයකු බව පොලිසිය පැවැසීය. සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සදහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී සැකකාර පූසාරිවරයා පොලිස් නිලධාරීන්ට විරෝධය පළකර බැන තර්ජනය කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදී සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සදහා…
කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී. මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ තලාව, කාරියමඩිත්ත, ගොඩකදුරුවෙල කොටපොල ගෙදර පදිංචි හෙට්ටිගේ කීර්තිරත්න (44) නැමැති දෙදරු පියෙකි. පොලිසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. තිදරු පියා මැයි 31 වන දින සවස සූරියවැව ප්‍රදේශයට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවසට නුදුරුව පිහිටි දමනිය වැව අසල මාර්ගයේ රැඳී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලීමට බිරිඳ සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදක්වා…
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළු වීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. එමෙන්ම පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලදී ඇති බවට වාර්තා වන අතර එය දරුණු තත්ත්වයක් බව කොතලාවල මහත්මිය අවධාරණය කළාය. මෙරට ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩ…
