Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කොට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මේ වනවිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය. මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් පන්සිය හැත්තෑ පස් දෙනකු මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටිනවා. විදෙස් බුද්ධි අංශ මගින් අනතුරු ඇඟවීම් ලැබුණු පසුව ඒ හා සමාන සංචාරකයන් පිරිසක් නැවත සිය රට කරා ගමන් කර තිබෙනවා. ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් එසේ නැවත සිය රට බලා ගමන් කළ ද සංචාරකයන්ගේ අඩුවීමක් වී නැහැ. මේ වන විටත් ඊශ්‍රායල ජාතකයන් මෙරටට පැමිණෙනවා. මෙම අනතුරු ඇඟවීම ජනාධිපතිවරණයෙන් පසුව…
පෙර පාසල් දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ සොරාගත් යුවළක් මහියංගනය පොලිසීය අත්අඩංගුවට ගෙන තිබේ. කුඩා දියණියක් ද කැටුව මහිංගනය ප්‍රදේශයේ පෙර පාසල් සඳහා පැමිණෙන අඹුසැමි යුවළක් සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් පෙර පාසැල් දරුවන්ට ඇඳුමක් සහ පාවහන් යුගළයක් ලබාදීමට අවැසි බව පවසා එහි පාලිකාවන්ට දැනුම් දී තිබුණි. එලෙස පැමිණි ඔවුන් පෙර පාසල් පාලිකාවන් මුලාකරමින් දරුවන් රැසකගේ ගෙල බැඳ තිබූ පංචායුධ සොරාගෙන ඇත්තේ, දරුවන්ට ඇඳුම් ලබාදීමට මිනුම් ලබාගන්නා බව පවසමිනි. ඒ ආකාරයෙන් මහියංගනය සහ රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන්ගේ පංචායුධ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි. මේ පිළිබඳ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් ඇත. අද පෙරවරු 09.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවය.
එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවයි. සියලුම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි. එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි. එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි. එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත. අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.…
තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදුණු බවත්, අත් බෝම්බවලින් දමා ගසමින්, ඔවුන් කළ වෙඩි තැබීම්වලින් පස් දෙනකු මියගොස් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා තරැණයකු සහ තරුණියකි. ඔවුන් වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම ත්‍රස්ත යුවළ පැමිණ ඇත්තේ කුලී රථයකිනි. කුලී රථයේ රියදුරා ද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. මියගිය සෙසු පිරිස තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන් බව…
පෞද්ගලික ආරක්ෂාව සඳහා මිලදීගෙන ඇති තම ගිනි අවි භාරදෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා කර ඇති නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායක ‘ඇවේන්රා’ සමූහ ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ව්‍යාපාරිකයකු වන තමන්ට මැර තර්ජන ඇතැයිද රජයේ තීරණය සම්බන්ධයෙන් තමන් සහ පුත්‍රයන් දෙදෙනා ඇපෑලක් ඉදිරිපත් කළත් ඉන් පලක් නොවුණු බව පෙන්වා දෙමින් රජයේ තීරණය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන එල්ල විය හැකි බවද පවසමින් ඇවෙන්රා හෝටල් සමූහයේ අධිපති එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා ගොනු කළ පෙත්සම කැඳවු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී. අභියාචනාධිකරණ විනිසුරුවරුන්…
ජලනල උපාංග, හොංකොං දේශයට යවන බව බව පවසමින් රුපියල් කෝටි පහකට ආසන්න තඹ ටොන් 23,000 ක් නැව්ගත කිරීමට සූදානම් කර තිබියදී රේගු නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය. අපනයන පහසුකම් පර්යන්තයේ දී මෙම තඹ තොගය සහිත කන්ටේනරය රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් තඹ තොග උණුකර කුට්ටි බවට සකසා කන්ටේනර් පිටින් කලක පටන් අපනයනය කර ඇති බව රේගු නිලධාරීන් කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් තඹ තොගය සම්බන්ධයෙන් රේගු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩි වීම ලබා දීමට සැලසුම් කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා අදාල පඩි වැඩිවීම දෙන්නට බැරි නම් ඊට වෙන් කෙරුණු මුදල් කොහිදැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ ඊයේ (23)පැවැති විශේෂ සාකච්ඡාවකදීය. කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු…
