Author: LANKA24X7

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළ බව රත්නායක මහතා පැවැසුවේය. එහෙයින් යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය නොහැකි බවත ඔහු ප්‍රකාශ කළේය. මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී කරවා ගත නොහැකි බවත් එලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට…

Read More

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩ ඇති බවයි. සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවය. ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 01ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 181ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලෙසින් එම පැමිණිලි වාර්තා වී තිබේ. ඒ අනුව ජූලි 31 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක් දක්වා ඉහළ ගොස් ඇත. ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 3641ක් විසඳා ඇති අතර, තවත් පැමිණිලි 574ක් විසදීමට ඇති බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

Read More

ත්‍රිකුණාමලය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව එම නඩුවේ විත්තිකාරිනිය විසින් නඩුවේ පැමිණිකරු ඝාතනය කිරීම් සඳහා රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පුල්මුඩේ පොලිසිය කියයි . මෙම ඉඩම් නඩුවේ පැමිණිලිකරු වන පුල්මුඩේ, නුරානියා නගර්, පදිංචි ජෙයිනුලාබ්දීන් බුහාරී යන අය මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව පුල්මුඩේ පොලිසිය මෙසේ විමර්ශනයක් ආරම්භ කර තිබේ . විත්තිකාර කාන්තාව තමන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඝාතනය කිරීමෙන් පසු අදාළ ලක්ෂ පනහක මුදල ලබාදීමට කොන්ත්‍රාත්තුව පැවරූ පුද්ගලයා තමන්ගේ මිතුරෙක් වන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මිතුරා තමාට මෙම හෙළිදරව්ව කල බව බුහාරි නැමැති අය කල පොලිසියට කල…

Read More

යුරෝපා රටවල රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. සැකකරුවන් පැහැර ගැනීමට යොදාගත් ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් සැකකරුගේ මහා පරිමාණ වංචාවට හසුවූ පුද්ගලයන් රැසකගෙන් කීප දෙනෙකු බව පොලිසිය කියයි. පැහැර ගත් පුද්ගලයා කැනඩාවේ සිටින බවට හඟවමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය විසින් හෝමාගම, ත්‍රිකුණාමලය, ඇලහැර හා චීන වරාය ආදී ප්‍රදේශවල පුද්ගලයන් විශාල පිරිසක් රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ මෙම වංචාවට සමීප ඥාතීන් පවා හසුව…

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය (World Test Championship ) – 2025 යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් සදහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියහ. මෙම ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය . මොවුන් සහභාගී වන පළමු තරගය 18 දින ආරම්භ වන අතර 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිසා එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ . දෙවන තරගය එළඹෙන 26 දින ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ . ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විවාහය හෙට ආරම්භ වන බවද ඔහු කීවේය අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා පැවැත්වීමට කාලසටහන් යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා ලබන වසරේදී සියලුම විභාග ප්‍රමාද වීමකින් තොරව පවත්වන බවද ප්‍රකාශ කළේය

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කර බිරිඳගේ අක්කාටද පොරොව පහරක් එල්ලකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය. පොරොව පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී හසිනි සංසනී රුවන්තිලක නමැති එක්දරු මවකි. වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වති .

Read More

ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කළේය. පැයකට පමණ පසු හෙලිකොප්ටර් යානයේ යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු නැවත පිටව ගිය බව ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවැසීය. මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වාර්ගයේ ගුවන් යානයකි.

Read More

රිය අනතුරුක් සිදු කීරීම සම්බන්ධයෙන් පුත්තලම සහාකාර පොලිස් (රථවාහන) පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. පුත්තලම පාලවිය ප්‍රදේශයේ මුදල් රාජ්‍ය ඇමති ශෙයාන් සේමසිංහ මහතා ගමන් ගත් රථයේ සහාකාර පොලිස් අධිකාරි ගමන් කල රථය වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත. සහාකාර පොලිස් අධිකාරි වරයා බීමතින් රිය පැදවා ඇත්දැයි පරීක්ෂණ පවත්වයි.

Read More