Author: LANKA24X7

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. රහුමන් මහතා එම මන්ත්‍රී ධුරයට පත් කෙරෙන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (9) පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය. එම පුරප්පාඩුව සඳහා සමග ජන බලවේගය පක්ෂයෙන් මුජිබර් රහුමන් මහතා කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ධූරය සඳහා තරග වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉවත්විය. රහුමන් මහතා පාර්ලිමේන්තුවට මුලින්ම පත් වූයේ 2017 වර්ෂයේදීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හිටපු පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (9) පැවසුවාය. ඩයනා ගමගේ මහත්මිය කොළඹදී ඊයේ (9) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය. සිය නිර්දෝෂිභාවය ඉදිරියේදී පෙන්වන බව කී ඩයනා ගමගේ සිය දේශපාලන මෙතතින් නවතින්නේ යැයි කුමන්ත්‍රණකරුවන් සිතන්නේ නම් ඔවුන්ට වැරදුනු තැන එතන බව ද සඳහන් කළාය. මෙරට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අනිවාර්ය සාධාකයක් නොවන බවත් මෙරට කාන්තාවන් සහ ජනතාව වෙනුවෙන් ඉදිරියේ ද පෙනී සිටින බවත් ඇය වැඩි දුරටත් කීවාය.

Read More

ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බව කියන ආනයනකරුවෝ ලූණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියති. ඉන්දියාවෙන් ලූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ලූණු මිල පහත වැටීමට හේතුව බවත් ඉදිරියේදී තව දුරටත් ලූණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ කියති.

Read More

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා යැයිද මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර එය නොදැන සිටීම පුදුමයට කාරණයක් යැයිද කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය කංචන විජේසේකර පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය නිසා යම් නොමඟ යැවීමක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා 2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා වන අතර නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස බව පැවසීය. 2020 මාර්තු මාසයේදී මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදෙන විට එම නාම යෝජනා පත්‍ර අත්සන් කළේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා බවද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය. සජබ මහලේකම් වරයාගේ පත්වීම නීති විරෝධී බවත් නාමයෝජනා අවලංගු කරන…

Read More

හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කිරීමේදී නිර්භවය එම ජීව අත්බෝම්භය නැවත අගුලු ලා දරුවන් දෙදෙනා බේරාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් අගයා මුදල් සහ ප්‍රශංසා ත්‍යාග පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) එම අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා ඇතුළු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 8 දෙනකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 75,000 ක් සහ ප්‍රශංසා සහතික 2 ක් ද පිරිනැමිණ. මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු…

Read More

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම කාන්තාව ඇතුළු කාන්තාවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර මෙම ස්ථානය පවත්වාගෙන ගියත් කිසිදු වෛද්‍යවරයකු එම ස්ථානයේ රැඳී නොසිටිය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා මෙම ස්ථානයේ රැඳී සිට මෙම වෘත්තියේ යෙදෙන බවට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරිනියක් පැවසුවාය. සැකකාරියන් වයස අවුරුදු 25 සහ 37 අතර පසුවන පානදුර ඇල්පිටිය නිට්ටඹුව කැටමුලාව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරියන්…

Read More

සිය ඉල්ලීම් සදහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඒ අනුව අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාලයක් උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය. කෙසේවෙතත් අද දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බි.මැදිවත්ත මහතා සඳහන් කළේය. වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන රෝහල් පිළිබඳ විස්තර පහතින් දැක්වේ. 09 – උතුරු මැද පළාත 13 – මධ්‍යම පළාත 14 – සබරගමුව පළාත 15 -…

Read More

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිට නියමිත දිනයට නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය මෙම චක්‍රලේඛය මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබේ. ආයතන සංග්‍රහයට අනුව විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා…

Read More

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව රජයට මෙම දැනුම් දීම සිදුකර ඇත. විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වැනිදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස…

Read More

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ගබඩා කර තිබු වැලි තොගයක් අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් හදිසි වැටලීමක් කළ බවට තොරතුරු අනාවරණය වේ. විවිධ අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණ භූමියේ ගබඩා කර තිබු වැලි තොග අතුරුදන් වී ඇති බවට අධිකරණ සේවා කොමිෂන් සභාවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිම බණඩාර මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇති අතර ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයිද වාර්තා වේ. ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට උදෑසන 9.00ට පමණ පැමිණී අධිකරණ සේවා…

Read More