Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කඩු කිනිසි රැගෙන ප්‍රදේශ කිහිපයක භීෂණය පැතිර වූ තිදෙනකු කඩු කිනිසි යකඩ බට හා යකඩ පොලු සමග අල්ලෙහි නගර් ප්‍රදේශයේදී අද (25) රාත්‍රී අත්අඩංගුවට ගැනීමට සේරුනුවර පොලීසිය සමත් වූහ. ආරවුලක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් අයෙකුගෙන් ලද ප්‍රකාශයක් අනුව පෝර බෑගයක් තුළ දමාගෙන යමින් සිටි මෙම කඩු,කිනිසි,යකඩ බට හා යකඩ පොලු සමඟ සෙසු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අල්ලයි නගර් හා තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙම සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය විසින් විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව 2023 ජුනි මස 30 වැනිදින වනවිට රෝහල් ආයතන 50ක විශේෂඥ වෛද්‍යවරුන් 226ක්ගේ හිගයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ. එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන 23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක් පැවතුණි. එමෙන්ම විධිමත් අනුමැතියක් හෝ ලබානොගත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් තුල විශේෂඥ වෛද්‍යවරුන් 141ක් සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මුහුණු ආවරණය කරගෙන නිවසක් තුළට කඩාවැදුණු තිදෙනෙක් එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා වෙයි. පින්වත්ත පොලීසිය සඳහන් කළේ නිවසේ දොරක් කඩා සැකකරුවන් නිවසට ඇතුළුවී ඇති බවය. පානදුර මාදුපිටිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටී කාන්තාවන් දෙදෙනකු මෙලෙස පහරකැමට ලක්වී ඇති අතර එහිදී ඔවුන් බරපතළ තුවාල ලබා තිබේ. මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරයි. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පින්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.
පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය. මේ හේතුවෙන් පොලිස් ස්ථානය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවය. බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින්. පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ තරුණයින් දෙදෙනා සේවය කරමින් සිටි සීදුව පිහිටි සේවා ස්ථානයේදීය. ඔවුන් පමුණුගම සහ සෙත්තප්පාඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 24 යන වයස්වල…
කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා මහත්මිය ඔහුගේ පපුවට හා කොදු ඇට ප්‍රදේශයේ අස්ථි බිදී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිදීමේ හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිබෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළාය. මෙම සිද්ධියෙන් මියගියේ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකාරී අංශයේ සිව්වැනි වසරේ සිසුවකු වන බිබීල රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති විසිහතර හැවිරිදි සිසුවෙකි. පෙරේදා (23 වැනිදා) අලුයම කාලයේ වූ මෙම සිද්ධිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා…
සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද හමුවකට සහභාගී වූ පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ ආහාරපාන තොගයක් තම භාරයට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. රුපියල් එක් ලක්ෂ විසි දෙදහකට ආසන්න වටිනාකමක් සහිත ආහාර ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. ලද පැමිණිල්ලක් මත පොලිස් නිළධාරීන් පිරිසක් එම හෝටලයට ගොස් අදාල මෙලෙස ආහාර ලබා දීම නවතා එම ආහාර පොලිස් භාරයට ගෙන ඇත. හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ සිදු කර ඇත .
බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 75 වැඩි තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැසි සමග තද සුළං ද ඇති විය හැකියි.
සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අවුරුදු 33, 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.මෙම චීන ජාතිකයන් හෝටලයේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවේ යෙදී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකාර චීන ජාතිකයන් සන්තකයේ තිබී ජංගම දුරකථන පහක්, අයිතිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපතක්, බැංකු කාඩ් පත් හතරක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි . පානදුර ඌරන්නගොඩ වත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටී කාන්තාවන් දෙදෙනකු මෙසේ පහරකැමට ලක්ව ඇති බව සදහන් වේ. මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකපල කරන බව පොලීසිය සදහන් කරයි.කාන්තාවන් දෙදෙනා අත්පා වලට සිදුවූ තුවාල සහිතව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කොට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මේ වනවිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය. මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් පන්සිය හැත්තෑ පස් දෙනකු මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටිනවා. විදෙස් බුද්ධි අංශ මගින් අනතුරු ඇඟවීම් ලැබුණු පසුව ඒ හා සමාන සංචාරකයන් පිරිසක් නැවත සිය රට කරා ගමන් කර තිබෙනවා. ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් එසේ නැවත සිය රට බලා ගමන් කළ ද සංචාරකයන්ගේ අඩුවීමක් වී නැහැ. මේ වන විටත් ඊශ්‍රායල ජාතකයන් මෙරටට පැමිණෙනවා. මෙම අනතුරු ඇඟවීම ජනාධිපතිවරණයෙන් පසුව…
