Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට…
අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. අක්මීමන කුරුන්දකන්ද හරස්පාර පස් මළුව පදිංචි ප්‍රසන්න කුමාර නමැති (42) හැවිරිදි පුද්ගලයකු ඉකුත් 09 දා රාත්‍රී කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටියදී සැකකරුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු කැත්තකින් සහ කඩුවකින් ගෙලට පහරදී ඝාතනය කොට තිබුණි. පසුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාද ඝාතනය කිරීමට උත්සාහ දැරීමේදී එය ව්‍යාර්ථ වී ඇති බව පැවසේ. පසුව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකුගේ ඥාති සොහොයුරියක පදිංචි රත්මලාන ප්‍රදේශයට පැමිණ ඇයගේ ලැගුම්හලෙහි සැඟව සිට තිබේ. පසුව මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ…
යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගොස් ඇතැයි යාපන රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. සිසුවිය සිය මව සමග රෝහලට ඇතුලත්වී ඇති අතර එහිදී ඇය දරුවා ප්‍රසුත කොට තිබේ. පසුව සිසුවිය හෝ මව දරුවා අසල නොසිටි බැවින් රෝහල් කාර්යය මණ්ඩලය ඒ පිළිබද සොයා බලා තිබේ. අදාළ සිසුවිය හා ඇගේ මව දරුවා දමා රෝහලෙන් පලා යන්නට ඇති බවට සැක කෙරෙන අතර රෝහල් බලධාරීන් මේ පිළිබද යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇමෙරිකාව දරන මතය තමන්ද දරන බවත් ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපතිවරිය ලෙස තේරී පත්වීමට නම යෝජනා වී ඇති එළිසබෙත් කේ හෝර්ස්ට් මහත්මිය ප්‍රකාශ කළාය. මෙරට සුළු ජන කණ්ඩායම් කණ්ඩායම් වලට වගවීම, සත්‍ය, සංහිඳියාව, විනිවිදභාවය සහ යුක්තිය ලබාදීම සඳහා තමන් කැපවී ක්‍රියා කරන බවද ඇය පැවැසුවාය. ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර කිරීම සඳහා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටු රැස්වීමේදී සිය ආරම්භක ප්‍රකාශය සිදු සිදුකරමින් හෝර්ස්ට් මහත්මිය මෙම අදහස් ප්‍රකාශ කළාය.
රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි. මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගමගේ මහත්මියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී තිබුණද විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද සභාපතිවරයා කීවේය. නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය ලබා ගෙන ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම…
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත . පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නැතැයි එම වාර්තා කියයි. ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් එම කාරක සභාවේදී දැඩිව පෙන්වාදී ඇත. මේ මොහොතේදී වාහන බලපත්‍රය ලබාදීමට සමගි ජන බලවේගය විරුද්ධ බවද කිරිඇල්ල මහතා එහිදී සඳහන් කර තිබිණ. නිලධාරීන් කිරිඇල්ල මහතාගේ එම විරෝධය එහිදී…
අහුන්ගල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවද පොලිසිය පවසයි. වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ සිවනෙත්ති කපිල ගාමිණී නොහොත් නිලමෙ නැමැති 54 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි. අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් පැවැසුවාය. එහිදී යහපාලනයේ සහ විනිවිදභාවයේ අවශ්‍යතාවය තමන් අවධාරණය කළ බවත් ශක්තිමත් ශ්‍රී ලංකා ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය දක්වන බවත් මහ අධිපතිවරයා වෙත දැනුම් දුන් බව ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් ඊයේ (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩිකිරීම හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබුණි. අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩි කරමින් ජලය සහ විදුලි සැපයුම් බිඳ වැටීම් යථාතත්වයට පත්කිරීම සහ ඇතැම් පිරිසිදු කිරීමේ සේවාවලින් ඉවත්වීම පියවර ගත් බවත් අධ්‍යාපන අමාත්‍යංශය, අනධ්‍යන සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය ප්‍රමුඛ ගැටලුවලට චක්‍රලේඛයකින් විසඳුම් දෙන තෙක් වැඩවර්ජන අත්නොහරින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානයේ නිලධාරියෙක් පැවසීය. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය පසුගිය දින දෙකේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහභාගිවූ සාකච්ඡා කීපයකට සහභාගි වූ බව කී එම නියෝජිතයා අනධ්‍යන සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් දීමට ලබන…
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
