Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය. එසේ අත් අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් තමන්ට අසාධාරණ ලෙස සැලකූ බවත් වධ හිංසා වලට ලක් බවත් චෝදනා කර තිබෙන බව ලිස් ත්‍රොසෙල් මහත්මිය පැවැසුවාය. ආරක්ෂක අංශ වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්වල නියැලී…
කෑගල්ල නෙළුන්දෙණිය නගරයේ රාත්‍රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරුවන් දෙදෙනකු පරීක්ෂාකිරීමට යද්දී තියුණු පිහි පහරකට ලක් ව එම නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයකින් රාත්‍රි මුර සංචාර කටයුතු කරද්දී සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු බෑගයක් අතැතිව පාරේ ගමන් කරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ රාජකාරී කටයුතුවලට බාධා එල්ල කර ඇති බවත් පොලිසිය පැවසීය. පසුව සැක කටයුතු එක් පුද්ගලයකු පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් මිදි පලා ගොස් ඇති අතර සෙසු පුද්ගලයාට අත් විලංගු දැමීමට ගිය අවස්ථාවේ පෙපර් කටර් තලයකින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ අත් පය…
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් මෙම නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි. එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි පිටස්තර පිරිස් ඉවත් කිරීම…
පරිමාණයෙන් සිදු කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනතුරුව අද (13) උදෑසන කල්පිටියේ සිට ශ්‍රී ලංගම බස් රථයක සුක්ෂමව ප්‍රවාහනය කරමින් තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ වසය අවුරුදු 30ක පුද්ගලයෙකු යුද්ධ හමුදා බුද්ධි අංශය හා පුත්තලම කොට්ඨාශ දුෂණ හා විෂ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුත්තලම පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබන බවට වාර්තාවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා අද (13) පිටත්ව යයි. ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව ඇත. රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතී. ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි.
වර්ෂය ආරම්භ වී දින ගණනක් ගත වී ඇති මොහොතේ රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වසර 20කට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස දිසානායක මහතා මීට වඩා වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මාර්තු මාසයට පසුව බව පෙන්වා දුන් සියඹලාපිටිය මහතා කියා සිටියේ රජය ඉදිරිපත් කර ඇත්තේ පරිපූරක ඇස්තමේන්තුවක් නොවන බව පැවසීය. විසර්ජන පනතේ හය එක වගන්තිය යටතේ විශේෂ කරුණක් සඳහා මුදලක් වෙන් කිරීම සඳහා රජයට…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් රණසිංහ මහතා විශ්‍රාම යාමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා එම තනතුරට පත්කළේය. ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඒ මහතා සංවිධානාත්මක අපරාධ මැඩලීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්ධන සදහා නමක් දිනා සිටින නිලධාරියෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වංචා විමර්ශන කාර්යංශය, පොලිස් විනය සහ කල්ක්‍රියා කොට්ඨාසය ඇතුළු පොලිස් ඒකක ගණනාවක අධ්‍යක්ෂ ධූරයන් මෙන්ම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දරා ඇති…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී ඊයේ (12)පැවසීය. හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවේ මහමොළකරු බවට පෙනී යන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය මෙම විශ්වාස භංග යෝජනාව ඉතා කඩිනමින් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එම විශ්වාසභංග යෝජනාවේ දී මහජන නියෝජිතයන් සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් රුධිර වංචාවේ මහමොළකරු වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න පිළිබඳ ජනතාවට දැකගත හැකි වනු ඇති බවත් ඔහු කීවේය. හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කඩිනමින් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් 12 සවස ඇති කරගත් ගැටුමකින් රැඳවියන් විසිපස්දෙනකු පමණ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙම ගැටුම අතරවාරයේ තවත් රැඳවියන් පනස්දෙනකු පමණ කන්දකාඩු පුනරුත්ථාපන කඳුරෙන් පලාගොස් ඇති අතර ඔවුන්ගෙන් 25 දෙනකු පමණ මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී පැවසීය. පලාගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. පලා ගිය සෙසු රැඳවියන් අත්අඩංගුවට…
කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5 ක් ලයිපොෂක්සන් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව ඇත. මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේකදී සිදු කළ බවත් පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව 61 වන වියේ පසුවන විශ්‍රාමික ගුරුවරියක බවත් ජයවර්ධන මහතා පැවසීය . තවදුරටත් මෙසේද පැවසීය . අධිර රුධිර පීඩනය, අධික තරුබාරුකම, කොන්දේ වේදනාව ඇවිදීමට අපහසුවීම යනාදී රෝග නිසා මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳ තිබෙනවා. විවධ දේශීය හා බටහිර ප්‍රතිකාර ද කර තිබෙනවා. සුවයක් නොවූ නිසා මා හමුවුණා. ඇගේ ප්‍රශ්නය අධික තරුබාරු බවත් (Morbidobesity) ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 බවටත් මා විනිශ්චය කළා . එඅනුව මාස…