Author: LANKA24X7

(ආරියරත්න රණබාහු) දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය

Read More

දිවයින ආශ්‍රිතව පහළ වායු ගොල්ලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්තවය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද පස්වරු 1.00 පමණ පසු දිවයින පුර තැනින් තැනට තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක මියගිය බව දියතලාව පොලිසිය පවසයි . දියතලාව ගල්ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් .පී. සත්සරණී චාමින්දි(16) නැමති බාලවයස්කාර දැරිය මෙසේ මියගිය බවද පොලිසිය කීය . මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයෙදී ඉකුත් අප්‍රේල් මස 21 වනදින පැවත්විණ . එහිදී…

Read More

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නේය. පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් විය. පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . එම තරුණිය ඊයේ (15) සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා කුළුගම්මන ඇය නවාතැන් ගැන සිටි නවාතැන්පොල කරා යමින් සිටියදී යටිහලගල හන්දියේදී ඇය පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ අවස්ථාවේදී ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කළත් ඔවුන් තල්ලු කර දමා ශිෂ්‍යාව පැහැරගෙන යන අවස්ථාවේදී එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ . ඇමතුම ලැබුණ වහාම ක්‍රියාත්මක වූ…

Read More

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිළධාරී වරයා බව පොලිසිය කීය. සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සදහන් වේ. සැකකාර ග්‍රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බව පොලිසිය සදහන් කරයි. එසේ නිකුත් කල ලිපිය රැගෙන ගිය…

Read More

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය . විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. “ඊශ්‍රායල් රස්සා නැති කරන්න මේ උත්සහ කරන්නේ. අපි සැලසුම් කරලා තියෙනවා 40000 ට අධික පිරිසක් ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට යවන්න. එහෙම ගියාම සාර්ථක ව්‍යාපාරිකයින් විදිහට අපේ…

Read More

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දන්වා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන පැමිණිලිකාර දිසානායක මහතාට පක්ෂ කටයුතු කරගෙන යෑමට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණයක් නිකුත් කිරීම පිළිබඳ නියෝගය මෙසේ කල් තැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා මගින් පැවරූ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස…

Read More

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇත. එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය ලබාදුන් බවයි. එසේ හෙයින් තම පවුල් වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඈත. මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි. ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමටද එහිදී තීරණය කර ඇත. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂනාවරණයේ වටිනාකම රුපියල්…

Read More

මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයස දෙදරුපියෙකි. දූෂණයට ලක් වූයේ යැයි කියන මෙම 19 හැවිරිදි තරුණිය සැකකරුගේ ඥාති සහෝදරියක් බව මාවතගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. මෙම තරුණිය ද සිය ඥාතියා ගෙන් විලාසිතා නිර්මාණය පිළිබඳව හැදෑරීම සඳහා මෙම උපකාරක පන්තියට සහභාගී වෙන බව පොලිසිය කියයි. උපකාරක පන්තිය අවසන් වීමෙන් පසු ඇය උපකාරක පන්තියට පැමිණ සිටි තවත් තරුණියක් සමග පන්තියෙන් පිටව යෑමට ගිය අවස්ථාවේ වර්ෂාවක් ඇද හැලී ඇත. ඒ…

Read More