Author: LANKA24X7

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා ගේ ආරාධනාවක් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඉකුත් (3) ද ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.‍ මෙහිදී ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීම, දෙරටේ ත්‍රිවිධ හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තවදුරටත් වැඩි කිරීම සදහා සාකච්ඡා පැවැත්විණි. මෙම නිල සංචාරයට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.

Read More

කුමන්ත්‍රණ වලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ද නාමල් රාජපක්ෂ මහතා කීය . පොදුජන පෙරමුණේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා මේ බව කීය. පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ඊට එක් වන්නැයි ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය. පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට…

Read More

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවසීය. පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් පසු 99%ක් ගෙවල් වල අම්මලා මෙන්ම දරුවන් ද අඬන්න පටන් ගත් බව කී මන්ත්‍රීවරයා පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර ලැබුණු බව ද සඳහන් කළේය. ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවද තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය. බොහෝ දියුණු රටවල අට වසර දක්වා වාර විභාගයක් වත් නැතැයි ද දරුවන්ට වගේම මාපියන්ටත් පහේ ශිෂ්‍යත්ව විභාගය විශාල බරක් යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ…

Read More

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට බාරදෙන ලද කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී ඊයේ (5) මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ඇරැඹිණි. නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය. පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම…

Read More

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.

Read More

මෑත වර්ෂ වල විදෙස් ගත වීමට සප්ත වාර්ෂික නිවාඩු ලබා ගත් විශ්ව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් සියයට අනූ නවයක් විදේශ වලට ගොස් නැතැයි ද ඒ අය ලංකාවේ ම ඉඳගෙන වෙනත් වැඩ කර තිබෙන බවද පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2020-2023 අතර තොරතුරු සොයා බැලීමෙන් එම කරුණු හෙළිදරව් වූ බව කී එස්.බී දිසානායක මහතා අදාල වර්ෂ වල විදෙස් නිවාඩු ගත් අයගෙන් හත්දෙනකු හැර වෙනත් කිසිවකුත් විදෙස්ගත වී නැතැයිද කීය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් 80ක් ,පේරාදෙණියෙන් 41ක්,ජයවර්ධන පුරයෙන් 35ක්,කැලණියෙන් 54ක්,විවෘත විශ්ව විශ්වවිද්‍යාලයෙන් 17ක්,රුහුණු විශ්ව විද්‍යාලයෙන් 81ක් ආදී වශයෙන් විශ්ව විද්‍යාල ගුරුවරුන් සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා කීය. අධ්‍යාපන…

Read More

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලොරිස් පාර ප්‍රදේශයේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 24ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට මුහුණුපොතේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ. ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින්, නීත්‍යානූකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇතැයි පොලීසිය සඳහන්…

Read More

පොල්දූව මංසන්ධියේ, පාර්ලිමේන්තු වටරවුම අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ලෙස පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වාලමින් ගුරු – විදුහල්පති සංගම් නියෝජිතයින්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. අද (05) දින කාර්යාල දිනයක් බැවින් ජනතාවට සිදුවිය හැකි අපහසුතාවය සලකා බලා අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත. ගුරු විදුහල්පති සමිති සංධානයේ ලේකම් ජොසප් ස්ටාලින්, ලංකා ගුරු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනෙකු වෙත එම අධිකරණ නියෝගය ලබාදී තිබේ.

Read More

වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) පැමිණි බවත් එම සංඛ්‍යාව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවත් එම අධිකාරිය කීය. මෙම වසර ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බැවින් හොරු ඇල්ලීම විපක්ෂයේ සිටම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ෆයිල් පෙන්වා සිදුකරන බොරු සංදර්ශනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂද…

Read More