Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා (18)නියෝග කළේය. මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක , මඩපාත පදිංචි මනෝජ් මධුශංක, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ලක්මාල් වික්‍රමසිංහ , කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන එස්. බී.එච්. එම්.මධුශංක , සහ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල සහ මුද්‍රණනාලය හිමිකරු වන දසුන් තරංග බණ්ඩාර යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක් සමග අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් රොටලවෙල ,දිවුල්පැලැස්ස සහ ගිරාදුරුකෝට් පදිංචි කරුවන් බව විමර්ශන වලදී අනරවණය වූ බව පොලිසිය සඳහන්කළේය.. වැටලීම සිදුවෙද්දි තවත් සැකකරුවන් තිදෙනෙක් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් අද (18) උදෑසන එම දුම්රියන් දෙකම අතරමග ඇණහිටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා අලුයම 5.50 ට ගමන් ආරම්භ කළ අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රිය බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතර අතරමගදී එහි එන්ජිමේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් ඇණහිටයේය. පසුව එම දුම්රියේ අනික් එන්ජිම මගින් දුම්රිය යලි බදුල්ල…
විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රැසක් පිළිබඳව ද අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය. ඊයේ (17) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සහභාගි වී තිබේ. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය,…
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් වනඅලි රංචුවක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ. මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බව සදහන් වේ. එමෙන්ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට ලක්ව ඇත. අද දෙරණ වාර්තා කරු සදහන් කළේ සිදුවූ අනතුරින් වනඅලියෙකු මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවය. මේ වන විට මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය…
රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ පරිපුරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරින් බදවා ගැනීම නතර කිරිම හේතුවෙන් සීටි ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන් හි පරීක්ෂණ රැසක් ද සිදුකිරීම මේවන විට ගැටළු සහගත වි ඇති බවය. “සමහර රෝහල්වල අලුතින් සී.ටී ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කරලා තියනවා. නමුත් ඒවායේ රාජකාරී කටයුතු ආරම්භ කරන්න, පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න හැකියාවක් නෑ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා. ඒ එක්කම…
ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වාර්තා වු බවය. මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගතහොත් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා සදහන් කළේය. “කුඩා මට්ටමින් ආහාර සැකසුම් කරන ආයතනවල අපි දකිනවා මේ සම්බන්ධයෙන් තියෙන…
මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අනුමැතිය ලබා දුන්නේය. මෙම ප්‍රාථමික විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තෙම්න්තුවේ ව්‍යුහ කමිටුව ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දීම ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත. මව්පියන්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබු යෝජනා රැසක් සැලකිල්ලට ගනිමින් පළාත් දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ. මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආරඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.…
පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ඒ සඳහා නොවැම්බර් මස 7 සහ 8 යන දිනවලදී අවස්ථාව හිමිවන අතර ඔවුන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් තැපැල් ඡන්දය සළකුණු කළ යුතු බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම මේ මස 23 වෙනි දින සිදුකරන බවද මැතිවරණ කොමචන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව වැඩිම වියදමක් කළ හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට වන අතර එම මුදල රුපියල් 57, 50, 000 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්ට වැය කළ හැකි උපරිම මු රුපියල් 56,43,387 ක් වන අතර මහනුවර දිස්ත්‍රිකයේ අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 51, 46, 844 කි. මේ අතර කළ හැකි අඩුම වියදමක් ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට වන අතර එම මුදල රැපියල් 16,73, 243 කි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට වියදම් කළ හැකි උපරිම ප්‍රමාණය ද…
