Author: LANKA24X7

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර , පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි. මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිරීම සඳහා තනිවම වහලයට නැග එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස්…

Read More

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය . සැකකරු භාවිතා කරන ලද ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී ඉකුත් දා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් තම භාරයට ගෙන තිබිණි . ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය . ‍ මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු සැකපිට…

Read More

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. එම හමුව ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කරගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් නිවේදනය කළේය.

Read More

පැවති ජනාධිපතිවරණයේ දී ඒ සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් 35 දෙනකු මැතිවරණ වියදම් වාර්තා ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. වාර්තා ලබාදී නොමැති තිදෙනා වන්නේ ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන, සරත් කීර්තිරත්න සහ අරියනේත්‍රම් පාක්කියසෙල්වම්ය. මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ හැකි බව ද සදහන් කරයි.ජනාධිපතිවරණය පවත්වා දින 21ඇතුළත මෙම වාර්තා ලබාදිය යුතුය.එම දිනය ඉකුත් 12 වැනිදා අවසන් විය.

Read More

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ලෙස සේවය කළ නිවිතිගල, ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක නැමැති (30) හැවිරිදි තරුණියයි. මියගිය තරුණිය තවත් තරුණියන් තිදෙනකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඉකුත් සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40 ට පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇය සමග කාමරයේ වෙසෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මිතුරිය ද රැකියාව නිමවා ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය…

Read More

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය. ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම සහ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නාය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න,…

Read More

බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකුව ඇතුළේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ්ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන් ගැන අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා කියයි.

Read More

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස්ට හිමි විය. ඔහුට අමතරව ප්‍රභාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ටැවිස් හෙස්ද නිර්දේශ වී තිබිණි. ඒ අනුව මෙම වසරේ (2024) අයි.සී.සී. යේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ද වෙයි. මෙම වසරේ මාර්තු මාසයේදී ද කමිඳු මෙන්ඩිස්ට අයිසීසී සම්මානය හිමි වී තිබීම ද විශේෂත්වයකි. කමිඳු මෙන්ඩිස් ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර ඇති අතර ඔහු ලකුණු 1004ක් රැස්කර එයට අර්ධ ශතක 04ක් හා ශතක 05ක් රැස්කරගෙන තිබේ.

Read More

ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව වහාම හෙළිදරව් කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා යළිත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන් ඉල්ලා සිටියි.ඒ මහතා ප්‍රසිද්ධියේ මෙම ඉල්ලීම කළේ යාපනයේ මාධ්‍ය හමුවක් අමතමිනි. තමන් මෙම අභියෝගය නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ද සුමන්තිරන් මහතා පවසයි.

Read More