Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දින සමරුව වෙනුවෙන් ඊයේ (10) පෙරවරුවේ…
ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් ඊයේ (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය. යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ 200 කට වැඩි භට පිරිසක් වසර ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන සහ ඉදිරිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි බව කී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉවත්කරගන්නා බව ද සඳහන් කළේය. මිහින්තලා රජමාහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින සියයට 15ක වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇත. ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබේ. ඒ අනුව මීට පෙර වැට් බද්දෙන්…
දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවුණි. බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රමානුකූලව සිදුකළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය. විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබුණි. මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව…
වයස අවුරුදු 15ක දැරියකගේ සිරුරක් හමුවී තිබේ. කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී එම ප්‍රදේශයේම පදිංචි 15 හැවිරිදි දැරියකගේ සිරුරක් මෙලෙස හමුවී ඇත. ඊයේ (08) සවස මෙම දැරිය අතුරුදන්වී තිබේ. දැරිය දියේ ගිලී මියගියේ කෙසේදැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බවය. සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය විමර්ශන සිදුකරයි.
හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයා ව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බව පොලීසිය පවසයි. එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති අතර, තල්පේ උතුර ප්‍රදේශයේ අත්හැර දමාගොස් සිටි ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු 30 හැවිරිදි මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලීසිය විමර්ශන සිදු කරයි.
හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය.
යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. හමුදා සඳහා නිසි කැලරි ප්‍රමාණය සහිත ආහාර වේල් ලබාදීමට නොහැකි නම් රටක් ලෙස අසමත් බැවින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කරමින් කාරක සභාව අදාළ අනුමැතිය ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවද කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී අවධාරණය කර තිබේ. දිනකට කිලෝ කැලරි 3,400…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව වැඩකරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවය. කොළඹ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.