Author: LANKA24X7

පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් එහි ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි. ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල්…

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) වාන් දැමිමට පටන්ගෙන තිබේ. මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසූහ. පවතින වර්ෂාවත් සමඟ ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයක් පවති.වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වාර්ෂික බෝරා සම්මේලනය ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය. පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූලි මස 7 වැනිදා සිට 16 දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වේ. මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන්…

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ විවාහක පුද්ගලයෙකි. එම පුද්ගලයාගේ නාසයෙන් සහ කනින් අධික ලෙස ලේ වහනය වී ඇති බව එම ස්ථානයට ගිය අප වාර්තාකරු පැවසීය. ගෙල වැලලාගැනීමකින් මියගිය බවට කිසිදු සාක්ෂියක් සිරුර හමුවූ ස්ථානයෙන් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, මැදිරිගිරිය පොලීසිය සඳහන් කර ඇත්තේ අදාළ මරණය සැකසහිත බවය. ඒ අනුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙමඟින් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැපීපෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඉදිරියේ එන අභියෝග ජය ගැනීම අවශ්‍ය ශක්තිය ලබා දිය යුතු බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ අධ්‍යක්ෂ Faris…

Read More

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (24) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පොල්පගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

‍අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට එකඟතාව පළවූ බවය. වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිතර වීමට තීරණයය කර තිබිණි. අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලීකව නතර කිරීමට තීරණය…

Read More

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි වැසි ඇති වේ. මාතලේ දිස්ත්‍රික්කයට ද වැසි වාර කීපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් තරමක තද සුළං ඇති වේ.

Read More

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්‍ෂෙප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා චෝදනාවන්ගෙන් සන්නස්ගල මහතා මුදාහැරීමට ඊයේ (24) නියම කළේය. තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කළේය. සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු…

Read More

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (24) උපදෙස් දී තිබේ. පොලිස්පතිවරයා සහ පොලිස් ප්‍රධානීන් අතර අද පැවැති විශේෂ සාකච්ඡාවකදී එම මෙහෙයුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් දැනට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු නීතිවිරෝධී ගිනිඅවි දැඩි බාධාවක් යැයි හඳුනාගෙන ඇති බව කී උසස් පොලිස් නිලධාරියා ත්‍රිවිධ හමුදාවේ සහය ද ඇතිව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

Read More