Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මීපේ දෙකඳුවල පාර ප්‍රදේශයේ ගල්කොරියක අඩි හතලිස් පහක පමණ උසක සිට බිමට පතිත වූ ගලක කොටසක් බිම වැඩ කරමින් සිටි දෙදෙනෙකුගේ සිරුරේ ගැටී සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක බටවල වල්පිට අංක 206 / 63 හි පදිංචි කරුණාරත්න ජයසේකර මුදියන්සේලාගේ පත්මසිරි වසන්ත නමැති (53) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා ගල් කොරිවල බෝර දමන්නෙකු වන අතර ඔහු තවත් පුද්ගලයෙකු සමඟ මීපේ දෙකදුවල පාර ප්‍රදේශයේ ගල් කොරියක ඉහලින් බෝරයක් දමා කැඩී බිමට වැටුණු ගල් කොටස් එකතු කරමින් සිට තිබේ. එම අවස්ථාවේදී අඩි 45…
නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදන් වීමක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය කියයි. අවුරුදු 15ක් වන පාසල් සිසුන් හතර දෙනකු ඊයේ(04) නිවසින් පිටව ගියද නැවත නිවසට නොපැමිණි බවට එම සිසුවකුගේ පියකු විසින් පැමිණිලිකර ඇතැයි පොලීසිය සඳහන් කළේය. රාජ්කුමාර් අනුෂන්, දනන්ජය ගජරුබන්, සුබ්‍රමණියම් දනිෂ්ක, කාර්දිබන් නියෝන් යන මෙම පාසල් සිසුන් එම වතුයායේ පාසලක 10වන වසරේ ඉගෙනුම ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන්ය. එම පැමිණිල්ල මත මෙම සිසුන් සෙවිම සදහා නොර්වුඩ් පොලිසිය පරීක්සණ අරඹා තිබේ.
මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අදාල පුද්ගලයා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සඳහා මෙසේ ජතික රෝහලට මාරු කළ බවත් ඔහු ජාතික රෝහලේ 72 වාට්ටුවට ඇතුළත්කර ඇති බවත් එම ප්‍රකාශකයා කීය. වාද්දුව ශ්‍රී වික්‍රම පාරේ පදිංචිකරුවෙක් වන ප්‍රසන්න රම්‍යජිත් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා විමර්ශනයක් සඳහා පැමිණි අවස්ථාවේදී මොරටුමුල්ල පොලිසිය තුළදී ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි ඔහු පොලිස් මූලස්ථානයට පැමිණළි කර තිබේ.
චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි , චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ . 28 හැවිරිදි මෙම චීන ජාතිකයා , එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් , චීනයට අවශ්‍යව සිටි පුද්ගලයෙකි . මොහු ඉකුත් 03 දින මාළදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි
පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(05) නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විත්තිකරු කරමින් වේළු කුමාර මහතා විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළේය. සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් මෙම නඩුව පවරා තිබූ අතර අදාළ අසත්‍ය හා දේවේශ සහගත ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි. පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04)වැනි දා නියෝග කළේය. අධිකරණ නියෝග මත දින හතරක් රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ මොහොමදු නියාස් මොහොමඩ් නද්වි නමැති සැකකරු මෙසේ බන්ධනාගාරගත කළේය.
වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම අද (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04)වැනි දා නියෝග කළේය. වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා , මහේස්ත්රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙසට වරාය පොලිසියට දන්වා සිටියේය.
බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ මෝටර් රථ එකතුවේ සුඛෝපභෝගී මෝටර් රථ 7000 ක් පමණ තිබෙන එම මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ මෝටර් රථ එකතුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය. ඔහුගේ මෝටර් රථ එකතුවට බෙනට්ලි, ෆෙරාරි, පෝෂ්, රෝල්ස් රොයිස් සහ ඇස්ටන් මාර්ටින් වර්ගයේ මෝටර් රථ අයත්වන බවද පැවැසෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බෲනායි රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත වූ අතර ඒ සමග ලොවේ අවධානය බෲනායි සුල්තාන්වරයා වෙත යොමුව ඇත.
මීටරයක් පළලැති ග්රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ග්රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළිනි. ප්‍රමාණයෙන් කුඩා ග්රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් විය. 2024 RW1 යන නමින් නම් කළ මෙම ග්රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි ගිගුරුම් සහිතවැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරිමේදී,අගොස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රීලංකා ආසන්න අක්ෂංශවලට සෘජුවම ඉහළින් ගමන් කරයි. අද දහවල් 12.08 අහුන්ගල්ල නෙළුව සහ යාල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
