Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි . රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව මත හිටපු කළමනාකාර අධ්යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරනු ලැබීය. සැකකාර සැකකරු මාලඹේ ඉසුරුපුර පදිංචිකරුවෙකි.
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතාගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය. ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට…
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇත. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු මේ වනවිට හයිපොරස්ට් පාසලේ තාවකාලිකව නවතා තිබේ. මෙම පිරිස සඳහා අවශ්‍ය පිසූ ආහාර, ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා ඒකකය විසින් දැනුම් දී ඇත.
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ. වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත. භාණ්ඩ ලැයිස්තුව පහතින්, භාණ්ඩය පැවති මිල (රු) නව මිල(රු.) ඉතිරිය (රු.) ලොකු ලූනු(ආනයනික) 230.00 2.20.00 10.00 පාන් පිට 175.00 165.00 10.00 සුදු සීනි 240.00 235.00 5.00 රතු පරිප්පු…
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනෑම සම්බන්ධයෙන් විරෝධය පළ කළ පිළිගැනීමේ නිලධාරිනියක්ව පිහිනුම් තටාකයට විසිකළ පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වේ. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇත. ඔවුන් මත්පැන් පානය කරමින් දියනෑම හේතුවෙන් එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ. එයට උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇයව ඔසවා පිහිනුම් තටාකයට විසිකර ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය පැවසීය. සිද්ධියට සම්බන්ධ පෝලන්ත ජාතිකයින් පිරිස නැවත සිය මව්රටට ගොස් ඇති අතර, පොලීසියේ මැදිහත්වීමෙන්, හෝටලයේ…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී .කේ. පෙරේරා මහතා පත් කර තිබේ. ජාතික ජනබල වේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා පෞද්ගලික හේතුන් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ. එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ. කැන්සාස් හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි. එමෙන්ම අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ. විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කරමින් පැවති අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන්…
දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද (30) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ සහ පෙරේදා දිනවල 100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසීය. දකුණු ආසියාතික රටවල සිට ඊසාන දෙසින් හමා එන සුළං ප්‍රවාහය වායු ගුණත්වයේ අහිතකර මට්ටමට බලපා ඇතැයි ද ඔහු කීවේය. මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කළේය. වායු ගුණ තත්ත්ව දර්ශකය 50 ට අඩු මට්ටමක පැවතිය යුතු බවත් ප්‍රේමසිරි මහතා තවදුරටත් පැවසීය.
ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. තෙත වී කිලෝවක් රුපියල් 120 -130ට වුවද ගැනීමට ව්‍යාපාරිකයන්ට අයිතිය තිබෙන නමුත් රජය ගැසට් කර තිබෙන සහල් මිල සම්බන්ධ තත්ත්වය වෙනස් කරන්නේ නැතැයි අමාත්‍යවරයා කීය. වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය. දැනට පාරිභෝගික අධිකාරියේ තිබෙන යම් යම් දුර්වලතා වෙනස් කර ගනිමින් සහල් පාලන මිල පවත්වා ගැනීමට අවශ්‍ය නීති පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.…
