Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.
කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ඔස්සේ අඛණ්ඩව ප්‍රගතියක් ලැබීමට රජය සහ මහ බැංකුව සමත්වී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ 44 වැනි ජාතික සම්මේලනයට එක්වෙමිනි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “මේ වසර මුලදී කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ඔස්සේ අඛණ්ඩව ප්‍රගතියක් ලැබීමට රජය සහ මහ බැංකුව සමත්වී තිබෙනවා.” “දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස අවසන් කිරීම සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටින පසුබිමක පළමු…
නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පානදුගම ප්‍රදේශයෙන් ජල මට්ටම මීටර් 6.87ක් දක්වා ඉහළගොස් ඇති බවය. රාත්‍රී 8ට පමණ එහි අගය සටහන්ව තිබුණේ මීටර් 6.85ක් ලෙසටය. මෙය මීටර් 7.50ක් දක්වා ඉහළගියහොත් මහා ගංවතුර තත්ත්වයක් බවට පත්විය හැක. මේ වනවිට නිල්වලා ගඟේ පානදුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය. ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය. 2002 වසරෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393ක් වෙයි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650කි.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් දෙදෙනාව නිදහස් කරමින් එම නඩුව නිෂ්ප්‍රභ කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්තානු ජාතිකයෙකුට මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම නඩුව ගොනුකර තිබුණි.
ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද ? නැතිනම් රටේ නීතියට අනුව කටයුතු කරනවා ද ? යන්න පිළිබඳ සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹදී ඊයේ (03) පැවති සමරු උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස පැවැත්වුණි. උත්සවය පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මම දැන් අහන්නේ මොකක්ද අනාගතය කියලා ? ඒකයි අපිට හිතන්න තියෙන්නේ. එදා තියෙන ඕනෑම මාධ්‍යක් රටේ නීතියට යටත් වුණා. ඒ නීතියෙන් පාලනය වුණා. අද තියෙනවා සමාජ මාධ්‍ය.…
මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්‍රතික්ෂේප කිරීම මීට හේතු වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා මේ වන විට දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන්ය.
ඊච්චන්කුලමේ සිදු වූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (03) දහවල් ඊච්චන්කුලම වව්නියාව මාර්ගයේ පුදුකුලම් හන්දියේදී අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ පිටුපස ගමන්කළ පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මියගොස් ඇති දරුවා වව්නියාව, පුදුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තවත් දැරියක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඊච්චන්කුලම පොලීසිය විසින් සිදුකරනු…
මීට වඩා බදු බරක් මේ මොහොතේ ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බදු ආදායම ලබා ගැනීමේ ඉලක්කයක් තිබිය යුතු බවත් ඒ සඳහා තිබෙන බදු තවත් වැඩි කළ යුතු බවත් මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන බව කී විජයදාස රාජපක්ෂ මහතා එම ඉල්ලීම නැවත සලකා බලන ලෙස මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා ඇති බවද සඳහන් කළේය.