Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උතුරු,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලට පවතින වැසි තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින් කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී පෙරලිමෙන් 14 තුවාල ලබා ඇතැයි සේරනුවර පොලිසිය කියයි . කල්ලාර් යුද හමුදා කඳවුර ආසන්නයේදී සිදුවූ මෙම අනතුර සැලවීමත් සමග සමඟ සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් හා කල්ලාර් යුද හමුදා කඳවුරේ භට කණ්ඩායම් සමග එක්ව බසයේ සිරවී සිටී තුවාලකරුවන් සේරුනුවට රෝහලට ඇතුළත් කිරීමට වහා පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර තිබේ. ඒ, අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුවය. අදාළ සේවකයින් තිදෙනා විමර්ශන මගින් වැරදිකරුවන් බව තහවුරු වී ඇත. අනතුරුව, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙනා, සේවයෙන් පහ කිරීම සඳහා කථානායකවරයා පසුගියදා අනුමැතිය ලබා දී තිබේ. 2021 සහ 2022 කාල පරිච්ඡේදවල සිදු වූ මෙම ලිංගික හිංසනයන් පිළිබඳ 2023 වසරේ පුවත්පතක කරුණු වාර්තා විය. අනතුරුව එවකට කථානායකවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කර තිබුණි. එම විමර්ශන කමිටු වාර්තාව 2023 අගෝස්තු මස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත ලැබී තිබේ.…
ජනවාරි මුල් සති දෙකට වාර්තාගත ලෙස සංචාරකයින් 112,000ක් පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි
ප්‍රකාශයයක් ලබාදීම සඳහා ඊයේ (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් ඇත. ඔහු පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තාවේ. කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබුණි
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදිකල ඊගල්ස් සිටඩෙල්(‘Eagles Citadel golf Course’) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිළ වශයෙන්විවෘත කිරීමඅද (2025 ජනවාරි 17)වන දිනආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ සහභා- ගීත්වයෙන් සිදුකරන ලදි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධානම සංචාරක පරාදිසයක් ලෙස සැලකෙන සීගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලබන මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගනය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක සංචාරකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව ඉදිකර ඇති අතර ගෝල්ෆ් ක්‍රිඩාංගනයේ මනරම්බවට මෙන්ම ගෝල්ෆ් ක්‍රිඩකයින් ගේ අභියෝගාත්මක තරගකාරිත්වයක අත්දැකිම ලබා ගැනිමට අවස්ථාව සලසා දිමේ අරමුණින්…
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරුන් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අගමැති කාර්යාලයේ දී පසුගිය (16) හමුවිය. යුද හමුදාපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ අගමැතිනිය අතර සිදු වූ පළමු නිල හමුව මෙය වන අතර, නව හමුදාපති ලෙස පත්වීම පිළිබඳ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා වෙත අගමැතිනිය සිය සුභාශිංසන පළ කළාය. 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හා අගමැතිනිය අතර සිදු වූ පළමු නිල හමුවද ඊයේ සිදු විය. අභිනව නාවික හමුදාපති ලෙස පත්වීම පිළිබඳව වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත අගමැතිනිය සිය සුභාශිංසන මෙහිදී පළ…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර ඇත කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සදහා දිනකට ගමන්වාර 10 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා එක් මගියෙකුට යාමට අයකරන ගාස්තුව රුපියල් 450 කි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.
රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 15 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි. වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 15 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි. මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 17 දා සිදුකිරීමට නියමිතය…
