Author: LANKA24X7

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය. කොළඹ සිට හැටන් දක්වා පැමිණිමට ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විම නිසා ඇතැම් පිරිස් එක් වි කුලි පදනම මත බස් රථ රැගෙන හැටන් දක්වා පැමිණෙන අයුරුද දක්නට ලැබුණි. ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව යලිත් සේවා ස්ථාන වෙත යන බවයි එම පිරිස කියා සිටියේ.

Read More

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැයි, කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ දම්මින්න කොට්ඨාස සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. කාන්තාව අරලගංවිල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ඇපමත මුදාහැරීමටද පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමටද කටයුතු කරන බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි දිඹුලාගල දම්මින්න කොට්ඨාසයේ අදාල සංවිධායකවරයා එම කාන්තාවගේ නිවසට ගොස් පදිංචි ඉඩම අවලංගු කරන බවට බලපෑම් කර, සමගි ජන බලවේගයට ඡන්දය දෙන ලෙසට බලපෑම් කිරීම පිළිබඳව අරලගංවිල ඉහළවැව එම්.ඩී.එල්. චතුරිකා ද සොයිසා…

Read More

පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ඉන් සියයට 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා සීමාව තුළින් පමණක් වාර්තා වූ ක්ෂය රෝගින් සංඛ්‍යාව ඉන්දියාව සහ බංග්ලාදේශයට සමානවී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කළාය. වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණනයක් පිරිමි පුද්ගලයන් වන අතර දුම්පානය, මත්පැන් පානය කිරීම ඊට හේතුව බව විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Read More

ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය. මේ අතර මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු පැවතියද සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව ග්‍රාම නිලධාරි සංගම් පවසා තිබේ. සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ සියලු ග්‍රාම නිලධාරින් ඒ සඳහා එක්වී ඇති බවය. මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්දහිමියන්ට අද සහ හෙට තමා පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒ්වා ලබාගත හැකි…

Read More

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. මැතිවරණ දිනයේ දී රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක…

Read More

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර්ශවවලින් ඉල්ලීමක් කරයි. ඇතැම් සමාජ මාධ්‍ය ජාලාද නිල ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීම කරන්නේය. මේ අතර ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථානයන්හි සහ ඒ අවට ප්‍රදේශවල මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා කීවේය. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට නියමිතය. ගණන් කිරීම අවසන්වී ප්‍රතිඵල ලැබුණු පසු ඒවා මාධ්‍යයට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ඡන්ද කාර්යාල ඉවත් කිරීම…

Read More

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තාක්ෂණික කාරණා හේතුවෙන් සමාජ මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කරවී ඇති බවයි. සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ අසූවකට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඒවා නතර කරන ලෙසට පසුගියදා උපදෙස්දී තිබිණ. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දිගින් දිගටම උපදෙස් දුන් බවයි. එසේම මැතිවරණ කොමිෂන් සභාව…

Read More

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී සුමනසේකර මහතා පැවසීය. දේශපාලන කටයුතුවල නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන පවත්වා ඉන් නිලධාරීන් නව දෙනකුගේ මැතිවරණ රාජකාරි කටයුතු මෙසේ අත්හිටවූ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් ජයාන් ලක්මාල් මහතා පැවසීය. තවත් නිලධාරිනියක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු කීවේය. මෙසේ පැමිණිලි ලැබුණු පිරිසට වෛද්‍යවරු තිදෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. විදුහල්පතිවරු නවයක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් සහ ගුරුවරු සිවු දෙනෙක් සහ සමෘද්ධි කළමනාකරුවෙක් ඇතුළත්…

Read More

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා ඊයේ (19)දින පැවසිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ඇතුළු මෙම තිදෙනා ගෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්ව පසුගියදා ප්‍රකාශ සටහන් කොට ගෙන තිබුණි. පසුගිය 15 වැනි දින අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදි විභාගය පැවැත්විමට පෙර පළමු විභාග ප්‍රශ්න පත්‍රය එම විභාග මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් සිය ජංගම දුරකතනයෙන් ජයාරැප ගත කොට උපකාරක පංති පවත්වන ගුරුවරු පිරිසකට යවා ඇති බවට සිදුකළ මුලික විමර්ශණයේදි තහවුරැවු බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය. ඒ අනුව එම ශිෂ්‍යත්ව විභාග…

Read More

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ. අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ…

Read More