Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ස්වර්ණාභරණ මිලදීගන්නා මුවාවෙන් මහනුවර නගරයේ ස්වර්ණාභරණ ආයතන වලට ඇතුළු වී ස්වර්ණාභරණ පරීක්ෂා කරන අතරතුර ඊට ව්‍යාජ ස්වර්ණාභරණ තබා නියම ස්වර්ණාභරණ සොරකමේ යෙදුණ බව කියන තරුණ විවාහක යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකින් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වී ඇති එහි නිලධාරීන් අදාළ ස්වර්ණාභරණ ආයතනයට ගොස් සැක කටයුතු යුවළ පරීක්ෂා කිරීමේදී ඔවුන් විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කළාතුඔය ඇතුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එමයුවළ අවුරුදු 20-22 වයසේ පසුවන්නන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ලද තොරතුරු වලට අනුව මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බැංකු වලට උගස්කොට තිබූ…
බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි. ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ මට ජනතාවගේ ආදරය හුරුපුරුදුය. විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණු වලින් තොර වූවකි. එමනිසා, එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩිය. මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව කිව යුතුමය. බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැක. ජන නායකයෙකු ලෙස ලැබිය හැකි…
ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ලෝකය දිනාගෙන ඉදිරියට යමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පැවසීය. මේ ගමනේදී ජපානය, චීනය, වියට්නාමය වැනි රටවල් ලංකාවට උදව් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව කළ ආකාරයටම ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු කර අයෝජකයන් රටට නොපමාව කැඳවාගත යුතු බව ද අවධාරණය කළේය. ආණ්ඩුව ශක්තිමත් වෙමින් පවතින බවත් විපක්ෂය දවසින් දවස දුර්වල වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. එස්බී දිසානායක මහතා මෙසේ පැවසුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
අම්බලන්ගොඩ විහාරස්ථානයක් සංවිධානය කර තිබූ පෙරහරක කාවාඩි නටමින් සිටි 20 හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මරුමුවට පත්වී ඇත්තේ ඇත්කඳුර තණබද්දෙගම පදිංචි පී.එම්.මහීෂ පභාෂණ නමැති 20 හැවිරිදි තරුණයෙකි. අම්බලන්ගොඩ මාදම්පේ නගරය හරහා වීථි සංචාරය කරමින් සිටියදී කාවාඩි සංදර්ශණයේ යෙදී සිටි මේ තරුණයා නැටීමට නොහැකිව රෝගාතුර වීමෙන් පසු බලපිටිය රෝහලට රැගෙන ගෙනගිය බවද පොලීසිය කියයි. පෙරහරේ කාවාඩි නටමින් සිටියදී රෝගාතුරවූ මේ තරුණයා රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් ඇති බවද පොලීසිය කියයි. ඔහුට වෙනත් කිසිදු බෝනොවන රෝගයක් නොතිබූ බවත් මෙසේ මේ තරුණයා මිය යාම අදහා ගැනීමටවත් බැරි කියාවක් බව පවුලේ ඥාතීහු කියති. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර…
රාත්‍රී කාළයේදී පා ගමනින් යමින් සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකු විෂ සහිත සත්වයෙකු හෝ කෘමියෙකුගේ සපා කෑමට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි මිය ගිය දරුවා හෝමගම ලෙනගල ප්‍රදේශයේ තිබූ සැණකෙළියක් නැරඹීම සදහා තම සීයා සහ ආච්චි සමගින් පා ගමනින් යන අතරතුර කඩියෙකු තම කකුල සපා කෑ බවට පවසමින් හඩා ඇති බවත් පසුව සැණකෙළිය නරඹන අතරතුර උදරාබාධයක් ඇති වීමෙන් පසු දරුවා නිවසට රැගෙන ගොස් ඇත. අනතුරුට නිවසේ දී දරුවාට වමනය ගොස් දැඩි ලෙස රෝගාතුර වීම නිසාවෙන් හෝමගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දැඩිගමුව ලෙනගල සුහද මාවත පදිංචිව…
දිවුලපැලැස්ස තෙල්දෙණියාය ප්‍රදේශයට ඇද ඇළුණු අයිස් වැස්සක් සමග හමාගිය දැඩි සුළගින් නිවාස තිහකට පමන අලාභහානි වී ඇතැයි බදුලල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . ගස් කොලන් කඩා වැටී මාර්ග අවහිර වී විදුලි රැහැන් ද කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලි සැපයුම ද ඇණහිට තිබෙන බවත් දිවුලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් .ඩී.දේශප්‍රිය මහතා පැවසීය . මාස කීපයක් තිස්සේ පැවති දැඩි නියගය නිමා කරමින් අද පස්වරුවේ පැය දෙකකට ආසන්න කාලයක් පුරා මෙසේ අයිස් වැස්සක් පතිත වෙමින් දැඩි සුළගක් දිවුලපැලැස්ස තෙල්දෙණියාය ප්‍රදේශය හරහා හමාගිය බවත් , මේනිසාවෙන් ප්‍රදේශයේ නිවාස රැසක වහල සෙවිලි කර තිබු සෙවිලි තහඩ, උලු ගැලවී වහලවල් සුලගේ ගසා ගෙන ගොස් ගස්කොළන් කඩා…
ඇල්පිටිය , ගනේගොඩ ඉහල ඕමත්ත නිවසකට නාදුනන තුවක්කුකරුවන් වෙඩි තබා පලා ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් එම නිවසේ ඉදිරිපස ජනේලයකට හානි සිදුව ඇති බවත් කිසිවකුටත් හානියක් සිදුව නැති බවත් පොලීසිය කියයි. ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනු ලබන හිටපු යුද හමුදා සෙබළකු ඉල්ලක්ක කර ගනිමින් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලීසිය කියයි. මේ හිටපු හමුදා සෙබලා ගමේ නමක් ගත් චරිතයක් බවත් ඔහුට පාතාලයෙන් තර්ජන තිබී ඇති බවත් ඔහුව බිය ගැන්වීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි. නිවෙස් හිමි හිටපු යුද හමුදා සෙබලා නිවසේ සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු…
ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් යන අයගේ මස්සිනා රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමඟ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් ,එම මැගසිනයක් සහ ජිව උණ්ඩ එකක් සහ හොරයින් මත්කුඩු ග්‍රෑම් 577 ක් රුපියල් 505,000/= ක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් මේකේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ කැලණිය බියගම මාර්ගයේදී මෝටර් රථයකින් යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 27 මිලිගෑම් 810 ක් මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරමෙන්…
ගිගුරුම් සහිත වැසි ඇති විමේ හිතකර වායුගෝලීය තත්වයක් සවස් කාලයේ පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. තදවැසි තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනනැයි ද දැනුම් දෙයි. දිවයිනේ බොහෝ පළාත්වලට පස්වර 1.00 පමණ පසු ගිගුරුම් සහිතවැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කලෙයේදී වැසි ඇති විය හැකියි. බසනාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද සහ ඌව පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්තානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වේ.
ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත. මේ අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට ලිපියක්ද යොමුකර ඇත. මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද එකඟතාවය ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් පැවසේ. රජයේ අමාත්‍යවරුන් ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශයන්හිද ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කර ඇති බවට සඳහන් කර තිබීම හේතුවෙන් පසුගිය දිනවල මෙම මුදල් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක්ද නිර්මාණය විය
