Author: LANKA24X7

දුඹුරු සීනි සහ උක් සීනි ආශ්‍රිත නිෂ්පාදන රටේ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් මේ හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමා දුඹුරු සීනි පියා ලෙස හඳුන්වා ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කියනවාට තමා කැමති යැයිද අමාත්‍යවරයා කීය. දුඹුරු සීනි ප්‍රචලිත කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

Read More

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරුන්ද ජාතික වතු කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතාද ඊට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂ සිද්ධියක් විය. වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කළ හෙයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව මනෝ ගනේෂන් සහ වී .රාදක්‍රිෂ්ණන් යන මහත්වරු එහිදී ප්‍රකාශ කළහ.

Read More

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ. පාකිස්තානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය. පාකිස්තානු පිල ලකුණු 289 ක ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. බාබර් අසාම්, පාකිස්තානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස්…

Read More

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි බලපෑමෙන් උතුරු,උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු,නැගෙනහිර,උතුරු මැද,ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

Read More

පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්‍රදේශයේ ට්‍රැක්ටරයක් පෙරළී ඊට යට වී අවුරුදු 15 පිරිමි දැරුවකු මියගොස්,ඔහුගේ සීයා තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ, අශේන් යොමාර නමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි. සීයා සමග කුඹුරට ගොස් එමෙන් සිටීදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත

Read More

පොළොන්නරුව අරලගංවිල සිළුමිනසෑය ප්‍රදේශයේදී දියණියගේ නිවසට යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මව මියගොස් පියා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි. අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද ගිනිදමන මවක වන චන්ද්‍රා පොඩි මැණිකේ මහත්මිය වන අතර ඇයගේ ස්වාමියා කීර්තිවංශ ජයමාන්න මහතා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම මව සහ පියා තම දියණිය පදිංචි නිවස කරා ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන අරලගංවිල පොලිසිය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම් 16,915ක් පොලීසිය විසින් සිදුකර ඇති අතර එම මෙහෙයුම් මගින් පුද්ගලයින් 16,738ක්ද අත්අඩංගුවට ගෙන ඇත. එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 396 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝගද ලබා ගෙන තිබේ. මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන ඇත.…

Read More

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, 2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය. “මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රි ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණියා. මෙම එකඟතාව IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය…

Read More

සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණට ලක් කළේය. එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමකගේ විශේෂ අධීක්ෂණයෙන් දින 5ක් ක්‍රියාත්මක මෙම විශේෂ පුහුණු වැඩසටහන පදනම් ආයතනයේ දී පැවැත්වේ. මෙම පුහුණු වැඩසටහන් මාලාව මෙවර පවත්වනුයේ සිව්වන වරටයි. මේ වෙනුවෙන් මහාචාර්ය විල් බ්‍රෝටන් මහතා සහ එම පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමට මෙරටින් කිසිදු ගෙවීමක් හෝ මූල්‍ය දායකත්වයක් ලබා නොගන්නා අතර ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එම විද්වත් කණ්ඩායම විසින්…

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි. බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්ය. එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසීය. බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More