Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගියේය. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසිවී නොයන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන කතානායක විපක්ෂ නායක සහ සෙසු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ට එහි සාමාජික තනතුරට පමණක් සීමාවෙමින් මීළඟ සභාව පිහිටුවන තෙක් ඒ තනතුරුවල කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කළේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය. එම සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා…
2024 මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරා පත් කරගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයක් මඟින් යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත.එහිදී පිළිගත් දේශපාලන පක්ෂ ඇප තැන්පත් කළ යුතු නැත.වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තෝරා ගනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.එය 19කි.අඩුම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වන 04 දෙනෙකු තෝරා ගනු ලබන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. ස්වාධීන අපේක්ෂක කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ යුතු වැඩිම මුදල වන රුපියල් 42,000 කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙනි.අඩුම මුදල වන රුපියල් 16,000 මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙනි.
දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතමින් පැවසීය. දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඩ ජනතාව පිලිගැනීම ගැන තම ප්‍රණාමය පිරිනමන බවද පැවසූ ජනාධිපතිවරයා නීතිය ඉදිරයේ සැවොම එක සමාන බව මතයට තමා නැවත ජීවය ලබා දෙන බවද පුද්ගල තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කීවේය. ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කර ජනතාවට ඉක්මනින් සහන ලබාදීමට පියවරගන්නා බවද පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයට ජාත්‍යන්තරයේ හිමිවිය යුතු නිසි ගෞරවය ලබාදීමට කටයු කරන බවත් රට ගොඩ නැගීමට එක්වන සියලුම දෙනාට දොරටු…
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම විමර්ශනවල කරුණු සලකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බවද විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළඹෙන බවද අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියාය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. මේ අතර වැඩබලන පොලිස්පතිවරයකු ද පත් කිරීමට නියමිතව ඇති බව එම ආාරංචි මාර්ග කියා සිටියේය. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. ඉකුත් රජයේ දේශපාලන අවශ්‍යතාවන් මත පත්කර සිටි උසස් නිලධාරීන් කීපදෙනකුට ඉතිරි දිනවලදී එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා දක්ෂ පළපුරුදු නිලධාරීන් පත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත…
විභාග දෙපාර්තමේන්තුවේ විභාග වංචා හා ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි දිගින් දිගටම සිදු වෙනවා. මේ නිසා නව අධ්‍යාපන ඇමැති යටතේ විභාග දෙපාර්තමේන්තුව පූර්ව ප්‍රතිසංවිධානයකට යා යුතු යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මාධ්‍යට පසුගිය (24දා) පැවසීය. විභාග දෙපාර්තමේන්තුව පූර්ව ප්‍රතිසංවිධානයකට නොගියහොත් දරුවන් මානසිකව පීඩාවට පත්වන බවද හෙතෙම කියා සිටියේය. තවදුරටත් කතා කළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේ ද කීය. විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ තිබූ දුර්වලකම් නිසා විභාග වංචා, ප්‍රශ්න පත්‍ර පිටවීම් සිදුවුණා. මේ නිසා බොහෝ දරුවන් පීඩාවට පත්වුණා. විභාග වංචා කරපු අය ලැයිස්තුගත කරලා තියෙනවා. නමුත් ඒ අයට දඬුවමක් නැහැ. විභාග පනත සංවර්ධනය කරලා නැහැ. එයත් සංවර්ධනය කළ යුතුයි. මේ…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි. අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතය.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ,ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද විජිත හේරත් මහතායි.
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනපති අද පස්වරු 7.30ට ජාතිය අමතයි.
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දින සිට ඉදිරි දින 60 ක කාලයක් බලපැවැත්වෙන පරිදි එම අනුකමිටුව සහකාර තේරීම් භාර නිලධාරී ශානක ත්‍රිමාන මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට නියමිතය 2023 අංක තුන දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අනුකමිටුව පිහිටුවනු ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි
