Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය පැවසුවේ අද සහ හෙට දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවය. ඒ අනුව පස්වරු 3.30 සහ 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවු ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.65 ක් ලෙසිනි. පසුගිය පෙබරවාරි 05 වනදා මෙම අගය රු. 299.14 ක් දක්වා ඉහළ ගිය අතර එතැන් පටන් මේ දක්වා ඩොලරයේ මිල ක්‍රමිකව පහළ බසින අයුරු නිරීක්ෂණය කළ හැකිය. මීට අමතරව, ඔස්ට්‍රේලියන් ඩොලරයේ ගැනුම් මිල රු. 181.70 ක් හා විකුණුම් මිල රු. 190.95 ක් ලෙසින් වාර්තා විය.
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීය. මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී ඇත. එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය. ඊයේ (09) උදෑසන 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය. මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය. විදුලි බල…
සමස්ත රටටම ඊයේ පෙරවරුවේ විදුලිය විසන්ධි වීමට හේතුව ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය පහත දැක්වේ. “ඊයේ දින පෙරවරු 11.15ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමක් සිදු විය. මේ සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතුවේ. පානදුර විදුලි උපපොලේ 33…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුනකට අනිද්දා (12) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී තිබේ. ඒ අනුව ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ.වී.ජේ.කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන තනතුරේ සිට අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති පී ලියනගේ මහතා බස්නාහිර පළාත (රථ වාහන) නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටත්, නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ…
ගිරාදුරුකෝට්ට සිට්සි ප්‍රදේශයේ ඉඩමක හොර රහසේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . මොවුන් විසින් නිධන් හෑරීමට යොදා ගත් අලවංගු තුනක්, උදැල්ලක් , කුලුගෙඩියක් , යකඩ අඩු මිටියක්, පුහුල් ගෙඩියක් ද අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය . ගිරාදුරුකෝට්ට අගලඔය , අලුත්තරම , පස්සර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හයදෙනෙකු ඊයේ (9) මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .ගිරාදුරුකෝට්ට පොලිසිය පරික්ෂණ පවත්වති .
නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර අද (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ. මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමග ධාවනයට එක් කරන අතර, (10) දින උදැසන 8.15 ට පළමු දුම්රිය ගමන් වාරය ආරම්භ කරනු ලැබුහ. මෙම දුම්රිය යළිත් පස්වරු 1 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනයට එක් කරනු ලබයි. මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කල ආසනයක් රු 7000 ක්, දෙවන පන්තියේ ආසනයක් රු 6000 ක්, තෙවන පන්තියේ ආසන රු 5000 ක් වැනි මිලකට අලෙවි කරන අතර, දෙස් විදෙස්…
රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන , කොළඹ – 10 , මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙකි . ඔහු ඊයේ (09) රාත්‍රී 07.15 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000…
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(10) නියෝග කළාය. මීට වසර දෙකකට පෙර (2022)වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුදුවත්ත පොලිසිය ගොනුකොට තිබූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අද උදෑසන නිකුත් කළාය . සැකකාරිය වරෙන්තු නිකුත් කොට ටික වේලාවකට පසු නීතීඥ වරයකු මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
