Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුපියල් කෝටි 20 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ පිලිපීන කාන්තාවක අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පවසයි. ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබුණි. ඉන්පසුව ඇය එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් ද සගවා ගෙන රැගෙන විත් තිබුණි . ඇයට සිය…
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ග පවසයි. මෙම පරිප්පු තොගයේ තක්සේරු වටිනාකම ලෙස සඳහන් වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකි. මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් දැනගන්නට තිබේ. මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක් තිබී ඇතැයි පැවසේ. මෙයට අමතරව මෙම කණ්ඩායම රාජ සන්තක කෙරුණු තලපත් බහාලුමක් ලබාගෙන තලපත් කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ. මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත්වීමෙන් මේ ආකාරයට…
පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි . විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට සමගාමීව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වර්ජනයට එක්ව සිටින වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් කඩවී ඇති බවද ඒ මහතා පවසයි . ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කොට ඇති අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ව්‍යාපෘති තුනක් මැයි මස 31 සහ ජුනි මස 04 දිනවල පැවැත්වීමට සූදානම්…
වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. නිලධාරීන් 35 දෙනෙකු 2016 වර්ෂයේ දී ද නිලධාරීන් තිස් දෙනකු 2017 වර්ෂයේදීද නිලධාරීන් විසිඑක් දෙනකු 2018 වර්ෂයේදීද 16 දෙනකු 2019 වර්ෂයේදීද තුන් දෙනෙකු 2020 වර්ෂයේ දීද දාහත් දෙනෙකු 2021 වර්ෂයේදීද නිලධාරීන් තිස් දෙදෙනෙකු 2022 වර්ෂයේදීද නිලධාරින් 20 දෙනකු 2023 වර්ෂයේදීද රුපියල් කෝටියකට වැඩි මුදලින් මෙසේ ත්‍යාග ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකා රේගුවේ ඉහළම ත්‍යාග මුදල් ලබාගෙන ඇති නිලධාරීන් 100දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම කෝටි 104 ක් බව බව ජාතික විගණන…
නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) තීරණය කළේය. පළාත් පාලනය මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණත් මෙතෙක් එය නොපවත්වා කල් දමා ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සිව්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් ලබන 29 සහ 31 යන දිනවලද ජුනි 03 සහ 05 වැනි දිනවලද දවස පුරා විභාගයට ගෙන…
සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. එහිදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ෆ්‍රැන්සිස්කෝ මහතා කීවේ රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනැගූ ආකාරය දැක සමගි ජන බලවේග නායකයාට කිසිම දැක්මක් නැති බවට තහවුරු වීමෙන් පසු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට තීරණය කළ බවයි.
අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ ගෙවීමේ කාලය දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන ඇතැම් පිරිස්වලට එම සහනාධාරය 2026 වසරේ ජූනි 30 වැනිදා දක්වා ලබා දෙන බව සඳහන් කර තිබේ. මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ පරිදි අස්වැසුම ප්‍රතිලාභ හිමි පිරිසකට එම ප්‍රතිලාභය ලබාදෙන කාලය ජුනි 30 වැනිදායින් අවසන් කර තිබිණ. තවත් පිරිසකට අස්වැසුම ප්‍රතිලාභය ලබා ලබාදෙන කාලය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් කිරීමට නියමිතව තිබිණ. එහෙත් ජනාධිපතිවරයා අලුතින් නිකුත් කර ඇති…
කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් I පොලිසි අධිකාරී කාර්යාලය පවසයි. මෙසේ වැඩතහනමට ලක්වී ඇත්තේ අනුරාධපුර කවරක්කුලම පොලිසියේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ බව පොලිසිය කියයි. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව තිරප්පනේ පොලිසියේ පොලිස් කණ්ඩායමක් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙස වටලා කසිප්පු ලීටර් 14 සහ මිලිලීටර් 250 ක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණි. එම උප පොලිස් පරීක්ෂකවරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වැඩ තහනම් කළ බව අනුරාධපුර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවී අද (21) ට වසර තුනක් සපිරෙයි. එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපයේ පරිසරය දූෂණය ට ලක්විය. සිය ජීවනෝපාය හරිහැටි කිරීමට නොහැකි බවට ධීවරයින් තවමත් මැසිවිලි නගයි. මේ අතර හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවර සමිති 9 ක සාමාජිකයින් තමන් මුහුණදී ඇති ගැටලුවලට ප්‍රතිකර්ම යොදන ලෙස බලකරමින් අද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි. ඔවුන් ඇලකන්ද තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ බවට වාර්තාවේ.
ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වේ. අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. වෙසක් සතියේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. වෙසක් සමයේ අනවශ්‍ය සැණකෙළි ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය. වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ…