Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ගොවියා, රාජ්ය සේවකයා පෙරටු කර ගෙන රාජ්ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්ය සේවකයාත් අමතක වී ඇතැයි – විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. ගොවියාට පොහොර සහනාධාරය හෝ වී සඳහා ප්රමාණවත් සහතික මිළක් හෝ නොලැබෙන බවත් රාජ්ය සේවකවයාට පොරොන්දු වූ වැටුප් වර්ධක හිමිව නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් ගොවියාට නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්රමිතියෙන් බාල බවත් හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය. වගා හානී වන්දිි පවා නොලැබ ඇති බැවින් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය. ගොවියන්ට රාජ්ය සේවකයන්ට බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය පැමිණ ඇති…
ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස්වා ඇත. එසේ එවනු ලැබූ මෙම ඡායාරූපයේ ඉහළින් කුඩාවට දකින්න ලැබෙන්නේ අප පෘථිවියයි. මෙම ඡායාරූපයේ බ්ලූ ගෝස්ට් යානයේ සෙවනැල්ල ද දකින්න ලැබෙයි. එය විශේෂත්වයකි. යානයේ සම්පූර්ණ හැඩය සෙවනැල්ල මගින් දැක ගැනීමට හැකිය. යානයේ ඇන්ජිමත් දකින්න ලැබේ. ඊට අමතරව චන්ද්ර පෘෂ්ඨයේ පැහැදිලි දසුන් ද ඡායාරූපයෙන් දකින්න ලැබේ. ඡායාරූපයේ පෘථිවිය තරමක් කුඩා අයුරින් දකින්න ලැබෙන්නේ, යානය භාවිතා කරන අල්ට්රා වයිඩ් Ultra Wide කැමරා කාච නිසාය. අප මෙම යානය ඇති තැන සිටින්නේ නම්, පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇත.…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැක.
යපනය පේදුරුතුඩුව ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය. පේදුරුතුඩු පොලිස් නිලධාරීන් පිරිසකට කේරල ගංජා වැලි ටිපරයක ප්රවාහනය කරන බවට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මුරකාවල් යොදනු ලැබීය. එහිදී සැකසහිත ටිපර් රථයක් නැවත්වීමට සිදුකරන ලද නියෝගයකදී වැලි ප්රවාහනය කරන ලද ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ බවට පොලීසිය පැවසීය. පසුව මුරකාව් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ටිපර් රථය පසුපස ලුහුබැඳ ගොස් නැවත්වීමට අණ කරද අණ නොතකා ධාවනය කිරීඹ හේතුවෙන් පොලිස් නිළධාරීන් විසින් වෙඩි තැබීම…
ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙකක් ගලෙන්බිඳුනු වැව පොලිසිය මගින් සොයා ගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය පවසයි. ටී 56 උණ්ඩ 281ක් සමග එම මැගසින් පහක්, එස් එල්, ආර් වර්ගයේ උණ්ඩ , 84එස් වර්ගයේ උණ්ඩ 06ක්, 84එස් පුහුණු උණ්ඩ 07ක්, මිලිමීටර් 6 පිස්තෝල උණ්ඩ 03ක්, එස් ඒම් ජී මැගසීන් 1ක් සහ අත් බෝම්බ හතරක් සොයා ගත් භාණ්ඩ අතර තිබූ බවයි පොලිසිය සඳහන් කළේය. මෙම නිල නිවසේ සිටි පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පවුලේ අය සමඟ ඉහත නිවසේ පදිංචිව සිට ඇති අතර 2022.2.11 දින වැඩ…
පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකි. තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ 02 රාත්රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය 119 වෙත ලද දැනුම් දීමකට අනුව පොලිසියේ රාත්රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. දැරිය උපකාරක පංතියකට යන බව පවසා ඇයගෙ පෙම්වතා සමග කිරින්ද ප්රදේශයට ගොස් ඇති බවට මවට සැලවීමත් සමඟම…
වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්රදර්ශනය එළැඹෙන අප්රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා ඇත. මෙම විශේෂ දළදා ප්රදර්ශනය පිළිබඳව අද (2) මහනුවරදී පැවැති මාධ්ය සාකච්ඡාවකදී දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසීය. ‘සිරි දළදා දැක්ම’ නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්රී දළදා මාලිගය පරිශ්රයේදී පුරා දින 10ක් පැවැත්වීවමට කටයුතු යොදා ඇත. දළදා ප්රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5ට අවසන් කෙරේ. ඉන් අනතුරුව 19වනදා සිට දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පවසා සිටියේ, එළැඹෙන…
මේ දිනවල පැවැත්වෙන ක්රීඩා තරඟ සහ පාසල් ක්රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පැවසීය. වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්යාවේ කැපීපෙනෙන වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බවත් විශේෂඥ වෛද්යවරයා සඳහන් කළේය. රෝහල් තුළ ඇදුම රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්ය ප්රතිකාර ලබාගැනීමට මව්පියන් කටයුතු කළ යුතු බවත් ඔහු කීය. පවතින අධික උණුසුම් තත්වය හේතුවෙන් පාසල්වල නිවාසාන්තර ක්රීඩා…
ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීමට විරෝධය දක්වමින් ක්රියාත්මක කරන ඉන්ධන ඇනවුම් නොකිරීමේ ක්රියාමාර්ගය තවදුරටත් ක්රියාත්මක කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (2) පස්වරුවේ පැවසීය. ඉන්ධන පිරවුම්හල් සතුව තිබූ ඉන්ධන තොග තවදුරටත් ජනතාවට බෙදාහරින බවත් එම තොග අවසන් වූ පසු හෙට (3) පෙරවරුව වන විට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය. එම ක්රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්රීය 8.00 ට වසා දමන බව ද කී එම නිලධාරියා රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් මීට පෙර පැය 24 සේවා කාලයක් ඉන්ධන සැපයූ බව ද සඳහන් කළේය. ඉන්ධන පිරවුම්හල්වලට සෙනසුරාදා…
රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා එහි රියදුරු මීගමුව කොප්පරා හන්දිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (01) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ රාත්රියේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් මත්පෙති නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට රැඟෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව කොළඹ – මීගමුව ප්රධාන මාරගයේ කොප්පරා හන්දියේදී වෑන් රථයක් පරික්ෂා කර තිබුණි. එහි තිබී රුපියල් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති ලක්ෂ 05ක ප්රමාණයක් සොයාගෙන ඇති අතර බලපත්රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබාගෙන ප්රවාහනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු,ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනය…
