Author: LANKA24X7

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටිති. කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය ක කෙරුණේ පසුගිය මස 26 වැනිදාය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පලා ගොස් තිබිණ. මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ ඊ (15) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම විය. ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක ඉලක්කය ඕවර 47.1 කදී කඩුලු හතක් දැවී සම්පූර්ණ කළේය. ශ්‍රී ලංකාව ලකුණු 43 කට කඩුලු තුනක් දැවී සිටියදී පැතුම් නිස්සංක (114) සහ චරිත් අසලංක (91) සිවුවැනි කඩුල්ලට ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ. පැතුම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කින් ලකුණු 114 ක් රැස්කළ…

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණ. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමුවිය. ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කළේ දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රීලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර තිබේ. මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බවද එහි නායකයෝ පවසති. ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරති. යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා…

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන්ගේ නම ද ඈ දා ගනිමින් කර ඇති අසත්‍ය ප්‍රකාශයකට තමාට පිළිතුරු දීමේ අයිතියක් ඇති බව සඳහන් කරන සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනුයේ එවකටත් ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කටුනායක ගුවන්තොටුපලෙන් පිටවී යාමට සෝභිත හිමියන්ගේ අවසරයක් හෝ පහසුකමක් අනවශ්‍යව තිබූ බවය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත් 2022 වසරේ ජූලි මස දොළොස්වෙනි දින…

Read More

රටතුළ පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ පානීය ජල සපයා ගැනීමේ ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව වහාම 117ට ක්‍ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. එවැනි ප්‍රදේශවල ජනතාව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන එම දැනුම් දීම කළ යුතු බවත් එවැනි ප්‍රදේශවලට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සහ ජල ප්‍රවාහන ඒකක එක්ව ජලය සැපයීමට කටයුතු කරන බවත් කොඩිප්පිලි මහතා කීය. ජල සම්පාදන මණ්ඩලයේ ජලය සැපයුම කිසියම් ප්‍රදේශයකට නොලැබුණොත් එම මණ්ඩලයේ 1939 යන ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් පාවිච්චි කරන ලෙස…

Read More

අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට මුම්බායිහි කෝකිලාබෙන් රෝහල වෙත ගිය අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුතාවයට ප්‍රතිකාර කිරීමට නේවාසික රෝගියෙකු ලෙස රෝහලට ඇතුළත් වන ලෙස වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ට උපදෙස් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. අනතුරුව හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවී ඇත්තේ පාදයේ ලේ කැටියක් හිරවීම නිසාවෙන් බව වෛද්‍යවරුන් සොයා ගෙන ඇති බවත් එම ලේ කැටිය ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන් අමිතාබ් බච්චන්ව සුළු ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය. ප්‍රතිකාර ගැනීමෙන් පසුව අමිතාබ් බච්චන් ඊ (15) රෝහලෙන් පිටව පළා…

Read More

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු හමුදා ප්‍රංශයට පැමිණි මුහුදු වෙරළේදී හැරල්ඩ් සහ ජිනේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතය.2021 වසරේදී හැරල්ඩ් සහ ජිනේගේ ප්‍රේම කතාව ආරම්භ වී ඇත. ජිනේ සැබැවින්ම තම ජිවිතයේ විශේෂ චරිතයක් බවත් ඇයට හදවතින්ම ආදරය කරන බවත් හැරල්ඩ් පැවැසුවේය. හැරල්ඩ්ට මුළු හදවතින්ම ආදරය කරන බවත් ඔහු හාදු දීමට දක්ෂයකු බවත් ජිනේ ප්‍රකාශ කළාය.දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන් වන අතර ඔවුන් දෙදෙනාම ආදර සබඳතාවය ආරම්භ කිරීමට ප්‍රථම වැන්දඹුවන්ය.හැරල්ඩ් 1942 වසරේදී…

Read More

2021/2022 අධ්‍යන වර්ෂයේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් කැදවීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශය ඊ (15) දින නිකුත් කර ඇත. අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමවේදයට සිදු කරන අතර සුදුසුකම් ලබන සිසුන් තෝරා ගැනීමේදී මාර්ගගත ක්‍රමයට සිදු වන බවද අමාත්‍යංශය සදහන් කරයි. අයදුම් කිරීම අද දහවල් 12 සිට ආරම්භ වු අතර එය අප්‍රේල් 05 දින අවසන් වීමට නියමිත බවත් අද දහවල් 12ට පෙර අයදුම් කළ සිසුන්ගේ අයදුම්පත් නොසලකා හරින අතර නැවත එම අයදුම්පත් මාර්ගගතව අයදුම් කරන ලෙසද අමාතංශය අවධාරණය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දක්වමින් සංවිධානය කෙරෙන එම මැයි දින රැලිය අති සාර්ථක කර ගැනීම සඳහා පක්ෂයේ සියලු සංවිධායකයන් ගේ සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය. රවී කරුණානායක මහතා මේ බව කීවෙි කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය. ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු රට මේ වන විට නිවැරදි මාවතට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව ඇති බවත්…

Read More