Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. මෙම වාහනවලින් 435 ක් රේගුව, පුද්ගලික සමාගමකින් කුලියට ලබාගෙන ඇති මට්ටක්කුලියේ පිහිටි ඉඩමකද, අනෙක් වාහන 202 රුහුණුපුර වරාය බිමේද රඳවා ගාල්කර තිබෙන බව විගණන කාර්යාලය රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉකුත් වසර වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක සඳහන් වේ. මෙරට විනිමය වැයකර මෙරටට ගෙන්වා වසර පහකට අධික කාලයක් ගත්වී ඇති වාහනද සහිත මෙම වාහන තොගය දිගු කලක් තිස්සේ මෙලෙස දිරාපත් වීමට ඉඩහැර තිබීමෙන් වෙන්දේසියකින් සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද විගණනයෙන් පෙන්වා දෙයි. මෙයින් බොහෝ වාහන සම්බන්ධයෙන් තවමත්…
අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ සම්බන්ධ කමිටු වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹදී අද (28) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය. ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව…
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.
කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැදවූ පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම මෙම පිරිසව අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මෝදර, කෙරවලපිටිය හා මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. දීර්ඝ කලක සිට මෙම පිරිස මධ්‍යම රාත්‍රියේ දී කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝල ප්‍රදේශයේ මෙම රේස් පැදීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම රේස් පැදීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට, පදිකයින්ට සහ ප්‍රදේශවාසීන්ට මහත්…
ඉන්දු – ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමක් හෙට (29) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ධීවර අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එම්. එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඉන්දු – ලංකා ඒකබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 06වන රැස්වීම මෙය වන අතර මේ සඳහා නිලධාරී මට්ටමේ සාමාජිකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධුරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන ‘බොටම් ට්‍රෝලින්’ ක්‍රමය මඟින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඉන්දීය තානාපති කාර්යාලය…
ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාදැයි සෙවීම සඳහා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මාධ්‍ය හමුවකදී ජන අරගල සන්ධානය රජයෙන් ඉල්ලීමක් කළේය. මෙරට ඇතිවූ විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස ගෙන්වූ විද්‍යුත් චිපය රහිත ගමන් බලපත්‍ර 750,000 ප්‍රමාණය නිකුත් කිරීමේදී එක් ගමන් බලපත්‍රයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1.45 ක මුදලක් එපික් ලංකා සමාගමට ගෙවීමට සිදුව ඇති බවත් මෙම ගෙවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 ක පමණක් මුදලක් නාස්ති වන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට කැඳවූ ටෙන්ඩරයේදී එක් විදේශ…
මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම මෙලෙස සංග්‍රහ ලබාදී ඇති බව ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ආකාරයට සංග්‍රහ ලබාදීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි. එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන…
පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් සඳහා හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගි වූයේය. ඉන්ඩස් ෂීල්ඩ්-2024 යනු කලාපීය ගුවන් හමුදාපතිවරුන් හා ජේෂ්ඨ හමුදා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් බහුකාර්ය යුධ මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කෙරෙන, කලාපයේ මෙන්ම කලාපයෙන් පිට ගුවන් හමුදාවන්ගේ සහයෝගීතාවයේ වැදගත්කම ප්‍රදර්ශනය කෙරෙන යුද්ධ අභ්‍යාස මාලාවකි. මෙහිදී දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර නිල සාකච්ඡාවක් ඉස්ලාමාබාත්, පාකිස්ථාන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදී මූලික වශයෙන් කලාපීය ආරක්ෂාව හා මෙහෙයුම් සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරන ලදි. පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා අනාගත යුද මෙහෙයුම් වලට අනුගත වීම…
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දි හෝ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර,සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව සුළං ද ඇති වේ.
ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක් අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් තිදෙනා කිසිදු හේතුවක් නැතිව පැය කිහිපයක් පුරා වෙරළ තීරයේ රැඳී සිටින බවට, පොලිසියට ලද තොරතුරකට අනුව ඉකුත් 24 වැනිදා මධ්‍යම රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අවුරුදු. 18, 20, 27 යන වයස්වල පසු වන්නෝ වෙති.
