Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණි. ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd. විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, තාක්ෂණික…
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා ඉල්ලා සිටියි. ඔහු පැවසුවේ නව පාස්පෝට් තවත් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු එම ගැටලුව විසඳෙන බවත්ය. පසුගිය දින වල බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලට පාස්පෝට් ලබාගැනීම සඳහා විශාල වශයෙන් පිරිස් පැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවුණි. “ප්‍රමුඛතාවය එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. ඇත්තටම ඒක නිර්ණය කරන්න වෙන්නේ ඇත්තටම මානුෂීය හේතු සහ එය දිහා බලලා. 10,000ක් එන්නේ නෑ. නමුත් 2,000ක් විතර දවසකට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ අයට ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය අසාර්ථක වෙලා තියෙනවා. මොකද ඒකේ ව්‍යාජ ක්‍රම භාවිත…
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ප්‍රමාණවත් පරිදි දුම්රිය කාර්මික ශිල්පීන් නොමැතිවීම දුම්රිය නිරන්තරයෙන් කාර්මික දෝෂවලට ලක්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වෙයි. පසුගිය කාලසීමාව තුළ මෙන්ම ඊයේ (28) සහ අද (29) දිනයේදීත් දුම්රිය කිහිපයක් කාර්මික දෝෂවලට ලක් වූ අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් විය. මේ සම්බන්ධයෙන් “අද දෙරණ” සිදුකළ විමසීමක දී දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ කාර්මික ශිල්පීන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී දැනුම් දී ඇති බවය. එහෙත් මේ දක්වාත් ඊට විසඳුම් ලබාදීමට පැවති රජයන් අපොහොසත් වූ බව ද ඔහු සඳහන් කළේය. දිගින් දිගටම දුම්රිය කාර්මික ශිල්පීන්ගේ හිඟය පැවතියහොත් ලබන වසර වන විට දුම්රිය…
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. එමෙන්ම කිසිම රටකින් අලුතින් ණය ගැනීමක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එලෙස අලුතින් මුදල් අච්චු ගසන්නට මහ බැංකු පනත යටතේ අවසර නැති බව කී අමාත්‍යවරයා හොරෙන් මුදල් අච්චු ගහන්නට හැකියාවක් නැති බව කීය. එලෙස මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් එය කළ යුත්තේ නව මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක මහතාගේ අත්සනින් බව කී කැබිනට් ප්‍රකාශකවරයා මුදල් අච්චු ගැසුවේ නම් ජනතාවට එය දකින්නට ලැබෙනු ඇති බව සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත හේරත් මහතා මේ බව කීය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක ඊයේ නිරත විය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහු යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි. ආරක්‍ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී, ආරක්‍ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර,…
බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
කටුනායක ගුවන් තොටුපොලේ බෝම්බයක් ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන්පුද්ගලයෙකු වාරියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි (67) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි. කටුනායක ගුවන් තොටුපොලෙහි බෝම්බයක් ඇති බවට සඳහන් කරමින් මොහු ඉකුත් (27) දින ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කළමනාකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම ඇමතුමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ කටයුතු වලට බාධා එල්ල වූ අතර, ගුවන් තොටුපොල සහ මගීන් දැඩි පරීක්ෂාවට ලක් කර ගුවන් ගමන් ප්‍රමාදයක් ද සිදුව තිබුණි.
දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ලද වරාය ව්‍යාපෘති හතරක ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට අදාල මුදල් ගෙවීම ප්‍රමාද කිරීම නිසා ඔවුනට ප්‍රමාද පොලී ගෙවීම හේතුවෙන් ධීවර අමාත්‍යාංශය විසින් රජයට රුපියල් 226 ,324 ,249 ක මූල්‍ය අලාභයක් සිදුකර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. ඉකුත් වසරේ දෙසැම්බර් 31 දින වන විට එලෙස මෙම මුදල් ගෙවීමට සිදුවී ඇති බව විගණන කාර්යාලය මගින් ධීවර අමාත්‍යාංශයට අදාලව නිකුත් කළ විගණන වාර්තාවක සඳහන්වේ. භාණ්ඩාගාරය විසින් නියමිත පරිදි අක් මුදල් ලබා නොදීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට අදාල මුදල් ගෙවීම ප්‍රමාදවූ බව ධීවර අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මේ සම්බන්ධයෙන් විගණනයට පිළිතුරු ලබාදී තිබේ. ප්‍රමාද පොලී ගෙවීමක් නොවන පරිදි ව්‍යාපෘති ආරම්භ…
අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ බව කියන මාලදිවයින් ජාතිකයෙකු දෙහිවලදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්‌ථානය පවසයි. ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකර විමර්ශනයේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති අතර දෙහිවල සිරිපාල පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මෙරටට පැමිණියේ ඇයිද යන්න සහ කුමන අන්තවාදී හා ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ ද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.
එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (30) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි. හෙට දිනයට අමතරව නොවැම්බර් 1 හා 4 යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. එම දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන්ට නොවැම්බර් මස 7 හා 8 දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
