Author: LANKA24X7

හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් දැන්වීමක් පළ තිබේ. එහි සඳහන්ව ඇත්තේ “ඔබ ගැහැණු ළමයෙක් නම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමේ දී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර ඔබේ දෙමාපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න.” යනුවෙනි. එවැනි අවස්ථාවක කාන්තාවකට යම් හිංසනයක් සිදුවුවහොත් 109 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ද අදාළ දැන්වීමේ සඳහන් වේ.

Read More

නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිපතිවරයා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නීති නිලධාරින්ගේ සංගමයේ වැඩබලන ලේකම් ටෂ්යා ගජනායක මහතා සඳහන් කළේ මෑත කාලීනව නීතිපතිවරයා සම්බන්ධයෙන් පැතිර යන වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශ පිළිබඳව සිය සංගමය දැඩි කණස්සල්ල පල කරන බවය. නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සඳහා නීතිපතිවරයා විසින් පසුගිය දිනක ලබා දී තිබූ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුකූලව සිදුකර ඇති බව නීති නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. අදාළ නිර්දේශ ලබාදීම සිදුකර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නිසි නීතිමය කරුණු සලකා බලා බැවින් එම තීරණය සම්බන්ධයෙන් සිය සංගමය උපරිම විශ්වාසය පල…

Read More

පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා කළ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් කළ බව ද එම අධිකාරිය සඳහන් කළේය. කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ, හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ මහව යන ප්‍රදේශවල මෙම වැටලීම් කළ බවත් එහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 270 වැනි මිල ගණන්වලට අළෙවිකරණ කළ වෙළදුන් හසුවූ බත් එම අධිකාරිය සඳහන් කළේය.

Read More

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල් වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටී 18 හැවිරිදි කේසාන් සදරුවන් නමැති තරුණයකු බවට හදුනාගෙන තිබේ. අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනෙකු සහ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවක් සදහා පැමිණි අටදෙනෙකුද ඊයේ (12) පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇති බව පැවසේ. එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්…

Read More

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස එක් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (12) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමිනි. ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය දේශනය පවත්වනු ලැබීය. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණ. මානව වර්ගයා සම්බන්ධ වැදගත්…

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය. එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව…

Read More

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර පසුගිය (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකාර සිසුන් අට දෙනා මුදා හැරීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ගීතා ආරියසේන මහත්මිය අද (12) දින නියෝග කලාය එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස ඇමතූ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතු බවට දැඩි ලෙස එම සැකකාර සිසුන්ට දැඩි ලෙස අවවාද කලාය එහිදී සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නවගමුව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තුවාල ලැබූ සිසුන් සිව් දෙනකු මුල්ලේරියාව මූලික රෝහල…

Read More

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඊයේ (12) දා පස්වරුවේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. එම බිිම බෝතලය පානය කිරිමත් සමග එම දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බිිම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනිප තත්ත්වයක් ඇති වි ඔහුද බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙි. රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරැවන් පිරිසක් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතර තුර මෙලෙස මෙම ආපනශාලාවට ගොස් ඇත. එහිදී මෙම දැරිය පළමුව එම බිම බෝතලයෙන් කොටසක් පානය කර තිබෙන…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read More

යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ ‍පොලිසිය කියයි. මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීගොඩ ගොඩගම හන්දිය අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1130 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන ආ බවත් මිලදී ගැනීමට පුද්ගලයකු ගොඩගම හන්දියට පැමිණෙන බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයට…

Read More