Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී දෙදරු මවක් ඝාතනය කළ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක් වූ මඩංවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් යටතේ බලංගොඩ මුලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි. රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පසුගිය 14 වනදාය. ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි. පොලීසිය සැක කළේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට…
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60 ක් ප්‍රකාශයට පත් වෙද්දීය. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි. රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිබෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය. ජල පරිබෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාළයේදී ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවත් ඇය සඳහන් කළාය. ජලය නොැලබීයාම හා අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීම් වලට අදාළව ලැබෙන පැමිණිලි සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කළුආරච්චි මහත්මිය පැවසුවාය. කෙසේවෙතත් මේ වනවිට උපරීම ධාරිතාවයකින් ජලය බෙදාහැරීමට පියවර ගෙන ඇති බවත් අය කීවාය. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු…
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ වාලම්පූරියක් අලෙවි කිරීමට රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව, දෙල්දූව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවස්ථානයක් ආසන්නයේදී සැකකරු පරීක්ෂා කොට වාලම්පූරිය සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු වන ඔතේ කැලේ මානා නොහොත් සමන් කුමාර නැමැත්තාගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කෝටි විසිතුනහමාරක කසිප්පු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එහිදී ගෝඩා බැරල් 130 ක් පොලිසිය විසින් සොයාගත් අතර ඔතේ කැලේ ඇළ ඉවුරේ ජයටම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් සිදුකරනු ලබන වැටලීම් හේතුවෙන් මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරු වන මානා නැමැත්තා පොලිස් නිලධාරීන් අමතා වැටලීම් සිදුනොකරන ලෙසට දුරකතනය කතා කරමින් හඩා වැළපෙන බව ද පොලිසිය කියයි. මීට සතියකට පමණ පෙර ඔතේ කැලේ ප්‍ර දේශයෙන් ගෝඩා බැරල් 80 ක් වලාන මධ්‍යම…
දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක මත් කුඩු සමග රත්ගම වැල්ලබඩදී ඊයේ (17) පස්වරුවේදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. මේ සැකකාරිය මීට පෙරද මත් කුඩු සන්තකයේ තබාගෙන සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත නිදහස්ව සිටින මවක් බව ද පොලීසිය කියයි. සැකකාරිය මත් කුඩු ළග තබා ගැනීමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හික්කඩුවේ කුඩු සුරංග නමැත්තාගේ භාර්යාව බවත් ඇයගේ දියණිය දකුණේ පාසල් කිහිපයකම කරාතේ උපදේශිකාවක ලෙස කටයුතු කරන බවත් පොලීසිය කියයි.
බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය පිපිරීම් දක්නට ඇතැයි වාර්තා වේ. පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව ඉල්ලීමක් කරති. මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර ඇත.එය උසින් අඩි 400ක් ලෙස දැක්වේ. සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කර ගනිමිනි. මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි. මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්…
පාතාලයට හොර පාස්පෝට් හැදුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මත්දව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් දෙදෙනකුට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ජාතික හඳුණුම්පත් හා ගුවන් ගමන් බලපත්‍ර එකිනෙකට වෙනස් බව ද පොලිසිය කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රෝහණ ප්‍රේමරත්න මහතගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ තිබේ. පාලනයේ විනිශ්චය හෙවත් government Diagnostic යන සංකල්පය යථාවත් කර ගැනීම සඳහා මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන් සහ මහා බැංකු ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාග වී ඇත. පළමු පියවර ලෙස අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම,විනිවිද භාවයෙන් යුතු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු 14ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය…
කාන්තාවන්ට මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා කරන්නේ ඔවුන් දේශපාලන වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන භාණ්ඩ සඳහා නොවේ යැයි ජාතික ජනබලවෙිගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලන්ඩනයේදී පැවසුවා ය. සමස්තයක් ලෙස ප්‍රචණ්ඩ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඊට අලුත් අර්ථයක් දිය යුතු බව කී ඇය ඒ සදහා සුදුසුම තැන මාලිමාව යැයිද කීවාය. ලන්ඩන් නුවර පැවති ජාතික ජනබලවෙිගයේ කාන්තා සමුළුව අමතමින් ආචාර්ය අමරසූරිය මහත්මිය එම අදහස් පළකළාය.