Author: LANKA24X7

දීපවාලි උත්සවය වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබා දෙන උත්සව දීමනාව රුපියල් දස දහකින් ඉහල දමා ඇතැයි පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. රාජ්‍ය වැවිලි සමාගමේ (SPC), ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) යටතේ පාලනය වනු ලබන වතු සමාගම් වල සේවකයින්ට මෙම උත්සව දීමනාව ලබා දීමට නියමිතය. මීට පෙර වර්ෂ වල රුපියල් දස දහසක් වූ දීපවාලි උත්සව අත්තිකාරම මෙම වර්ෂයේ විසිදහසක් වනු ඇතැයි අමාත්‍යංශය පවසයි.ජීවන වියදමට සහනයක් දීමේ අපේක්ෂාවෙන් රජය මෙම පියවර ගත් බව අමාත්‍යංශ ලේකම් බී.කේ ප්‍රහාත් චන්ද්‍ර කීර්ති මහතා පැවසීය. දීපවාලී උත්සවය හෙට( 31) දිනට යෙදී ඇත.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. අද දින මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස්පති කාර්යාලය ඇතුළු සියලු පොලිස් ස්ථාන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව තිබෙන අතර අද දිනයට අමතරව අදාල කාර්යාල සදහා නොවැම්බර් 4 වන දිනද ඒ සඳහා අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. අද පැවැත්වෙන තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 1000 ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇතැයි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත ඊයේ (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදීම සිදු කළහ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා සදහන් කර සිටියේ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය මගින් මුදල් ලබාදීම ආදිය සිදු කරමින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් සදහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සියලු අපේක්ෂකයින් වෙනුවෙන් නීතිය සාධාරණව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමින් පැමිණිල්ල බාරදීම සිදු කළ බවත්ය.

Read More

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය විසින් ඊයේ (29) පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකි . ඇය වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගෘහ සේවිකාවකි . ඇය ඊයේ (29 ) උදෑසන 08.38 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , සියලුම ගුවන් මගීන් , තම…

Read More

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී ඊයේ (29) පැවසීය. රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත්කොට අදාල වැටුප් වැඩි කළේ අදාළ නිලධාරීන් සියලුම දෙනා සමග සාකච්ඡා කොට කැබිනට් අනුමැතිය ලබාගෙන විධිමත් අයුරින් බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට අදාළ කැබිනට් තීරණය සහ අමාත්‍ය මණ්ඩල සංදේශය ද උදය ආර්.සෙනවිරත්න කමිටුව පත් කිරීම පිළිබඳ ලේඛනය ද මාධ්‍යයට නිකුත් කළේය. රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ලබා දීමට ආණ්ඩුවට හොඳටම හැකියාව තිබෙන බව බව කී හිටපු ජනාධිපතිවරයා…

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනය, එම දිනය ප්‍රකාශ කළ ආකාරය ඇතුළුව මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට බාරදී ඇත. පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.කොමිසම මෙම විස්තර වාර්තාව නීතිපතිවරයාට බාරදී ඇත්තේ ඒ අනුවය. මැතිවරණ කොමිෂන් සභාව දුන් වාර්තාව පදනම් කරගෙන ලබන 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ෙමහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට…

Read More

ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ ක⁣ළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ කොළඹදී පැවසුවාය. කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා පැවති ජනරැළියක් අමතමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කිවාය. අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා. අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා. අවුරුදු 75 ක් තිස්සේ, නිහඩව සිටි පිරිසක් කලබල වීමට පටන් අරගෙන. පාස්කු…

Read More

මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. මෝටර් වාහන හිස් පොත් 12ක් අස්ථානගත වී ඇති බවට වෙළඳ වාහන පැවරුම් අංශයේ නිලධාරිනියක එම පැමිණිල්ල සිදුකර ඇත. අස්ථානගත වූ පොත්වල අංකයන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර පිළිවෙලින් තිබෙන අංක එම පොත්වල සඳහන්ව ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. එම පොත් කහ පාටින් මුද්‍රණය කළ පොත් බවට වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි. වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක අලුතින් මුද්‍රණය කරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 1000 ක් තබා තිබී ඇති අතර ඒ අතරින්…

Read More

අනියම් පෙම්වතිය බස් රථයෙන් තල්ලු කොට බරපතල තුවාල සිදුකළ බව කියන අනියම් පෙම්වතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතරක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය. ඔහුගේ අනියම් පෙම්වතිය බව කියන පලුගස් වැව හොරිවිල කාන්තාව තුවාල ලබා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි. පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකින් මෙම අනියම් පෙම්වතුන් දෙදෙනා පොළොන්නරුවෙන් බස් රථයට ගොඩ වී තිබෙන බවත් දෙදෙනා අතර බස් රථයෙන් එන අතරතුරක් බහින්බස්වීමක් ඇතිවී මෙම අනතුර සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

Read More

ගැබ්ගෙල පිළිකා සදහා ලබාදෙන එන්නත විදීමෙන් පසු වාද්දුවේ විදුහලක සිසුවියන් සිව්නෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය . මෙසේ රෝහල් ගතකර ඇත්ත් වයස අවුරුදු 11 – 12 ත් අතර වියේ පසුවන සිසුවියන් බව සදහන් වේ. රෝහල් ගතකල සිසුවියන් සිව්දෙනා වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Read More