Author: LANKA24X7

පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් ඊයේ (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයෙක් පැවසීය. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාර ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක්ද සොයාගත් බව පොලිසිය සඳහන්කළේය. මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී පසුගිය (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය පැවසීය. එම නිවැසියන් විසින් සැකකාරිය…

Read More

කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් රුපියල් පහළොවකට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය. තම වකුකඩුව රුපියල් ලක්ෂ පහළොවකට ලබාදි බිරිඳ වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර මහත්මිය ගෙන්වා ගැනීමට මෙලෙස වකුගඩුව ලබාදීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර සිටින්නේ මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර යන තිදරු පියෙකි. 2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් ඇති අතර ඇය හදිසියේ එරටේ නිවසේ සේවය…

Read More

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබිණි. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර දී ඇති අතර, ඉදිරියටද ශ්‍රී…

Read More

අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇතිකරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙයි. ඊයේ (18) දිනයේත් දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තාවූ අතර එය සෙල්සියල් අංශක 38.5කි. 1884 වසරෙන් පසු ගෝලීය වශයෙන් වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූ වසර 10 පසුගිය දශක දෙක ඇතුළත වාර්තාවී තිබේ. ගෝලීයව සිදුවන පාරිසරික හානිය මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මෙලෙස පාරිසරික උස්ණත්වය ඉහළ යාමෙන් වීදි සුනඛයින් ,ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබේ. නිවෙස්තුළ ඇතිකරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව සත්වවේදීන් පෙන්වා දෙයි. සුරතල් සතුන්ගේ…

Read More

දක්ෂණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (19) අලුයම එම අනතුර සිදුව තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2R හා 45.3R කණු අතරදීය. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනයවූ කන්ටේනර් රථයක පිටුපස ගැටී එම අනතුර සිදුව තිබිණි. අනතුරින් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එක් තරුණයෙක් මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ, නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සුහද ස්ථාන මාරු පමණක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. “දැන් ආණ්ඩුකාරතුමා කිව්වේ, පළමුවෙන්ම mutual transferවලට ඉඩ දෙනවා. කැමති කැමති අයට ලබාදෙනවා. දෙවැනි එක මාරුවීම් ඉල්ලුම් කරලා තියෙන අයට පුරප්පාඩු තියෙන තැන්වලට යන්නත් සර්කල් එකක් නේ තියෙන්නේ. ඒක කැමති නම් ඒකට ඉඩ දෙනවා.…

Read More

හබරාදූව පොලිස් වසමේ ජංගල් බීච් වෙරළ තීරයේ ගලක් මත හිඳගෙන සිටි පිරිමි ළමයෙකු සහ ගැහැනු ළමයෙකු රළ පහරට ගසා ගෙන ගොස් ඇත. ප්‍රදේශවාසීන් විසින් ගසාගෙන යමින් සිටි ගැහැනු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා මේ වනවිට අතුරුදන් වී ඇත. ඊයේ (18) එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. අතුරදන්වූ ළමයා වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිට 17 හැවිරිදි අයෙකි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය. රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක…

Read More

කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල සේවය කරන ඇතැම් නිලධාරින්ට හරක් කටාගෙන් මුදල් සහ වෙනත් ආකාරවලින් විශාල තෑගි ප්‍රමාණයක් ලැබී ඇති බව මීට පෙර වාර්තා විය. මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට මීට පෙර ස්ථාන මාරුවක්…

Read More

රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. ළමුන් හැර රැඳවියන් ප්‍රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබු කොන්දේසියද උල්ලංගණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණීළ්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත

Read More