Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් ඊයේ (06) රාත්රියේ ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක ඇතුළු සිව් දෙනකු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51 ත් අතර වයසේ පසුවන කාන්තාවක්, තරුණයන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකි. මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේම පදිංචි මෙම දෙපිරිස අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රත්නපුර ,ගාල්ල, සහ කළුතර දිස්ත්රික්කවලට සවස් කාලයේ දී හෝ රාත්රි කාලයේදී ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරනු විට ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබගරමුව, මධ්යම, වයඹ, දකුණු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මිදුම් තත්වයක් පැවතිය හැකිය.
රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළේ දී අද (06) අලුයම පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුන් නිට්ටඹුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ. 42 හැවිරිදි කාන්තාව මෙම දුම්වැටි මෙරටට ගෙන ඒම සඳහා පැමිණි ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්යයේ , සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය පවසයි. සැකකාර කාන්තාව අද අලුයම 12.00 ට ඩුබායි සිටත් සහ පිරිමි පුද්ගලයා අලුයම 04.40 ට සජා නුවර සිටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු…
දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස 5 වන දා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 19ක් වාර්තා වී තිබේ. අද (06) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ ඉන් සිද්ධීන් 12ක් සංවිධානාත්මක කල්ලි විසින් සිදුකර ඇති බවය. ඉතිරි සිදුවීම් 7 යම් යම් පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම් බව ද ඒ මහතා පැවසීය. කෙසේ නමුත් මෙම වෙඩිතැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ශ්රී ලංකා පොලීසිය විසින් සැකකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩිතැබීම් සඳහා භාවිත කළ ටී 56 ගිනිඅවි 6ක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය. එමෙන්ම…
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජයන් ගණනාවකදී අමාත්ය දුර දරා ඇති හිටපු අමාත්යවරයෙකුගේ එවකට සම්බන්ධීකරණ ලේකම් වරයෙකු මෙන්ම කළුතර ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපති වරයෙකු බව පොලිසිය කීය. කළුතර ප්රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස් හන්දිය ගාලුපාරේ පෙරේදා දහවල් ගැටුමක් සිදුව ඇති අතර, එය සමතයකට පත් කිරීමට යාමෙන් පසු සැකකාර හිටපු අමාත්ය ලේකම් වරයා ඇතුළු පිරිස පහරදීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ. පහර කෑමක් හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කළුතර…
කැලණිය ප්රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් ද සිල්වා මහතා බත්තරමුල්ල පැලවත්ත ඊයේ රාත්රී අත්අඩංගුවට ගත්හ ප්රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි
තුරුක්කනාමඩු ප්රදේශයේ කුඹුරු ඉඩමකට වගා හානි වන්දි මුදල් ලබාදීමට අවශ්ය කටයුතු සිදුකිරීම සදහා රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සංවර්ධන නිලධාරියෙක් ඊයේ (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන්දාරුමුලෛ ගොවිජන සේවා මධ්යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකි.
පිටකොටුව රෙක්ලමේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පිටකොටුව පොලිසිය කියයි. ගින්න පළමු මහලේ සිට සිව්වන මහල දක්වා පැතිර ගොස් ඇතැයි ද පොලිසිය සඳහන්කරයි. .ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් , කොටුව උප ඒකකයෙක් ගිනි වෙන රථයක් , එම ගොඩනැගිල්ලේ ඇතුළත පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන් ගලවා ගැනීම සඳහා අවශ්ය උපකරණ සවි කරන ලද රථයක්ද එම ස්ථානයට යොමු කළ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ප්රකාශකයෙක් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්රයේ තිරසාර දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. බලශක්ති සංරක්ෂණය පිළිබඳවද මෙහිදී කතාබහට ලක් විය. අඛණ්ඩව බලශක්ති සැපයුම් පවත්වා ගැනීම හා බලශක්ති ක්ෂේත්රයට අදාළ වර්තමාන හා අනාගත අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි, බලශක්ති අමාත්යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල, මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
