Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමකි. උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් ම විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගෙන ඇති ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු,උතුරු – මැද නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.ෙ බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර,පුත්තලම,යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි. ඝාතනය වී ඇත්තේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ රන්න කැලණිගම පදිංචිව සිටි අයෙකු හා කුඩා වැල්ලේ පදිංචිව සිටි කාන්තාවකි. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මොවුන් දෙදෙනා ඝාතනය කොට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. සැකකාර කොස්තාපල්වරයා සන්තකයේ තිබී මිලිගෑම් 150 ප්‍රමාණයේ මත් කරල් 5 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාට ඊයේ (6) සවස හයේ සිට පසු දින උදෑසන හය දක්වා පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි. සැකකරු එම රාජකාරියට වාර්තා නොකර අවසර නොලබා ස්ථානයෙන් බැහැරව ගොස් සිට නැවතත් පොලිස් ස්ථාන වෙත පැමිණීමේ දී පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අබියස දී රාත්‍රී 11 ට පමණ පරික්ෂා කිරීමේදී සැකකරු සතුව මෙම මත්කරල් තිබී සොයාගෙන ඇත.
දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ. එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශිය නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 මැගසිනයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශ්ව අතර පවතින ගැටුම්කාරි තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මීට පෙරද මෙම කණ්ඩායම් අතර ඝාතන කිහිපයක්ම සිදු ව තිබේ.
සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය හා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු විය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලු දෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ. ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය…
මාදම්පිටිය කුණු කන්දේ තිබී මෙරට නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හමුවී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. එම ගිනි ගිනි අවිය මලකඩ පැහැයෙන් යුක්ත බව පොලිසිය සඳහන් කරයි. කැලණිය පොලිසි විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට එම ස්ථානයෙන් යමින් සිටි පුද්ගලයකු මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරකට අනුව ගිනි අවිය සොයාගෙන ඇත. එම ගිනි අවිය කිසියම් පුද්ගලයකුයි එම ස්ථානයට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ. ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. එමෙන්ම පස්සර කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යාමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් ඉවත් කර ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය පියවර ගෙන තිබේ. මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු කන්තලේ ප්‍රදේශයේ පදිංචි , ඩුබායි හි වසර තුන හමාරක කාළයක් විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 48 හැවිරිදි අයෙකි . ඔහු අද අලුයම 05.20 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ රෙදි සේදුම් කුඩු , චොකලට් සහ සුවද විළවුන්…
කීරී සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. නාඩු වී වැඩියෙන් වගා කර ඇති නමුත් කීරි සම්බා වගා කර ඇත්තේ ඉතා අඩුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය. මේ ප්‍රශ්නය මැද පාලන මිලක් නියම කිරීමෙන් විශාල අර්බුදයක් මතුවුණු බව පෙන්වා දෙන සිරිසේන මහතා පාලන මිල ඉවත් කිරීම නොකිරීම රජයට අයිති කාර්යයක් බවද සඳහන් කළේය.
