Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, 2014 – 2022 කාලයේ දී ණය ගැනීමට සිදුවුයේ, ලංවිම වියදම් අනුමත කළද , ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයට නියාමක නිලධාරීන් කටයුතු නොකළ නිසා බවය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පැවති ක්‍රමවේදයට අනුකූලව, 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම්ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 – 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සළකා, 6% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින්…
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන බවය. “ඩොලර් උත්පාදනයේ ප්‍රධානම ක්ෂේත්‍රයක් තමයි විදෙස් ප්‍රේෂණ. එතැනදි දැනට කොරියාවේ සේවය කරන 28,000ක්- 30,000ක් අතර වන විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ලබා දෙන මුදල් අතිශය වැදගත්. ඒ සඳහා රජය මැදිහත්ව විදේශ සේවා කාර්යාංශය සමග එක්ව යම් නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයක් මෙතෙක් දියත් කරමින් සිටියා. ඒක තමයි E9 වීසා ක්‍රමවේදය. නමුත් මේ E8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් දන්නේ නැති, විදේශ…
ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වන මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන එන ලද යෝජනාවට අදාළවය. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය. ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වූ වියදම්, ණය සේවා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අතුරු සම්මත ගිණුම සකස් කිරීමට අනුමැතිය හිමිව ඇත. එමෙන්ම ඊයේ (25) හවස පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදි මෙම අතුරු සම්මත ගිණුම විවාදයට ගැනීම සඳහා දින නියම කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 5 සහ…
දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (25) රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. එමෙන්ම මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කොරාලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පක්කමම් හා වැලිකන්ද ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර…
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (25) අලුයම් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි. දෙපාර්ශවයක් අතර පැවති අමනාපයක් මත ඝාතනය සිදුව ඇති අතර මරණකරු නිවසේ සිටියදී තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිසක් නිවසට ඇතුළු වී මරණකරු සමග සිටි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය සිදුකර මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අපරාධය සඳහා භාවිතා කළ කඩු 02ක් සහ මන්නා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්…
LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බවය. කෙසේවෙතත් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමට උතුරේ ජනතාවට බාධාවක් නොමැති බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. “නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක්…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. තවද එම සංවිධානය පැවසුවේ අයහපත් කාළගුණයත් සමග කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්ව සිටින ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසය. අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ බදුල්ල දිස්ත්‍රික්කය – මීගහකිවුල, පස්සර, හාලිඇල සහ බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කය – දෙල්තොට, ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපළාත, මාතර දිස්ත්‍රික්කය – විල්ගමුව, අඹන්ගඟ කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරක්කෙත, වලපනේ. අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර…
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි. 2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ජනතාවට තම ගැටළු විසඳා ගැනීම සඳහා විෂය බාර අමාත්‍යවරයා , අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බව අමාත්‍යාංශය පවසයි. අද පැවැත්වූ මහජන දිනය සඳහා ක්ෂුද්‍ර පරිමාණ – සුළු පරිමාණ – මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල…
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය විසින් ලබා ගනු ලැබූ ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් පළ කළ චීන උප අමාත්‍යවරිය මෙම ජයග්‍රහණවලින් පසුව ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන පරිවර්තනීය වෙනස්කම් ඇගයීමට ලක් කරන බව කීවාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට චීනය සූදානම් බව ද උප අමාත්‍යවරිය ප්‍රමුඛ නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ…
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ, එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු, ඉතිහාසයේ පළමු වතාවට, කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (25) පස්වරුවේ පැමිණ තිබුණි . මෙම ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසකි . මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සදහා ඉකුත් මාර්තු…
