Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ඊයේ (10)තීරණය කළේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම කමිටුව රැස්විය. වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි . අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල…
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය. රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ. අනූපම මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටිනුවර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ පදියතලාව පාර පදිංචි රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කල 31 හැවිරිදි පොලිස් කොස්තාපලවරයකු යැයි පොලිසිය කීය . මොහු කලක් මානසික රෝගි තත්ත්වයකින් පෙලෙමින් සිට ප්‍රතිකාර ලබා පසුගිය 7වන දින නිවසට පැමිණ ඇති අතර මොහු ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය . මෙම පොලිස් කොස්තාපලවරයා මීටපෙර වාකරේ පොලිසිය ට අනියුක්තව රාජකාරි කටයුතු කරමින් සිටියදී 2023 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය…
සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය. ඩුබායි රාජයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවඒ මහතා කීය.2024 වර්ෂයේදී නාන්නේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඒ සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රිය සාද් නමැත්තාට විදේශ ගමන් තහනමක් මෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් පනවා තිබූ අතර ඒ අනුව ඔහුට ඊයේ ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක්…
රටේ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කථානායකවරයාගේ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බවද එම පක්ෂය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය. සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන බවත් හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බවත් ඔහු චෝදනා ක රයි. නාමල් රාජපක්ෂ මහතා කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කර ඇති අතර එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන…
පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය පැවසුවේ අද සහ හෙට දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවය. ඒ අනුව පස්වරු 3.30 සහ 09.30 අතර සමස්ත දිවයිනම ආවරණය පරිදි මෙම කප්පාදුව සිදුවු ඇත. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.65 ක් ලෙසිනි. පසුගිය පෙබරවාරි 05 වනදා මෙම අගය රු. 299.14 ක් දක්වා ඉහළ ගිය අතර එතැන් පටන් මේ දක්වා ඩොලරයේ මිල ක්‍රමිකව පහළ බසින අයුරු නිරීක්ෂණය කළ හැකිය. මීට අමතරව, ඔස්ට්‍රේලියන් ඩොලරයේ ගැනුම් මිල රු. 181.70 ක් හා විකුණුම් මිල රු. 190.95 ක් ලෙසින් වාර්තා විය.
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී අද (10) අලුයම සිදුවූ මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ. අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගිය අතර, තුවාල ලැබූ 34 දෙනෙක් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. අද අලුයම 5.10ට පමණ මාරක රිය අනතුරක් සිදුව තිබුණේ කුරුණෑගල නගරයට කිලෝමීටර 6ක් පමණ එපිටින් පිහිටි දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදීය. මාර්ග අංක 48 යටතේ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබීයදී ඊට පිටුපසින් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක් එහි ගැටී ඇත. එම බස් රථය මාදුරුඔය සිට කොළඹ දක්වා අධික වේගයෙන්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (10) තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේය. ඊයේ (09) උදෑසන 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය. මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය. විදුලි බල…
