Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. මේ අතර එම දිස්ත්‍රික්කයේම තවත් ප්‍රාදේශීය රෝහල් හයක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ජල ගැලීම්වලින් බලපෑම් ලක්ව ඇතැයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ජී.එම්. කොස්තා මහතා පැවසීය . ජල ගැලීමට ලක් වූ කවටමුනෙයි හා කාන්කේයන් ඔඩෙයි යන ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක හා චෙට්ටි පාලයන් යන ප්‍රාදේශීය රෝහල වසා දැමුණු අතර චෙට්ටි පලයන් ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් වෙනත් රෝහලකට මාරු කර යැවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීහ . මේ අතර ගංවතුරට බලපෑමට ලක් වූ මණ්ඩුර්, ඕලුගාමම්, මහිලඩිතිව්, මණ්ඩපතඩි, නාවක්කාඩු, පාලමින් මඩු…
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය දිස්ත්‍රික්ක 24 කට බලපා ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් පවුල් 132,071කට අයත් 441373ක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්වය හේතුවෙන් නිවාස 99කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 2082 කට අර්ධ හානි සිදුව තිබේ. මේ වනවිට පුවුල් 12054 කට අයත් 37863 ක් ආරක්ෂිත ස්ථාන 338 ක රඳවා ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් අම්පාර, යාපනය, මන්නාරම,මුලතිව්,…
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය. පෙරදාතමින් යුතුව තම උසස් වීම් ක්‍රියාත්මක කිරීමට නියම කරන්නැයි ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ දිලීප් නවාස් යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීණ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඇතුළු 30 දෙනෙකු…
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතය සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වෙති. එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේ රත්න මහතා පැවසීය පළාත් පහළ මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසක් රජයෙන් දැනටමත් ඉල්ලීම් කර ඇත. පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ ද මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මැතිවරණය…
සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක…
කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පැවසීය. ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ගමන්ගන්නා වාහන පදවන්නන් මේ පිළිබඳ විශේෂ අවදානයක් යොමුකරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දක්වා ඇත. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ආපදා කලමනාකරණ අංශවලින් ඉල්ලා සිටියි.
වත්මන් රජය ද ඉන්දියාව සමග සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ. මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ ද සංචාරයක නිරතව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නගරයේ පිහිටා ඇති පැරණි බලකොටුව ඇතුළු රජ මාලිගා කිහිපයක් ද නැරඹීමට එක්ව ඇත. ඉන්ඩෝර් නගරය සැලකෙන්නේ ඉන්දියාවේ පිරිසිඳු නගර ශ්‍රේණිගත කිරීම අනුව එරට පිරිසිඳුම නගරය ලෙසය.
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29) පස්වරුව දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර එයින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 24 කට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ . ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, හල්දුම්මුල්ල, වැලිමඩ, ඇල්ල, සොරණාතොට, කන්දකැටිය, ඌව පරණගම, හපුතලේ සහ බදුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු නිවේදනයද බණ්ඩාරවෙල, මීගහකිවුල, පස්සර සහ හාලිඇල යන ප්‍රාදේශියලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ…
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ. මෙම කහ තොගයේ වටිනාකම රුපියල් ලකරකක්ෂ 40 ක් පමණ වෙතැයි පාරිභෝගික අධිකාරිය පවසයි. සැපයුම්කරු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිවීම සහ කිසිදු තොරතුරක් සදහන් කිරීමකින් තොරව වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී කහ තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. මෙම කහ තොගය ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව මේ සම්බන්ධව පසුව සිදු කළ පරීක්ෂණයේදි අනාවරණය වූ බව එම නිලධාරියා සදහන් කළේය.
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි. නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව සමඟ එම මාර්ගයට පස් කන්ද සහ ගස් කඩා වැටී ඇති බවත්, විදුලි රැහන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට තිබේ.
