Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආණ්ඩුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. පාර්ලිමේතුවේ කාන්තා සංසඳයේ පළමු මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ (6) එසේ සඳහන් කළාය.
වෘත්තීය සමිති මර්දනය කිරීම හෝ වෘත්තීය අයිවාසිකම් කප්පාදු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්තවය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති සමග කොළඹදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. ගුණාත්තමක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීම සදහා වත්තමන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවලට සහාය දෙන්නැයි අමාත්‍යවරයා එහිදී වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් ද කළේය.
ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි දැරිවියක් බව පොලීසිය පවසයි. මාකෙවිට ප්‍රදේශයේ නිවසක් ඉදිකරනු ලබන පෙදරේරුවෙකු , ඉදිකරනු ලබන එම නිවසෙහි සිය බිරිඳ සහ දියණිය සමග වාසය කොට ඇති අතර දැරියගේ මව ඇගළුම් කම්හලක සේවය බවත් සැමියා විසින් මත් ද්‍රව්‍ය ගැනීම සඳහා ඇයගේ රන් මාලය උකස් කිරීම මත එය බේරා ගැනීමට මව, දියණියට ලබාදී ඇති මුදල් ඉල්ලා පහරදීමේදී දැරිය වැටී මියගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය…
නැගෙනහිර ප්‍රදේශයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා කාලගුණට යම් බලපෑමක් ඇති කිරීමේ හැකියාව පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා ලබන අඟහරුවා දා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම තරංගකාරී තත්වය නිසා දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වන ඇති බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු ව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ යතුරුපැදියක් මාර ගසක ගැටී දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ නෑහින්න ප්‍රදේශයේ පදිංචිව සිටී අසංක සුජිත් අනුර කුමාර සහ සුබ්‍රමනියම් පද්මරාජා නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය. මෘතදේහය දෙක විල්පාත ප්‍රාදේශීය රෝහලේ සහ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. දොඩංගොඩ නෑහින්න කැටගහේන ප්‍රදේශයේ දී බෑවුම් මාර්ගයක් සහිත ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි. දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මෙලෙස හිතුමතේ ප්‍රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්තිවී ඇතැයි රජයට පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර ඊට අදාළ යෝජනා ජනවාරි 31 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත. මේ අනුව විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්‍රමවේදය ඉතා කඩිනමින් වෙනස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. එකම සහ සමාන විෂයන් වෙනුවෙන්…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අණාවරණය විය. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගම පසුගිය නඩු වාරයේ අධිකරණ ලබාදුන් අවසරය අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අවසර දීම සම්බන්ධව එවකට කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවාවන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර…
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති. සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සදහා පනවා ඇති රුපියල් 65 ක් බද්ද රුපියල් 40 දක්වා අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ඔවුන් ආනයන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් සහල් ගෙන්වා කිලෝවක් රුපියල් 180 ත් 185 අතර මිලකට ජනතාවට ලබාදීමට හැකි බවත් පවසයි. රටේ පවතින සහල් හිගය දිනෙන් දින උග්‍ර වන බවත් සදහන් කරන ආනයනකරුවන් මේ වනවිට පිටකොටුව තොග වෙළෙදපොලේ ඇත්තේ දින කිහිපයකට ප්‍රමාණවත්…
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි විය. මේ වනවිට එම කෙසෙල් ගෙඩිය සහිත කලා නිර්මාණය මිලදී ගත් චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායක ජස්ටින් සන් එය කෑමට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ජස්ටින් සන් කෙසෙල් ගෙඩිය කෑමට ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම කලා නිර්මාණය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ “කමීඩියන්” නැමැති කලා නිර්මාණය ලෙස සැලකෙයි. තමන් මෙම කලා නිර්මාණය මිලදී ගත්තේ, එම අද්විතීය කලා නිර්මාණයේ…
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා ඊයේ (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. . රත්නපුර හපුගස්තැන්න,රිල්හේන, සමරකන්ද, ඇන්දාන , කහවත්ත ඇතුළු වතු ආශ්‍රිතව නිවාස රැසකටම තඳ වර්ෂාව සහ තඳ සුළං සමග හානියට පත්ව තිබුණ. මෙිි අතර විශාල වතු ජනතාවක් ආපදා වලට ලක්ව පිඩාවට පත්ව සිටිය. මෙිි අතර නාය අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරිම සදහා කටයුතු කරන බව ද එහිදී අමාත්‍ය වරයා ජනතාවට පොරොන්දු වු අතර පිඩාවට පත්ව සිටින ජනතාවට…
