Author: LANKA24X7

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩිතබා ගැනීමේ සිදුවීම් 42 ක් වාර්තා වී තිබෙන බවත්, මීට අදාළව සැකකරුවන් 94ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම වෙඩිතබා ගැනීමේ සිදුවීම සඳහා භාවිත කළ ටී පනස්හය ගිනිඅවි තුනක් හා පිස්තෝල ගිනිඅවි 03ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. මේ වසරේ ගෙවීගිය මාස හතරක කාලය තුළදී සිදු කළ මෙහෙයුම්වලදී ටී පනස්හය ගිනි අවි 11ක් ඇතුළුව ස්වයංක්‍රීය ගිනිඅවි තිස්නවයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පැවසීය. වාර්තා වන අපරාධ විසඳීම හා අපරාධ වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය. මේ වසරේ ගෙවීගිය කාලය තුළ…

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියක් මුල්කරගෙන එම සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ සිසුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් 6 දෙනා ද මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් ඊයේ බලංගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නවක වද සිද්ධියට අදාළව සබරගමුව විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ 3 වන වසර ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රීයේ දී ද තවත් සිසුන් 4 දෙනෙකු සමනලවැව පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා.

Read More

ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අද (7) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වසර 20කට ආසන්න කාලයකට පසු ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Read More

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත. ආදිවාසීන් කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසරදී ඇත. පොරව කර මත තබාගෙන ගමන් කිරීම ආදීවාසී ජන සම්ප්‍රදායේ මූලිකාංගයක් ලෙස සැලකේ.

Read More

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියයි. මෙම ඝාතනය සැඟවීම සඳහා ඊයේ (05) රාත්‍රියේ සිට අද උදෑසන දක්වා මෙම පුතා සැලසුම් සකස් කර ඇති අතර ඒ සඳහා අසල්වැසි ඥාති කාන්තාවකගෙන් උදව් ඉල්ලිමේන් පසු එම නිවැසියන් මේ පිළිබඳව පොලීසියට දන්වා තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මකුළුගස්වැව හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි සමන් ප්‍රියන්ත පනස් තුන් හැවිරිදි දෙදරූපියකි. මෙම නිවසේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ පහර දුන් බව කියන පුතා ජීවත්ව සිටි බව මකුළුගස්වැව පොලිසිය කියයි. පියා ඝාතනය කළ බවට සැක කරන පුතා අත්අඩංගුවට ගත් බව මකුළුගස්වැව පොලීසිය…

Read More

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම ඉකිලි වැව පදිංචිව සිටි හේවා ඇඹිත්තගේ සිතෙව් තනුල්ය නමැති සිව් හැවිරිදි දරුවෙකි. මියගිය දරුවා සිය පියා සමඟ පියාගේ සහෝදරියගේ නිවසට මීට දින කීපයකට ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි. එම සහෝදරයා සහ සහෝදරිය ඔවුන්ගේ කුඩා දරුවන් සමග විනෝද වීම සඳහා මෙම නිවාඩු නිකේතනය සඳහා පැමිණ කුඩා දරුවන්ට වෙන් වූ පිහිනුම් තටාකයේ ඔවුන්ට විනෝද වීම සඳහා ඉඩ හැර ඔවුන් මඳක් ඈතට වන්නට සිට ඇතැයි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත.

Read More

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් තවත් එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ආධාරකරුවන් ද සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතර, පසුගිය මාර්තු මස 5 වන දා සිට අද දක්වා වු කාලය දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 55ක් වන අතර ආධාරකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අදාළ සමස්ත කාලය තුළ පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 47කි. මේ අතර, මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 128ක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති…

Read More

අඹන්පොල පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ නෙළුම්පත්වැව හන්දිය අසලදී පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා දිව ගිය කුඩා දැරියකගේ ගැටී අනතුරක් සිදුව තිබේ. ඊයේ (05) සවස් කාලයේ අනතුර සිදුව ඇති අතර, අනතුරින් දැරිය බරපතළ තුවාල ලැබූ දැරිය අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය දැරිය වයස අවුරුදු 08 ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය අඹන්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

බුදුන් වහන්සේගේ පූජනීය ආභාරණ විකිණීම වහාම නතර කර කෞතක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හී සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. 1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මුතු, මැණික්, නිල් මැණික්, රත්‍රං ඇතුළු අභාරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබීය. මෙම භාණ්ඩ හෙට (07) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත අතර සොතෙබි සමාගම විසින් ඒවායේ වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු සංස්කෘතික අමාත්‍යංශය පැවසුවේ වෙන්දේසිය පිළිබඳ තොරතුරු රැස් කර ඇති අතර අදාළ වෙන්දේසි සමාගම…

Read More

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට සැකකරන බවත් සිද්ධිය පිළිබඳව ආයතන මටට්ටමින් පළමු පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. මෙම මරණය යම් පහරදීමක් හේතුවෙන් සිදුවූවක් යැයි අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇති බව ද එම මහතා සඳහන් කළේය. වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා යොදවා ඇති බවත් අගුණුකොළපැලැස්ස පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා කීය. අගුණුකොළපැලැස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය අදාල ස්ථානීය පරීක්ෂණය කළ බව ඔහු සඳහන් කළේය. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට…

Read More