Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. මෙම තත්වය හේතුවෙන් රෝගීන්ට පෞද්ගලික පරීක්‍ෂණාගාරවලින් මුදල් ගෙවා රුධිර පරීක්‍ෂණ වාර්තා ගෙන ඒමට සිදුව ඇති බවත් රුධිර පරීක්‍ෂණ නතර වීමෙන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවත් වෘත්තිය සමිති කියයි. රුධිර පරීක්‍ෂණ නැවත ආරම්භ කරන දිනයක් අදාල බලධාරීන් ප්‍රකාශ නොකරන බව කී වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම තත්වය හේතුවෙන් අසරණ රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කළහ. මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ…
රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවම වැටුප නිවේදනය කරන බව ද සඳහන් කළේය. අවම වැටුප් නිර්ණය කිරීමේ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී අදාල යෝජනාවට එකඟතාවය ගෙන ඇතැයි ද හාම්පුතුන්ගේ සංගමය මෙන්ම වෘත්තීය සමිති අදාල කාරණා සම්බන්ධයෙන් එකඟතාවයෙන් වැඩ කරන බවද අමාත්‍යවරයා කීය.
තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් පවසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති නමුත් සිය වෙළඳසැල් ඉවත් කිරීමට හේතුව නිශ්චිතව දක්වා නොමැති බව වෙළෙඳසැල් හිමියන් පවසයි. මේ සම්බන්ධයෙන් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළඳසැල් සංගමයේ වෙළෙඳුන් අද (07) මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
උපත ලබා දින 7ක් වන නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. රාගම ප්‍රදේශයේ කාන්තාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය සිදුකළ විමර්ශනයකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. එසේම එම කාන්තාවගෙන් දරුවන් මිලට ගත් රාගම ප්‍රදේශයේ කාන්තාවක් සහ කැලණිය ප්‍රදේශයේ කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා සහ නිවුන් දරුවන් අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ. පසුව සිදුකළ සොයා බැලීමක දී එම කුටියේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කෙලෙස එම කූඩුවට ඇතුළු වූයේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සදහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.
එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත. ‘ජී7’ කණ්ඩායමේ ලෝක බලවතකු ද වන ඉතාලිය, මෙසේ තීරණය කළේ චීනය සමඟ ගිවිසුම් අත්සන් කර සිවු වසරක් ගතවෙද්දීය. පසුගිය කාලය පුරාවට ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජේර්ජියා මොලෝනීගේ රජය මේ බව පවසා තිබුණු අතර, එය නිල වශයෙන් චීනයට දැනුම් දීම ඊයේ (6) සිදුවිය.
ඖෂධ 156 ක මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බවත් තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (6) පැවසීය. ඒ අනුව ජනවාරි වන විට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති වියහැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඒ මහතා කීය.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 207 වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පස්වරුවේ සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද පහක් පමණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එම වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පැවසුවේ දෙමළ ජාතික මහජන සන්ධානයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය. බුද්ධ ශාසන සහ සංස්කෘතික, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා විවාදයට ගැනිණ. සෙසු වැය ශීර්ෂ ඊයේ පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මතවිය.
අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය (5) රත්මලාන ගුවන් හමුදා කඳවුරට රැගෙන එනු ලැබීය. මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුද අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලැබේ. එමෙන්ම මෙම ගුවන්යානාවලට දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශ රටවලට ද පියාසර කිරීමේ හැකියාව ඇත. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය…
ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ජපානයට යාමට සූදානම්ව සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ දහම් ඉඳුවර අත්තනායක ශිෂ්‍යයාට පාසල් සිසුන් 20 දෙනකුට අධික පිරිසක් පහර දීම නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි. මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවකුය. මෙම පාසලේ 10 වසර පන්ති හතරක් පැවැත්වෙන අතර ඉන් පන්ති 2කම සිසුන් මෙම සිසුවාට පහර දී ඇති බව පැවසේ. පාසලේ මෙම 10 වසර පන්ති අතර කාලයක් තිස්සේ ගැටුමක් පවතින බවත් පාසල් පරිපාලනය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති නිසා එය විසඳී නොමැති බවද පාසලේ දෙමාපියෝ පවසති. රෝහල්ගත කර ඇති සිසුවා 10 වසර…