Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ දී අද පැවසීය. මෙවන විට භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර එම තීන්දු ලංකාවේ අපනයන වලටද යම් අහිතකර තත්ත්වයක් ඇතිවන බව ජනාධිපතිවරයා කීය. එය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ ගනිමින් සිටින අතර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය. අර්බුදය විසඳා ගැනීමට මෙන්ම ඊට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් සිටින බව කී ජනාධිපතිවරයා ලංකා ආර්ථිකය යළි අර්බුදයට ලක් නොවන අයුරින් හැසිරවීමට සැලසුම් සකස් කරන බව ද…
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන අහලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. එම අවස්ථාවේදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල පොලිසි ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත. මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය. මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලය. ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට යළි පණ දීම සිදු කළේ උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටින බැවිනි. වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත්…
අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම නැවත ගම්බිම් සිට කොළඹ බලා එන ජනතාව ඉලක්ක කර ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමතර බස් සේවා හා දුම්රිය ගමන් සේවා ක්‍රියාත්මක කර තිබේ. අප්‍රේල් මස 09 දා සිට 21 දා තෙක් මෙම අමතර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
තවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට කඩිනමින් සම්පාදනය කෙරෙමින් පවතී. ශ්‍රී දළදා මාලිගාව මහනුවර මහ නගර සභාව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ඒ සඳහා පුරෝගාමී වී කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප්නිලංග දෑල මහතා පවසා සිටියේ සිරි දළදා දැක්මට පැමිණෙන බැතිමතුන් 35,000කට දළදා දැක්ම පැවැත්වෙන දින 10 පුරා දෛනිකව ආහාර ලබාදීමේ දන්සලක් ශ්‍රී දළදා මාලිගාවේ දායකත්වයෙන් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවයි. මහනුවර මහ නගර සභාවේනාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පවසා සිටියේ බැතිමතුන්ට අවශ්‍යවන පොදු පහසුකම් හා සනීපාරක්ෂක කටයුතු…
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබේ.
පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිලි 9ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (06) දිනය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. බැණ තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මතුගම, බදුරලිය, අලුත්ගම ,කළුතර දකුණ, මුල්ලේරියාව,කැලණිය සහ රාගම යන පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය. යතුරුපැදි පෙළපාළි පැවැත්විම, ජල ව්‍යාපෘතියක් මඟින් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම, දන්සල් පැවැත්වීම, නීති විරෝධි ලෙස පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය යනාදිය සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අල්ලස් කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අප්‍රේල් 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.
ලංකා ධිවර සංස්ථාව විසින් චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි කිරිම හේතුවෙන් සංස්ථාවට රුපියල් 476,166,162ක් අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. චක්‍රලේඛයක් මගින් ණයට මසුන් අලෙවි කිරිම වහාම අත්හිටුවිමට උපදෙස් ලබාදි තිබිය දි සංස්ථාව විසින් චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත පසුගිය වසර තුල දි ( 2024.05.31 දිනට) ණයට මසුන් අලෙවි කිරිම වෙනුවෙන් මෙකි ණය මුදල අයවිමට ඇත චක්‍ර ලේඛයේ උපදෙස් අනුව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ විධායකයන් හා මෙහෙයුම්…
මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. “ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි හදනවා ගමේ. ලොකු ලොකු ගැටුම් තියෙනවා. ඒවා සමාලෝචනය කරගන්න අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. මේකේ කවුද ඉන්නේ ? ගමේ ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් මේක ගයිඩ්…
