Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවය. මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද අමාත්‍යවරයා මෙහිදි කරුණු අනාවරණය කරනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවය. “අදත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ…
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව විපක්ෂය සෙවීමට උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසාවෙන් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ පෙර පැවැති රජයන්වල මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්ගේ සොයන ලද්දේ දූෂණ වංචා බවය. “අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ කොලෆිකේෂන් ගැන පුදුම උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. මෙතන ඉන්න අපි බොහෝ දෙනෙක්ගේ කොලෆිකේෂන් ගැන හොයනවා, සෙටිෆිකේට්ස් ඉල්ලනවා. අරක ඉල්ලනනවා… මේක ඉල්ලනවා. පුදුම උනන්දුවක් දක්වනවා. අපි එක අතකින් සතුටු වෙනවා ඉස්සර මේ අමාත්‍යවරුන්, ආණ්ඩු අයගේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නෙමේනේ හෙව්වේ. හොරකම් ගැන හෙව්වේ. අපේ හොරකම් ගැන හොයන්න බැහැනේ ඉතිං ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන මෙච්චර උනන්දුවක්…
කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. නව කතානායකවරයා මෙසේද කීය. මා කතානායක ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම සුභපැතුම් එක්කළ සැමට මගේ ස්තුතිය පළ කර සිටිනවා. ජනතා අභිලාෂ හා අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කිව යුතුයි. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ස්ථාවර නියෝග වල විවිධාන මෙන්ම පූර්වගාමී කතානායකවරුන්ගේ තීන්දු හා සම්ප්‍රදායන් පරිචයන් වලට අනුගත වෙමින් පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා…
මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු , එයින් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් තිබුණි . ඔවුන් ඔවුන් එම කදවුරෙන් මුදා ගෙන තායිලන්තය වෙත රැගෙන විත් , එරට බැංකොක් නුවර ගුවන් තොටුපොළේ සිට ඊයේ (16) පස්වරු 04.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මේ සදහා මුල් වී ක්‍රියා කළ මාළිගාවිළ අස්සජි හිමියන් ද මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය. අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය. කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා නොකෙරිණි.
ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි. තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බව මෙඩිසන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසයි. වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පාසලට වහා පැමිණෙද්දී, වෙඩි තැබීම කළ තැනැත්තා මියගොස් සිටි බව පොලිස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද වන විට දිවයිනට නැගෙනහිර දෙසින් පිහිිටා ඇති අතර එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරිප පැය 48 තුළ දී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් තමිල්නාඩ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේහවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. උතුරු නැගෙනහිර, උතුරු – මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු , නැගෙනහිර,උතුරු – මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති විය හැකියි. සෙස ප්‍රදේශවල සවස්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කර ගනු ලැබිණ. සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා , කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි , නවීන තාක්ෂණයෙන් යුතු , ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිතා කරන , 04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා , අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයෝ දෙදෙනෙක් දිවයිනට පැමිණියහ . අන් ජින්සොක් ( An Jinseok) සහ සොන්ග් ජේ හෝ ( Song Jae Ho ) එම ආයෝජකයන් දෙදෙනා වන අතර , ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා පවතින බව ගුවන් තොටුපොළේ දී අනාවරණය කළේය . මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම…
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . මෙම ප්‍රථම මංගල ගුවන් ගමනට ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ . මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
