Author: LANKA24X7

වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේ දින කිහිපයකට සිට ගල් ප්‍රහාර එල්ලකල බව කියන තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින තරුණයන් පිරිසකි. දින කිහිපයක සිට වාද්දුව පොලිස් වසමට අයත් වාද්දුව තල්පිටිය මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේදී ගල් ගසමින් ජනතාව භීතියට සහ කෝපයට පත් කරන බවට වාද්දුව පොලිසියට ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. එම තත්ත්වය පිළිබඳව වාද්දුව පොලීසිය හා ප්‍රදේශවාසී ජනතාව මුළු රාත්‍රිය පුරාම එම නිවාස වලට ගල් ගසන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර ඊයේ රාත්‍රි ප්‍රදේශයේ වහල්වලට නැග සැගව…

Read More

2028 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ, 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවය. එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ජනාධිපතිවරයා දැඩි විශ්වාසයෙන් මෙහිදී පැවසීය.

Read More

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පැවසීය. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. “එයත් එක්ක ගොඩනැගුන කර්මාන්තයක් තියෙනවා. ව්‍යවසායකයින් ඉන්නවා. ඒ නිසා දීර්ඝ කාලයක් මෙම වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නෑ.” ඒ අනුව කාණ්ඩ තුනකින් වාහන ආනයනයට අවසර දීමට රජය සැලසුම් කර ඇති බව ජනපතිවරයා පැවසීය. “මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීමට 2024.12.14 සිට විවෘත කරලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය…

Read More

වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවය. “අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි. සාමාන්‍ය ජනතාවත් පොහොර දාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ. පොහොර නැවක් ආවා පහුගිය කාලයේ කැබිනට් එකේ කතා කරලා ඒ පොහොර නැවෙන් භාගයක් පොල් වගාවට ලබාදෙන්න අපි තීරණය කළා.” ලබන වසර වන විට දැනට පවතින පොල් අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වනු ඇති බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා…

Read More

යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි. මේවන විට රෝගීන් 89 දෙනෙකු නිශ්චිතව හඳුනාගෙන ඇතැයිද , හඳුනා නොගත් රෝගීන්ද තවත් උතුරු පලාතේ රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටිය හැකි බවටද සෞඛ්‍ය කාර්යාලය කියයි. ගෙවී ගිය මාසයකට ආසන්න කාලය තුලදී මී උණ රෝගීන් 89 දෙනා හඳුනාගත් අතරම මේ වන විටත් පේදුරුතුඩුව රෝහලේ රෝගීන් 21 දෙනෙකු සහ යපනය ශික්ෂණ රෝහලේ රෝගීන් 11 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම ගෙවී ගිය පැය 24 ක කාලය තුලදී පේදුරුතුඩුව රෝහලට මී උණ වැළඳුනු රෝගීන් 9 දෙනෙකු සහ යපනය රෝහලට රෝගීන් 4 දෙනෙකු ඇතුලු වී…

Read More

මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (17) පස්වරුවේ නිවේදනය කළේය. පසුගිය වසරේ (2023) තෙවැනි කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් සටහන් වූ මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ (2024) තෙවැනි කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා වර්ධනය වී ඇති බවත් කෘෂිකාර්මික කටයුතු සියයට 3.0 කින් ද, , කර්මාන්ත කටයුතු සියයට 10.8 කින් ද, සේවා කටයුතු සියයට 2.6 කින් ද, වර්ධනය වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙ⁣නෙවිය හමුවූවාය. බොයොන්ග් මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම…

Read More

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණතරමක තද සුළං ඇතිවිය හැක.

Read More

හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි. විදේශ ගතව සිටින තවත් ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවද මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

Read More

ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයට එක්වූ අතර එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා රැසකට එක් විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරයට එක් වූහ.

Read More