Author: LANKA24X7

2025 වසරේ මුල් මාස 11 තුළ විදේස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 7197ක් ලැබී ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 20.7%ක වර්ධනයක් බවයි අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරන්නේ.

Read More

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඊට සාමාජිකයන් 9දෙනෙක් ඇතුළත් වන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ. ආපදා හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ සමස්ත හානිය තක්සේරු කර සති 02ක් ඇතුළත වාර්තාවක් ලබාදීමටද නියමිත බවයි සඳහන් වන්නේ.

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මෙරට ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන ලද සහාය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය පවසයි. ඊයේ (19) උදෑසන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය හමුවූ අවස්ථාවේදී ඒ බව සඳහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවට‍ෙ සමගාමීව මෙම හමුව සිදුවිය. මෙම හමුවේ දී දෙරට අතර අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික සහ සෞඛ්‍ය සහයෝගීතාව මෙන්ම ඉදිරි වසරවල දී දෙරට අතර පවතින සහයෝගීතාව තවත් ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාව සහ…

Read More

‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ ගමන් අරඹනු ලැබීය. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය. මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ ‘දිට්වා’ ආපදාවෙන් දින 23කට පසුවය. ඒ අනුව අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Read More

ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ භූකම්පනයක් සිදුව තිබේ. රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූකම්පනය ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවය.

Read More

‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබේ. මෙහිදී සූරියප්පෙරුම මහතා පවසා සිටියේ උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43කින්…

Read More

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවය. මේ සම්බන්ධයෙන් විදිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ දැක්වෙයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අද දෙරණ සිදුකළ…

Read More

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ‘119’ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද මෙම දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ලබා දෙමින් එය අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන අතර මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරිම තුලින්…

Read More

මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක්, පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ. මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස තුනක් 3කට පූර්ණ හානි සිදු ව ඇති බව ද වාර්තා වේ. එමෙන්ම තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සිදුව ඇති නිසා ප්‍රදේශයේ නිවාස හා මාර්ගවලට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බව සඳහන් වේ. මෙම හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම…

Read More

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. හිංසාවට ලක්වූ වනඅලියා සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටියේය. අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මරණයට පත්ව ඇති බවට නියගමනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42,…

Read More