Author: LANKA24X7

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ව පවසයි. මෙම ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්අපේක්ෂා කෙරේ. ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

Read More

කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස මඟින් සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගේ අනාවරණය වූ තොරතුරු මත මෙම  වැටලීම සිදුකර ඇති බවය. සැකකරුගෙන් ලද තොරතුරු අනුව පුද්ගලික කුරියර් සේවාවක් මඟින් විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 599 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 409 ක් සොයාගෙන තිබේ. විමර්ශන නිලධාරීන් රේගු භාරයේ තිබියදී මෙම මත්ද්‍රවය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

Read More

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය අද දින පැවැත්වීමට නියමිතය. සජීවී විකාශය පහතින් නරඹන්න..

Read More

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පැය 08ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය දැනුම් දෙයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම්කරමින් කෙළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියෝගයක් නිකුත් කළේය. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති. ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. ඒ අනුව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත. අප වාර්තාකරු පැවසුවේ සෙසු විත්තිකරුවන් 09දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණු බවය. වරදකරුවන් වූ 15දෙනා සම්බන්ධයෙන්වන දඬුවම අද (22) දිනයේ ප්‍රකාශයට…

Read More

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය මේ වන විට සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබා දීමට රජය විසින් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවය. ඒ අනුව මේ සඳහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එසේ වෙතත් එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද පැවසූ අමාත්‍යවරයා රජය සෑම විටම…

Read More

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය මේ වන විට සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඉහළ ගොස් ඇති ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිලෙහි බර ජනතාව මත පැටවීමකින් තොරව සහනාධාරයක් ලබා දීමට රජය විසින් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවය. ඒ අනුව මේ සඳහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යමින් පවතින ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එසේ වෙතත් එම සහනාධාරය කොපමණද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද පැවසූ අමාත්‍යවරයා රජය සෑම විටම…

Read More

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර තිබේ. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව වාර්තා වෙයි. 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද දිනයේ මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ…

Read More

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද, එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි. මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර…

Read More

අනතුරුව එම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී, අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා සිටියේය. එහිදී අනෝජන් සිවරාසාට තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබාදී තිබූ වේලාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සිටියේය. ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයාටද එම අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමඟ දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවුණි.

Read More