Author: LANKA24X7

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද (12) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත. සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

Read More

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් සඳහා නව දුම්රියක් ධාවනයට අද (12) සිට ධාවනයට එක් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය කරන බැවින් මීට සමගාමීව මෙම දුම්රිය ධාවනය කරන බවය. ඒ අනුව පොල්ගහවෙල – පේරාදෙණිය අතර දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා අද දින සිට දිනපතා මෙම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය. එබැවින් එම මුහුදු ප්‍රදේශවල සිය කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.…

Read More

දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව, ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (11)  නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක් වෙමින් ජනාධිපතිවරා මේ බව පැවසීය. එලෙසම නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බවද ජනපති මෙහිදී පැවසීය. මේ අතර, වර්තමානය වන විට ලංකාව තුළ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත්, රාජ්‍ය සේවය තුළ සිදුවන එවැනි නීතිවිරෝධී ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Read More

නේපාලයේ ගෝර්කා ප්‍රදේශයේ ඇතිව ඇති ගංවතුර තත්ත්වයෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කරනුයේ නේපාලයේ මධ්‍යම කලාපයට අයත් ගෝර්කා දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටින බව දැනුම් දී ඇති බව. අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නිරන්තරයෙන් දැනුම් දීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය. එමෙන්ම, අදාළ ප්‍රදේශ වෙත ගමන් කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම්දීම් තානාපති කාර්යාලය නිකුත් කර ඇති බවද අමාත්‍යාංශය පැවසීය. නේපාලයෙ ගොර්කා…

Read More

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනට කඩුගන්නාවෙන් ආරම්භ කරනු ලැබීය. අද ආරම්භ වූ මෙම පාගමන කෑගල්ල නගරය දක්වා පැමිණීමට නියමිතය. ඊයේ (10) දළඳා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ නිදහසේ පාද යාත්‍රාව ඊයේ කඩුගන්නාව දක්වා ගමන් කරමින් එහි පළමු දිනය නිමා කරනු ලැබීය. සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව නමින් එය ආරම්භ කෙරිණි. අද දිනයේදී කෑගල්ල නගරය වෙත පැමිණීමෙන් අනතුරුව එහි දෙවැනි දිනය නිමාවීමට නියමිත අතර තෙවැනි දිනය ලෙස හෙට (12) දිනයේදී කෑගල්ල සිට වරකාපොල දක්වා ගමන් කිරීමටද නියමිතය.

Read More

රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක අමෙරිකාව විසින් තාවකාලිකව ලිහිල් කර තිබේ. එළඹෙන මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ඇති කරගත් විශේෂ එකඟතාවක් මත මෙම තීරණයට එළැඹ ඇත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (09) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම…

Read More

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කිරීමට අදාළව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය. ඒ අනුව අදාළ සාකච්ඡාව අද පස්වරු 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

Read More

කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවල ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඉන්දීය රජය වෙනුවෙන් එරට නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන බවත්, ඉන්දීය ධීවරයන් සම්බන්ධ ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳීමට කටයුතු කරන බවත්ය. කෙසේ වෙතත්, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ගනු ලබන තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බල කළ නොහැකි බවද ඉන්දීය නීතිපතිවරයා සඳහන් කර තිබේ. 1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සහ 1976 ගිවිසුම මඟින් ශ්‍රී…

Read More