Author: LANKA24X7

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ අනුව තීරණය කරගත් පරිදි හෙට උදෑසන හතට වර්ජනය ආරම්භ කරන බවයි ඔහු සඳහන්කර සිටියේ.

Read More

මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් අප රුපියල් මිලියන 12ක් වෙන් කර තිබෙනවා. මෙවර ජාතික වෙසක් උත්සවය තිබෙන්නේ නුවරඑළියේ.”කලණ මිතුරන් ඇසුරු කරන්න” යන්න මෙවර වෙසක් උත්සවයේ ජාතික තේමාවයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Read More

වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “වන සත්ව සංගණනය ගැන අද කතා කරන්න වෙනවා. ඒ සංගණනය විධිමත් විය යුතුය.මේ සංගණනයේ විධිමත් බවක් අප දකින්නේ නෑ.බහුවිද රාජ්‍ය ආයතන ඒකාබද්ධ වී මෙය කළ යුතුයි. ඒ නිසා මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග නෑ .ඒවා විහිළුවට ලක්වන්නේ සංගණන සංගණනය කිරීමේ ක්‍රම අවිධිමත් ලෙස ඉදිරිපත් කරන විටයි.නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම් දත්ත කේන්ද්‍රීයව එය කළ යුතුයි.නමුත් විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

Read More

මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය. කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය. මැදපෙරදිග ගෘහ සේවයේ සිටින කාන්තාවන් අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය එවන කණ්ඩායමක්. අපි ඒ කණ්ඩායම හොදින් රැකබලා ගන්න ඕන. ඒ අයගේ සුභසාධනය උපරිමයෙන් සැලසීම රජයක වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ සඳහා ලොකු වැඩ කොටසක් පැවරෙනවා. මැදපෙරදිග සේවය කරන අපේ කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා රජයට යෝජනා කරනවා.

Read More

පසුගිය දා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජබොස්ලේන් ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (15) අලුයම මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) රාත්‍රියේ දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන තරුණයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් සන්තකයේ තිබී අපරාධයට යොදා ගත් බවට සැකකරන මන්නා පිහි 02ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමට පැමිණි හයදෙනකු හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක් නිසා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මේ පිළිබඳව රෝහලේ උසස් නිලධාරියකුගේ කළ විමසීමක දී සඳහන් කළේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බවය. මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වයිරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ එම්.ආර්. අයි පර්යේෂණාගාර වෙත යවා ඇති බවද ඔහු…

Read More

බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කර ඇති හෙයින් එවැනි කොමිසමකට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට කිසිදු බලයක් නැති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය. කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ පනත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බවද ඔහු කීවේය. 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත්කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පවත්වා අදාල පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය. කෙසේ වෙතත්…

Read More

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. තමාගේ කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය. මහා බැංකු මුදල් වංචා සොයා බැලීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකන් ආයතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ කොමිෂන් සභාවල වාර්තා ක්‍රියාත්මක කිරීම හොඳ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එතනින් එහාට රාජකාරී පැවරී ඇත්තේ අමාත්‍යවරුන්ට බවද සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත. මේ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීහු වෙන්දේසි කළ යුතු වාහන සම්බන්ධයෙන් එම කාර්යාලයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිති. මේ අතර සභානායක කාර්යාලයට අයත් වාහන දෙකක් පළමුවෙන්ම වෙන්දේසි කෙරෙන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. මෙසේ වෙන්දේසි කෙරෙන්නේ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී 8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි. පාර්ලිමේන්තුවේ තවත් අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු වාහන කිහිපයක් පවතින අතර ඒවාද ඉදිරි දිනවල වෙන්දේසි කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු සතුව බස් රථ ඇතුළුව වාහන සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතී.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.

Read More