Author: LANKA24X7

මතුගම‍, ලිහිනියාව ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට තවත් බස්රථයක පිරිසක් විසින් පහරදී තිබේ. කොළඹ සිට නෙළුව බලා ධාවනය වූ බස් රථයකට අද (18) පෙරවරු 7.40ට පමණ මෙම පහරදීම සිදුකර ඇත්තේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ බස් රථයක රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසක් විසින් බවට වාර්තා වෙයි. එහිදී තුවාල ලැබූ බස් රථයේ රියදුරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. නෙළුව බලා ධාවනය වූ බස් රථයට හොරවල ප්‍රදේශයේදී මගියෙකු නංවා ගැනීම සම්බන්ධයෙන් එම බස් රථය පිටුපසින් පැමිණි මතුගම සිට අවිත්තාව බලා ධාවනය වූ බස් රථයේ රියදුරු බැණ තර්ජනය කර තිබූ බව වාර්තා වෙයි. පසුව එම බස් රථයේ රියදුරු එම අවස්තාවේ අවිත්තාව…

Read More

වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් රුපියල් 50,000 අල්ල් මුදලක් ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ මර්දන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැටුවාන රජයේ නිල නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටින 55 හැවිරිදි තක්සේරු නිලධාරිනියකි. තක්සේරු වාර්තාවකට ගෙවිය යුතු මුද්දර ගාස්තුව අඩුවන පදිරි තක්සේරු වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් සැකකාර නිලධාරිනිය මෙම රුපියල් 50,000 අල්ලස් මුදල ඊයේ (17) හවස ලබාගෙන ඇති බව සඳහන් වේ. වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මෙම තක්සේරු නිලධාරීනිය මෙන්ම තවත් තක්සේරු නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ ආකාරයෙන්ම ලේඛනවල වටිනාකම වෙනස් කර මුද්දර ගාස්තු අඩුකර තක්සේරු වාර්තා සකසා දීම සඳහා දිගින් දිගටම කටයුතු කරන බවටත්, මෙලෙස අල්ලස් ගැනීම…

Read More

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය. මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිදිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, ප්ලේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Read More

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබ ඇත. 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන තුළ දැනට බලපවත්නා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ප්‍රතිලාභ පහත සඳහන් පරිදි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.…

Read More

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම් වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම් වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන් සඳහා පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී: * 2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියන් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා. * කන්න රැස්වීම් වලදී තීරණය කරනු ලබන…

Read More

ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7කින් ඉහළ යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වෙනවා.

Read More

කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි . මෙහිදී පහරකැමට ලක්ව ඇත්තේ කලුතර කටුකුරුන්ද මොහිදීන් ජුම්මා දේවස්ථානයේ මව්ලවි තුමන් බව සදහන් වේ. සැකකරු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් මව්ලවි තුමා සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව පහරදි ඇති බවත් පැවසේ. පහරකෑමට ලක්වූ මව්ලවි තුමා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. සැකකරු කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බවත්, ඔහු ප්‍රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය කීය.

Read More

මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංඟසිංහ මහතා (17) නියම කළේය. කඳානේ සමරනායක නැමැති සමාගමේ අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි. 2016,2017 හා 2019 වසර සඳහා නොගෙවා පැහැර හැරී බදු මුදල් ගෙවන ලෙසට පහුගිය මැයි මස 6 වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර තිබූ අතර එම නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රිසාඩ් අමීන්…

Read More

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දෙන බවද විමල් වීරවංශ මහතා කීය. තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට අදහස් කර තිබෙන බව කී විමල් වීරවංශ මහතා තම පක්‍ෂයේ සහ පක්ෂයේ නොවන පුද්ගලයන්ගෙන් සමන්විතව එම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වන බව පැවසීය. ජාතික නිදහස් පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙනම මුද්‍රාවක් තබන බවද වීරවංශ මහතා කීය.

Read More