Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. අද (18), හෙට (19), අනිද්දා (20) හා 21 දා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ.ඉදිපොලගේ මහතා පැවසීය. ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සහ කන්කසන්තුරේ සිට කොළඹ බලා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි. මේ වන විට නිකුත් කොට තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාල තොරතුරු ද සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පළාත් පාලන ඡන්දයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කරන සභාවලට ආණ්ඩුවේ ප්‍රතිපාදන මත යැපෙන්නට අවශ්‍ය නැති බවත් එම සභාවලට සේවය කිරීමේ වගකීම තම පක්ෂය භාරගන්නා බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණයේදී සමග ජන බලවේගය ජයග්‍රහණය කිරීමට ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා පැවසීය. ආණ්ඩුවේ මුදල් මත යැපෙන්නේ නැතිව ජනතාවට සේවයක් කිරීමට සමග ජන බලවේගය සූදානම් බවද ඔහු කීවේය ජනාධිපතිවරයාගේ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
උතුරු මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීම සඳහා වහා සියලු පියවර ගන්නා ලෙස නාවික හමුදාවට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරමේ ජන රැළියකදී අද පැවසීය. නීති විරෝධී ලෙස මසුන් අල්ලන බෝට්ටු මෙරට මුහුදු සීමාවට පැමිණීම නතර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කළ බව කී ජනාධිපතිවරයා ලාංකික මුහුද අයිති වන්නේ ලාංකික ජනතාවට බැවින් එම ප්‍රශ්න වහා විසඳීමට කටයුතු කරන බව සඳහන් කළේය. අදාල නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු නතර කිරීමේ වගකීම නාවික හමුදාවට බාර දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මන්නාරම සහ රාමේශ්වරන් අතර බෝට්ටු සේවය යළි ඇරඹීම සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡා…
වාහන ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය එම කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය. මෙම මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. අපේ ගමේ ගොවීන් දෙදෙනෙක් වී විකුණා වෑන් එකක් සහ ටැක්ටරයක් ගත් බවද ඔහු සඳහන් කළේය පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බවද ඔහු කීවේය. ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. බරපතල තත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුලු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලටද මාරුකර යැවූ බව හැටන් පොලිසිය සඳහන් කළේය. මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ ( 16) රාත්‍රීයේදී හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරයේදීය. බස් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා වන විට නැවත සක්‍රීය කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (16) පැවසීය. විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්විමට තවත් දින හතරක් හෝ පහක් ගතවනු ඇති බව කී විමලරත්න මහතා ඉන් පසුව ඉන්ධන බලාගර සක්‍රීය කිරීම පිළිබඳව අවදානය යොමු කරන බව ද සඳහන් කළේය. උත්සව සමයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම අත්හිටුවා සෙසු ජනන යන්ත්‍ර අඩු ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ බවත් එම වාසිය වහළය මත…
